යොවුන් දස්කම් මැද පාසල් 4කට පූර්ණ ජයග්‍රහණ

255

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (28) සාර්ථකව අවසන් වූ අතර, එහි දී ආනන්ද, සාන්ත තෝමස්, ත්‍රිත්ව හා ධර්මාශෝක යන විද්‍යාල පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

තර්ස්ටන් විද්‍යාලයට පූර්ණ ජයක්; තවත් යොවුන් දස්කම් රැසක්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරග රැසක්ම දිවයින පුරා විසිරුණු ක්‍රීඩාංගණ කිහිපයක දී අදත් (27) පැවැත්විය. සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ…

ආනන්ද විද්‍යාලය හා සහිරා විද්‍යාලය

ආනන්ද විද්‍යාලයට කඩුලු 8ක ජයක් හිමි වූ මෙම තරගය D කාණ්ඩයේ තරගයක් ලෙස සහිරා විදුහල් පිටියේ දී පැවැත්විය. කාසියේ වාසිය දිනූ ආනන්ද විද්‍යාලය පළමුව පන්දුවට පහරදෙන ලදි.

ආනන්ද නායක අසේල සිගේරා පිළිතුරු සහිරා ඉනිම තුළ කඩුලු 3ක් දවාලමින්, පළමු දිනය සඳහා තරගය නතර කරන විට, සහිරා ලකුණු පුවරුව ලකුණු 22කට කඩුලු 4ක් ලෙස සටහන් කළේය.

රිද්මික නිමේෂ් අගනා පිතිකරණයක නිරත වෙමින් ලකුණු 51*ක් ලබාගෙන සහිරා ඉනිම ලකුණු 99ක් දක්වා ගෙන ආ අතර, පන්දු යැවීමේ දී වමතින් පා දඟපන්දු යවන සිගේරා කඩුලු 3ක් දවාලන ලදි.

සහිරා දෙවන ඉනිම ලකුණු 181ක් බවට පත්කළ මොහොමඩ් රිෆාත් ලකුණු 42යි. ආනන්ද විද්‍යාලයේ දෙවන ඉනිමට ලකුණු 21ක් එක් කළ කවිඳු ගිම්හාන තරගයේ ජය තම විද්‍යාලය දෙසට පහසුවෙන්ම නතුකරගන්නා ලදි.

ආනන්ද විද්‍යාලය පළමු ඉනිම – 235/10 (50.4): කමේශ් නිර්මාල් 46, කනිශ්ක රන්තිලකගේ 41, කලණ විජේසිරි 31, මොහොමඩ් ආදිල් 5/65.

සහිරා විද්‍යාලය පළමු ඉනිම – 99/10 (38.4): රිද්මික නිමේෂ් 51*, අසේල සිගේරා 3/23.

සහිරා විද්‍යාලය දෙවන ඉනිම (F/O) – 181/10 (54.2): මොහොමඩ් රිෆාත් 42, මොහොමඩ් සාකි 38, මොහොමඩ් ශහදුල්ලා 27, රිද්මික නිමේෂ් 25, අසේල සිගේරා 7/46.

ආනන්ද විද්‍යාලය දෙවන ඉනිම – 46/2 (10.3): කවිඳු ගිම්හාන 21, මොහොමඩ් අධිල් 2/29.


රාජකීය විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය

රාජකීය පිටියේ දී අවසන් වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ රිච්මන්ඩ් විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, තරගයේ පළමු දිනය අවසන් වන විට රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 33ක් ලබාගෙන සිටින ලදි.

රිච්මන්ඩ් ඉනිම අර්ධ ශතකයකින් වර්ණවත් කළ අවිඳු තීක්ෂණ ලකුණු 57ක් ලබාගෙන සිය විදුහල් ඉනිම ලකුණු 165ක් දක්වා රැගෙන යන ලදි. තරුෂ රුක්ශාන් හා කමිල් මිශාර කඩුලු 3 බැගින් දවාලන ලදි.

පිළිතුරු ඉනිම දියත් කළ රාජකීය ඉනිමට කමිල් ලකුණු 88යි. තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.

රාජකීය විද්‍යාලය පළමු ඉනිම – 223/10 (81): කවිඳු මදරසිංහ 72, භාග්‍ය දිසානායක 63, තවීශ අභිෂේක් 4/22.

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම – 165/9 dec (51.2): අවිඳු තීක්ෂණ 57, විනුජ කිරිඇල්ල 26, විස්මිත විජේසිරි 23, තරුෂ රුක්ශාන් 3/25, කමිල් මිශාර 3/49.

රාජකීය විද්‍යාලය දෙවන ඉනිම – 196/4 (53.2): කමිල් මිශාර 88, ගයාන් දිසානායක 60, භාග්‍ය දිසානායක 24, තවීශ අභිශේක් 3 /50.

වෙළඳසේවා කඩුලු සංග්‍රාමයේ රණ ශූරයෝ කවුරුන් ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් බිමේ පෙරළිකාරයන් සහ කෝඩුකාරයන් තම බලය හා ජවය එකට එක්කොට සටන් වදින වෙළඳසේවා A කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි අවසන් මහා තරගය මේ ඉරිදා…


සාන්ත තෝමස් විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය

සාන්ත තෝමස් පිටියේ දී කාසියේ වාසිය දිනූ මලියදේව විද්‍යාලය පළමුව පන්දු රකින ලදි. මෙම තරගයෙන් සාන්ත තෝමස් විද්‍යාලයට කඩුලු 9ක දැවැන්ත ජයක් හිමි විය.

දිනය ආරම්භ වන විට නැවතත් පිතිකරණයේ නිරත වූ මලියදේව විද්‍යාලය, සිය දෙවන ඉනිමට කිසිවෙකු නොදැවී ලකුණු 16ක් ලබාගෙන සිටින ලදි.

දෙවන දිනයේ සවස් භාගය වන විට, මලියදේව ඉනිම ලකුණු 198කට සීමා කිරීමට ඩෙලෝන් පීරිස් ඇතුළු සාන්ත තෝමස් ක්‍රීඩකයින‍්ට හැකි විය. එහි දී වමතින් පා දඟපන්දු යවන ඩෙලෝන් කඩුලු 6ක් දවා ගන්නා ලදි.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – 225/9 dec (62.4): ඩෙලෝන් පීරිස් 40, මන්තිල විජේසිංහ 22, දුලාජ් රණතුංග 4/28, සංජීවන් ප්‍රියදර්ශන 3/62.

මලියදේව විද්‍යාලය පළමු ඉනිම – 81/10 (30.5): දුලාජ් රණතුංග 30, ශැනොන් ප්‍රනාන්දු 3/03, ඩෙලෝන් පීරිස් 3/12.

මලියදේව විද්‍යාලය දෙවන ඉනිම  (F/O) – 198/10 (68.3): චලුක අතපත්තු 47, කවීන් බණ්ඩාර 38, දුලාජ් රණතුංග 31, ඩෙලෝන් පීරිස් 6/48.

සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉනිම – 60/1 (10.2): දුමිත් ගුණරත්න 26.

Can Captain Thisara Perera revive Sri Lanka in T20Is? – Pitiye Katha

Danushka Lakmal and Kosala Sureshchandra discusses the recent 5-0 defeat for Sri Lanka against Pakistan and the upcoming…


ත්‍රිත්ව විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

A කාණ්ඩයේ තරගයක් ලෙස කොටහේන බෙනඩික්ට් පිටියේ දී නිමා වූ මෙම තරගයේ, පළමු දිනය අවසන් වන විට කාසියේ වාසිය දිනූ සත්කාරක බෙනඩික්ට් විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 115ක් ලබාගෙන සිටියේය.

ඊයේ උදෑසනම සාන්ත බෙනඩික්ට් පළමු ඉනිම නිමාවට පත්වූ අතර, ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 160ක් පමණි. නිමේෂ් ප්‍රනාන්දු ලකුණු 31*යි.

විනෙත් ප්‍රනාන්දු සාන්ත බෙනඩික්ට් දෙවන ඉනිමට ලකුණු 36ක් එක්කරමින් ඉනිමක පරාජයෙන් සිය විද්‍යාලය මුදවාගෙන ලකුණු 131ක් දක්වා ඉනිම ගොඩනංවන ලදි. විමුක්ති නෙතුමල් කඩුලු 5ක් දවාලූ අතර, අවසානයේ දෙවන ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 31ක් ලබාගත් ත්‍රිත්ව විද්‍යාලයට ජය හිමි විය.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම – 261/10 (65.2): ට්‍රෙවෝන් වීරසූරිය 112*, පුබුදු බණ්ඩාර 58, හසින්ත ජයසූරිය 27, තිනාත් පෙරේරා 2/55, මහේෂ් තීක්ෂණ 2/60.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉනිම  –160/10 (47.5): නිමේෂ් ප්‍රනාන්දු 31*, මහේෂ් තීක්ෂණ 26, චමුක කුමාරසිංහ 2/25.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය දෙවන ඉනිම (F/O) – 131/10 (48.5): විනෙත් ප්‍රනාන්දු 36, තිසල් සිල්වා 26, විමුක්ති නෙතුමල් 5/58.

ත්‍රිත්ව විද්‍යාලය දෙවන ඉනිම – 31/2 (7.5):

පාකිස්තානය අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය උදුරා ගනියි

ඉතාමත් උණුසුම් අයුරින් ක්‍රියාත්මක වූ තියුණු සටනකින් අනතුරුව දෙවැනි විස්සයි විස්ස තරගයේත් ජයග්‍රහණය තහවුරු කර ගැනීමට අද (28) පාකිස්තානු කණ්ඩායමට හැකි විය. ඒ අනුව මේ වන විට…


ධර්මාශෝක විද්‍යාලය හා මොරටු මහා විද්‍යාලය

A කාණ්ඩයේ මෙම තරගය ලකුණු 210කින් ජය ගැනීමට ධර්මාශෝක විද්‍යාලය සමත් විය.

බලපිටියේ දී කාසියේ  වාසිය දිනාගත් මොරටු විද්‍යාලයේ ඇරයුමින් පිටියට අවතීර්ණ වූ ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් දකුණත් පිතිකරු කවිඳු නදීශාන්  ලකුණු 54ක් ලබාගන්නා ලදි. කවිඳු ධර්මාශෝක විද්‍යාලයේ ජයග්‍රහණයේ නියමුවා වෙමින් ඉනිම දෙක තුළම ලකුණු 88ක් ලබා ගන්නා ලදි.  ඊට අමතරව දකුණතින් පා දඟපන්දු යැවීමෙන් කඩුලු 9ක් ද දවා ගත්තේය.

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම – 214/10 (67.5): කවිඳු නදීශාන් 54, රශන්ත ද සිල්වා 39, නිමේෂ් මෙන්ඩිස් 29, සචින් සංගීත් 29, ශෙහාන් ජීවන්ත 3/10, .විරාජ් කනිශ්ක 3/16.

මොරටු මහා විද්‍යාලය පළමු ඉනිම – 134/10 (39.5): ශෙහාන් ජීවන්ත 40*, ජනිත් සෙව්මිත් 35, ලක්ෂිත මදූශ 25, කවිඳු නදීශාන් 5/54.

ධර්මාශෝක විද්‍යාලය දෙවන ඉනිම – 174/8 dec (39): නිමේෂ් මෙන්ඩිස් 42, සචින් සංගීත් 40, කවිඳු නදීශාන් 34, ශෙෂද නිජේන්ඳ්‍ර 3/21.

මොරටු මහා විද්‍යාලය දෙවන ඉනිම – 44/10 (21.2): කවිඳු නදීශාන් 4/14.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<