පළමු පෙළ කඩුලු 1000යේ සමාජයට තවත් ක්‍රීඩකයෙක්

250

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ Tier B ක්‍රිකට් තරගාවලියේ පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන වමතින් දඟ පන්දු යවන 42 හැවිරිදි දිනුක් හෙට්ටිආරච්චි තම පළමු පෙළ කඩුලු 1000 සම්පූර්ණ කිරීමට අද (23) දින සමත් විය.

පාකිස්තානුවන්ට එරෙහි වන ශ්‍රී ලංකා යොවුන් සංචිත නම් කරයි

පාකිස්තානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමඟ මේ මස 26 වැනිදා ආරම්භ වන තරගාවලියේ යොවුන් එක්දින ක්‍රිකට් තරග පහෙන් පළමු තරග තුන සඳහා තරග…

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජයට එරෙහිව කුරුණෑගලදී පැවැති තරගයේ ඔහු පළමු ඉනිමේදී ලකුණු 82කට කඩුලු 4ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 105කට කඩුලු 2ක්ද දවා ගනිමින් මෙම කඩඉමට පිවිසියේය.

තම 234 වැනි පළමු පෙළ තරගයට සහභාගී වූ දිනුක්, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයකට සහභාගී වී ඇත. ඔහුගේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය වූයේ 2001 වසරේ මාර්තු මස 15 වැනිදා එංගලන්ත කණ්ඩායමට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේදී ආරම්භ වූ ටෙස්ට් තරගයයි.

එම තරගයේදී ඔහු පළමු ඉනිමේ පන්දුවාර 24ක් යවමින් ලකුණු 36ක් ලබා දෙමින් කඩුලු 2ක් දවා ගත්තේය. දෙවැනි ඉනිමේදී පන්දුවාර 3ක් යැවූවද ඔහු කඩුලු ලබා ගැනීමට වාසනාවන්ත වූයේ නැත. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4කින් පරාජය වූ අතර තරගය දින තුනක දී නිමා විය. එම තරග පරාජයත් සමඟින් තරග 3කින් සමන්විත වූ තරගාවලිය 2-1ක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පරාජයට පත්වූහ.

කොළඹ ආන්නද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන දිනුක් හෙට්ටිආරච්චි පළමු පෙළ තරගාවලි නියෝජනය කරමින් බී. ආර්. සී., හලාවත මේරියන්ස්, සී. සී. සී., කෝල්ට්ස්, එස්. එස්. සී., සහ බස්නාහිර දකුණ කණ්ඩායම් ද නියෝජනය කර ඇත.


කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගය

කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් පිටියේදී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.

කාසියේ වාසිය දිනාගත් කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජයේ ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලකුණු 262ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පොලිස් ක්‍රීඩා සමාජය සියලුම දෙනා දැවී ලකුණු 439ක් රැස්කර ගත්තේය. එම ඉනිම වෙනුවෙන් 19 වියැති දකුණත් පිතිකරු නිශාන් මදුශ්ක පන්දු 241කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 143ක් ලබා ගත්තේය.

ලකුණු 177ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජයේ ක්‍රීඩකයෝ තරගය නිමාවන විට කඩුලු 9ක් දැවී ලකුණු 402ක් ලබා සිටියහ. එම ඉනිම වෙනුවෙන් 22 හැවිරිදි වමත් ආරම්භක පිතිකරු දමිත සිල්වා පන්දු 57කට මුහුණ දෙමින් හතරෙ පහර 14ක් සහ හයේ පහර 4ක් සමඟින් වේගවත් ලකුණු 106ක් රැස්කිරීමට සමත් විය.

තරගයේ කඩුලු ලබා ගැනීමේදී පොලිස් ක්‍රීඩා සමාජයේ මංජුල ජයවර්ධන ලකුණු කඩුලු 7ක් දවා ගනිමින් පන්දු යවන්නෙකු ලෙසින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ අතර පිතිකරුවෙකු ලෙසින් ද අර්ධ ශතකයක් රැස්කිරීමට සමත් විය.

කඩුලු 1000 වාර්තා කළ දිනුක් හෙට්ටිආරච්චිට එම තරගයේදී හිමිවූ කඩුලු සංඛ්‍යාව 6කි.

කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය: පළමු ඉනිම සියලු දෙනා දැවී 262 (74.2) දමිත පෙරේරා 36, දුලාජ් රණතුංග 54, කේශාන් වන්නිආරච්චි 33, අනුරුද්ධ රාජපක්ෂ 77, මංජුල ජයවර්ධන 4/75, දිනුක් හෙට්ටිආරච්චි 4/82

පොලිස් ක්‍රීඩා සමාජය: පළමු ඉනිම සියලු දෙනා දැවී 439 (116.2) සනත් රංජන් 22, නිශාන් මදුශ්ක 143, ගයික්වාඩ් කෙහෙරා 57, මහේෂ් ප්‍රියදර්ශන 81, මංජුල ජයවර්ධන 74, ලහිරු ජයරත්න 3/61, අනුරුද්ධ රාජපක්ෂ 4/103, රසාංජන ජයරත්න 2/67.

කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය: දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 402 (59.4) රසාංජන ජයරත්න 33, දමිත පෙරේරා 106, කේශාන් වන්නිආරච්චි 68, අනුරුද්ධ රාජපක්ෂ 34, රන්දීර රණසිංහ 83, ලහිරු ජයරත්න 33, මංජුල ජයවර්ධන 3/158, දිනුක් හෙට්ටිආරච්චි 2/105, සුජාන් මයුර 2/31.

මහේලට මෙවර ලෝක කුසලානයේ දී අලුත් තනතුරක්

2019 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වූ නිල සන්නාම තානාපතිවරුන් (Brand Ambassador) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය මගින් නම් කර තිබෙනවා.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ කළුතර ටවුන් සමාජය අතර තරගය

කළුතර, මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.

කාසියේ වාසිය දිනාගත් ගුවන් හමුදා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 335ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් 22 හැවිරිදි දකුණත් පිතිකරු සුමින්ද ලක්ෂාන් පන්දු 182කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 153ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී දකුණතින් පිට දඟපන්දු යවන පසිඳු මදුශාන් ලකුණු 100කට කඩුලු කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූයේය.

ගුවන් හමුදා ඉනිමට පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි කළුතර ටවුන් සමාජ ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 307ක් පමණි. ඔවුන්ගේ ඉනිම වෙනුවෙන් නායක නිලූෂාන් නෝනිස්, රවිඳු කොඩිතුවක්කු සහ සචිත ජයතිලක අර්ධ ශතක ලබා ගැනීම කැපී පෙනුනි. පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දැක්වූ සුමින්ද ලක්ෂාන් පන්දු යැවීමේදී ලකුණු 85කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 28ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 258ක් ලබා සිටියහ. එම ඉනිමේ දී නැවත වතාවක් ලකුණු අතරට පිවිසි සුමින්ද ලක්ෂාන් පන්දු 109කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 89ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය: පළමු ඉනිම සියලු දෙනා දැවී 335 (97.4) ලහිරු කුමාර 21, ඩී. ටී. ලියනගේ 26, චාමිකර හේවගේ 69, සුමින්ද ලක්ෂාන් 153, සචික උදාර 27, මාධව නිමේෂ් 2/34, පසිඳු මදුශාන් 5/100, ගීතාල් මාලින්ද 2/37.

කළුතර ටවුන් සමාජය: පළමු ඉනිම සියලු දෙනා දැවී 307 (91.4) රවිඳු කොඩිතුවක්කු 69, රන්මිත් ජයසේන 34, නිලූෂාන් නෝනිස් 85, සචිත ජයතිලක 52, සුමුදු සමීර නොදැවී 20, නිමේෂ මෙන්ඩිස් 4/75, සුමින්ද ලක්ෂාන් 5/85.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය: දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 258 (60.3) ලහිරු කුමාර 50, සුමින්ද ලක්ෂාන් 89, එම්. එස්. එස්. ජයසේකර 22, උදයවංශ පරාක්‍රම 63, ලක්ෂාන් ජයසිංහ 2/27.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<