Home Sinhala පබසර සහ ලක්ෂාන්, ධනංජයගේ ශතකයේ රැස් බාල කරයි

පබසර සහ ලක්ෂාන්, ධනංජයගේ ශතකයේ රැස් බාල කරයි

Dialog – SLC National Super League Limited Over Tournament 2022

4091

Dialog – SLC National Super League ක්‍රිකට් තරගාවලියේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (13) පැවති ගාල්ල සහ යාපනය කණ්ඩායම් අතර තරගයේ දී ගාලු කණ්ඩායමේ පබසර වඩුගේ සහ ධනංජය ලක්ෂාන්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන්, යාපනය ඉනිමේ ධනංජය ද සිල්වා රැස් කරන ලද ශතකය අපතේ ගියා.

යාපනය කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා තම කණ්ඩායමේ ඉනිම අවසන් වන විට පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 109ක් ලබා ගත්තා. එය ඔහු මෙම තරගාවලියේ වාර්තා කරන ලද දෙවැනි ශතකයයි. ඊට පෙර ඔහු ශතකයක් වාර්තා කළේ දඹුල්ල කණ්ඩායමට එරෙහිවයි.

පිළිතුරු ඉනිමේ දී පබසර වඩුගේ සහ ධනංජය ලක්ෂාන් අර්ධ ශතක ඉනිම් රැස් කරමින් තෙවැනි කඩුල්ල සඳහා නොදැවුණු ලකුණු 165ක සබඳතාවක් ගොඩ නගමින් තම කණ්ඩායම් ජයග්‍රහණය කරා රැගෙන ගියා. තරගය අවසන් වන විට ඔවුන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 8ක ජයග්‍රහණයක් වාර්තා කළා.

තරගාවලියේ 17 වැනි තරගය ලෙසින් ක්‍රියාත්මකව පැවති මෙම තරගය පිටියේ පැවති අයහපත් තත්ත්වය හේතුවෙන් ප්‍රමාද වී ආරම්භ වූයේ පන්දුවාර 49 තරගයක් ලෙසයි.

කාසියේ වාසිය දිනා ගත් ගාලු ක්‍රීඩකයෝ එහි වාසිය ලබා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදී යාපනය ක්‍රීඩකයන්ට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට ක්‍රීඩා කිරීමට ලැබුණේ පන්දුවාර 46ක් පමණයි. වර්ෂාව හේතුවෙන් එම ඉනිම එතකින් නිමා කරන අතර ඒ වෙද්දී ඔවුන් කඩුලු 5ක් දැවි ලකුණු 272ක් ලබා සිටියා.

යාපනය ඉනිමේ නායක ධනංජය ද සිල්වා වැඩිම ලකුණු ලාභියා වෙද්දී ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 85ක් ලබා ගත්තා. ඔහු සමඟ ඉනිම ආරම්භ කළ සදීර සමරවික්‍රම අතර පළමු කඩුල්ලට සබඳතාව ලකුණු 55ක්. සදීර සමරවික්‍රම පන්දු 41ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා.

ධනංජය ද සිල්වා සහ ලහිරු තිරිමාන්න තෙවැනි කඩුල්ලට ලකුණු 100ක සබඳතාවක් එක් කිරීම කැපී පෙනුණා.

වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ ලෝක කුසලාන තරගාවලිය අවසන් කරමින් පැමිණ අද යාපනය කණ්ඩායම හා එක් වෙමින් ක්‍රීඩා කළ අතර ඔහු පන්දු 35කට මුහුණ දෙමින් හතරේ සහ හයේ පහරක් බැගින් එල්ල කරමින් ලකුණු 23ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී අකිල ධනංජය ලකුණු 51කට කඩුලු 2ක් දවා ගනිද්දී ධනංජය ලක්ෂාන්, චලන ද සිල්වා සහ නිමේෂ් විමුක්ති කඩුල්ල බැගින් දවා ගත්තා.

යාපනය ඉනිම අවසන් වීමටත් පෙර සිට ඇද හැළුණ වර්ෂාව හේතුවෙන් තරගයේ පන්දුවාර 28ක් අහිමිව ගියා. පිළිතුරු හඹා යන ඉනිම ආරම්භ වූයේ පන්දුවාර 25කට සීමා වෙමින්. ඒ අනුව ගාලු ක්‍රීඩකයන්ගේ ඉලක්කය වූයේ ලකුණු 197ක්. ·

එම ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී තවත් පන්දු 21ක් ඉතිරිව තිබිය දී සපුරා ගැනීමට ගාල්ල කණ්ඩායම සමත් වුනා.

ගාලු ඉනිම පබසර වඩුගේ සහ අශාන් රන්දික ආරම්භ කළා. නමුත් ඔවුන්ට එතරම් හොඳ සබඳතාවක් එක් කිරීමට ධනංජය ද සිල්වා ඉඩ ලබා දුන්නේ නැහැ. ලකුණු පුවරුව 20ක් වෙද්දී අශාන් රන්දික ලකුණු 6කට දවා ගැනීමට ඔහු සමත් වුනා.

දෙවැනි කඩුල්ල ලෙසින් මුදිත ලක්ෂාන් (8) ගාලු ලකුණු පුවරුව 32ක් වෙද්දී දැවී ගියා.

ඉන් අනතුරුව පබසර වඩුගේට එක් වූ ධනංජය ලක්ෂාන් ගාලු ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගියා. තරගය ජයග්‍රහණයෙන් නිමා වෙද්දී පබසර වඩුගේ පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවි ලකුණු 92ක් ලබා සිටියා.

එය පබසර මෙම තරගාවලියේ දී වාර්තා කරන ලද දෙවැනි අර්ධ ශතකයයි. මෙම තරගාවලියේ තම පළමු අර්ධ ශතකය වාර්තා කළ ධනංජය ලක්ෂාන් පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 70ක් ද ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී ධනංජය ද සිල්වා සහ ප්‍රමෝද් මධුශාන් කඩුල්ල බැගින් දවා ගත්තා.


Result


Team Jaffna
272/4 (45.4)

Team Galle
197/2 (18)

Batsmen R B 4s 6s SR
Sadeera Samarawickrama c Dhanajaya de silva b Chalana de Silva  23 41 0 0 56.10
Lahiru Thirimanne  b Nimesh Vimukthi 85 79 0 0 107.59
Sadeera Samarawickrama b Dhanajaya de silva 4 5 0 0 80.00
Dhananjaya de Silva not out 109 106 0 0 102.83
Dunith Wellalage c & b Dhanajaya de silva 23 35 0 0 65.71
Nimanda Madushanka  b 9 10 0 0 90.00


Extras 19 (b 0 , lb 6 , nb 2, w 11, pen 0)
Total 272/4 (45.4 Overs, RR: 5.96)
Bowling O M R W Econ
Kavishka Anjula 5 0 30 0 6.00
Dhananjaya Lakshan 6.4 0 50 0 7.81
Chalana de Silva  8 0 41 1 5.12
Akila Dananjaya 10 0 51 2 5.10
Jehan Danie 4 0 34 0 8.50
Nimesh Vimukthi 10 1 41 1 4.10
Muditha Lakshan 2 0 19 0 9.50


Batsmen R B 4s 6s SR
Pabasara Waduge not out 92 70 0 0 131.43
Ashan Randika b Dhananjaya de Silva 6 5 0 0 120.00
Muditha Lakshan c Sadeera Samarawickrama b Janith Liyanage 8 11 0 0 72.73
Dhanajaya de silva not out 70 44 0 0 159.09


Extras 21 (b 1 , lb 1 , nb 1, w 18, pen 0)
Total 197/2 (18 Overs, RR: 10.94)
Bowling O M R W Econ
Dhananjaya de Silva 5 0 42 1 8.40
Ishan Jayaratne  3 0 19 0 6.33
Pramod Madushan 3 0 27 1 9.00
Dunith Wellalage 3 0 24 0 8.00
Nuwan Pradeep  2 0 18 0 9.00
Nimanda Madushanka  1 0 12 0 12.00
Ravindu Fernando  1 0 0 0 0.00



දඹුල්ල සහ මහනුවර අතර තරගය (18 වැනි තරගය)

දඹුල්ල සහ මහනුවර කණ්ඩායම් අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ තරගය එක පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණා. දඹුල්ල ප්‍රදේශයට පෙර දින සිට ම ඇද හැළුණ පොද වර්ෂාව කිසිදු අඩුවක් නොමැතිව අද දවසේ ද ඒ ආකාරයෙන් ම පැවතුණා.

ඒ හේතුවෙන් විනිසුරුවන්ට පිටිය පරීක්ෂා කිරීමට හෝ අවස්ථාවක් ලැබුණේ නැහැ. අවසානයේ පස්වරු 1.00ට පමණ තරගය අතහැර දැමුණ තරගයක් සේ නම් කෙරුණා.

තරගාවලියේ පළමු වටයේ අවසන් තරග මේ මස 16 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව තරගාවලියේ 19 වැනි තරගය මහනුවර සහ ගාල්ල කණ්ඩායම් අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද, 20 වැනි තරගය යාපනය සහ කොළඹ කණ්ඩායම් අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් තොරතුරු සමඟින් රැඳී සිටින්න ThaPapare.com අප සමඟ ම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<