ගෙවුනු දවස ජූලි 17 – රග්බි කණ්ඩායම බහමාස් යයි

404
Sri Lanka Sports News

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

කුසල් මෙන්ඩිස් ආබාධ මැද ඉදිරියට

pic 1

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (17) දිනය ගෙවී යන විට තරගයේ උණුසුම තව තවත් ඉහළ දමමින් ජයග්‍රහණය වෙනුවෙන් දෙපිළ අතර ද්වන්ධ සටනක් ඇතිවී තිබේ. ඒ තවමත් ටෙස්ට් ලෝකයේ ප්‍රාථමික අවධියේ පසුවන සිම්බාබ්වේ කණ්ඩායම දෙවැනි ඉනිම වෙනුවෙන් දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව දැනටමත් යුධ ප්‍රකාශ කර ඇති බැවිනි.

සිම්බාබ්වේ – සියල්ලන්ම දැවී ලකුණු 356 (පන්දුවාර 94.4): ක්‍රේග් අර්වයින් 160, සිකන්ඩර් රාසා 36, මැල්කම් වොලර් 36, ඩොනල්ඩ් තිරිපානෝ 27, සීන් විලියම්ස් 22, හැමිල්ටන් මැසකඩ්සා 19, පීටර් මුවර් 19, රංගන හේරත් 5/116, අසේල ගුණරත්න 2/28.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 346 (පන්දුවාර 102.3): උපුල් තරංග 71, දිනේෂ් චන්දිමාල් 55, අසේල ගුණරත්න 45, ඇන්ජෙලෝ මැතිව්ස් 41, දිල්රුවන් පෙරේරා 33, දිමුත් කරුණාරත්න 25, ග්‍රැහැම් ක්‍රීමර් 5/125, සීන් විලියම්ස් 2/62.

සිම්බාබ්වේ (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 377 (පන්දුවාර 107.1): සිකන්ඩර් රාසා 127*, මැල්කම් වොලර් 68*, පීටර් මුවර් 40, ග්‍රැහැම් ක්‍රීමර් 48, සීන් විලියම්ස් 22, රංගන හේරත් 6/133, දිල්රුවන් පෙරේරා 3/95.

ශ්‍රී ලංකාව (දෙවැනි ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 170 (පන්දුවාර 48): කුසල් මෙන්ඩිස් 60*, දිමුත් කරුණාරත්න 49, උපුල් තරංග 27, ඇන්ජෙලෝ මැතිව්ස් 17*, ග්‍රැහැම් ක්‍රීමර් 2/67, සීන් විලියම්ස් 1/62.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා පිළේ ගෞරවය මැදපෙළ පිතිකරුවන් අතට!


රග්බි –

ගැමුණු චේතියට නායකත්වය

pic 2

පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල (CYG) ඊයේ (17) බහමාස් හිදී ආරම්භ වීමට නියමිත අතර ඊට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික යොවුන් රග්බි කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේය.

කෙසේ වෙතත් මෙම තරගාවලියට සූදානම් වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු කාලය ඉතා සීමා සහිත විය. ශ්‍රී ලංකා කණ්ඩායමට අමතරව එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ෆීජි, සාමෝවා, කැනඩාව සහ බහමාස් යන කණ්ඩායම් ද පදක්කමක් ලබා ගැනීමේ අරමුණින් තරගාවලියට සහභාගී වේ. එවන් ප්‍රබල කණ්ඩායම්වලට ඉතා හොඳ අභියෝගයක් ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනු ඇතැයි ශ්‍රී ලංකා සත් සාමාජික යොවුන් කණ්ඩායමේ නායක සාන්ත ජෝසප් විද්‍යාලයේ ගැමුණු චේතිය විශ්වාස කරයි.

සම්පූර්ණ වාර්තාව: ගැමුණු චේතියගේ නායකත්වයෙන් කණ්ඩායම බහමාස් යයි

දිනයක අවසානය