Home Sinhala ප්‍රියමාල් සහ ධනංජය NSL පිටිය වර්ණවත් කරයි

ප්‍රියමාල් සහ ධනංජය NSL පිටිය වර්ණවත් කරයි

National Super League Limited Over Tournament 2022

3372

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (24) පැවති තරගවල දී පිතිකරුවෙකු ලෙසින් දක්ෂතා දැක්වීමට ගාල්ල කණ්ඩායමේ ප්‍රියමාල් පෙරේරා සමත් වූ අතර තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වීමට යාපනය කණ්ඩායමේ ධනංජය ද සිල්වා සමත් වුනා.

නිමා වූ තරගවල දී ගාල්ල සහ යාපනය ක්‍රීඩකයන් ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුනා.

  • කොළඹ සහ ගාල්ල

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ගාල්ල ක්‍රීඩකයන් කඩුලු 3ක ජයග්‍රහණයක් වාර්තා කළා.

කාසියේ වාසිය දිනා ගත් කොළඹ ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිසි අතර ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 213ක් රැස් කරගත්තා.

ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයන් කඩුලු 7ක් පමණක් දැවී තිබිය දී ලකුණු 215ක්  වාර්තා කරමින් මෙම තරගයෙන් ජය වාර්තා කළා.

කොළඹ වෙනුවෙන් දක්ෂතා දැක්වූවන් අතර ක්‍රිශාන් සංජුල ඉදිරියෙන් පසු වෙනවා. කුසල් මෙන්ඩිස් සමඟ ආරම්භක කඩුල්ලට පිටියට පිවිසි ඔහු පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟ ලකුණු 46ක් රැස් කරගත්තා.

කුසල් මෙන්ඩිස් ද පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් වාර්තා කරගත්තා. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට සබඳතාව ලකුණු 56ක්. මේ සඳහා ඔවුන් වැය කළේ පන්දු 60ක් පමණයි.

අනතුරුව ක්‍රිශාන් සංජුල සහ නුවනිඳු ප්‍රනාන්දු ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වාර්තා කළා. ඔවුන් දෙවැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 59ක්. එහෙත් ඔවුන්ට එම ලකුණු සබඳතාව වාර්තා කිරීමට පන්දු 75ක් වැය වුනා.

නුවනිඳු ප්‍රනාන්දු පන්දු 38කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් රැස් කරගත්තා.

ඔවුන්ට අමතරව අශේන් බණ්ඩාර ද පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 34ක් රැස් කරගත්තා.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ ලකුණු 42කට කඩුලු 3ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ධනංජය ලක්ෂාන් සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 2 බැගින් දවා ගත්තා.

ලකුණු 214ක හඹා යන පිළිතුරු ඉනිමකට පිවිසි ගාලු ක්‍රීඩකයන් පහසුවෙන්ම එම ඉලක්කය පසු කළේ තරගය අවසන් වීමට තවත් පන්දු 44ක් ඉතිරිව තිබිය දීයි.

එම ජයග්‍රාහී ඉනිම වෙනුවෙන් ප්‍රියමාල් පෙරේරා ලකුණු 98ක් වාර්තා කරගත්තා. දකුණතින් පන්දුවට පහර දෙන 26 හැවිරිදි ඔහු එම ඉනිම වෙනුවෙන් පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 98ක් රැස් කරගත්තා.

ඊට අමතරව පසුපෙළ පිතිකරු රමේෂ් මෙන්ඩිස් පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 37ක් රැස් කරගත්තා. ඔවුන් දෙදෙනා අතර 6 වැනි කඩුල්ලට සබඳතාව ලකුණු 110ක්. එය එම ඉනිමේ ජයග්‍රාහී කඩඉම ද වූවා.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය සහ කවිඳු නදීශාන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

ලකුණු පුවරුව:

කොළඹ කණ්ඩායම – සියලුම දෙනා දැවී 213 (47.3):කුසල් මෙන්ඩිස් 37, ක්‍රිශාන් සංජුල 46, නුවනිඳු ප්‍රනාන්දු 30. සම්මු අශාන් 21, අශේන් බණ්ඩාර 34, ධනංජය ලක්ෂාන් 2/25, මහිෂ් තීක්ෂණ 3/42, රමේෂ් මෙන්ඩිස් 2/31.

ගාල්ල කණ්ඩායම – කඩුලු 7ක් දැවී 215 (42.4):ධනංජය ලක්ෂාන් 29, ප්‍රියමාල් පෙරේරා නොදැවී 98, රමේෂ් මෙන්ඩිස් 37, ප්‍රභාත් ජයසූරිය 2/40, කවිඳු නදීශාන් 2/43.


Result


Team Galle
215/7 (42.4)

Team Colombo
213/10 (47.3)

Batsmen R B 4s 6s SR
Kusal Mendis c Jehan Danie b Maheesh Theekshana 37 27 7 1 137.04
Krishan Sanjula c Maheesh Theekshana b Jehan Danie 46 81 4 0 56.79
Nuwanidu Fernando b Ramesh Mendis 30 38 2 1 78.95
Sammu Ashan c Jehan Danie b Dhananjaya Lakshan 21 39 1 0 53.85
Ashen Bandara lbw b Ramesh Mendis 34 50 4 0 68.00
Lahiru Madushanka c Dinesh Chandimal b Dhananjaya Lakshan 1 3 0 0 33.33
Himesh Ramanayake c Priyamal Perera b Maheesh Theekshana 0 2 0 0 0.00
Himesh Ramanayake c Priyamal Perera b Praveen Jayawickrama 5 7 0 0 71.43
Kavindu Nadeeshan c Muditha Lakshan b Maheesh Theekshana 7 22 0 0 31.82
Kalana Perera not out 15 14 0 1 107.14
Prabath Jayasuriya run out (Dhananjaya Lakshan) 0 2 0 0 0.00


Extras 17 (b 0 , lb 1 , nb 0, w 16, pen 0)
Total 213/10 (47.3 Overs, RR: 4.48)
Fall of Wickets 1-56 (9.6) Kusal Mendis, 2-115 (22.3) Krishan Sanjula, 3-135 (27.3) Nuwanidu Fernando, 4-165 (34.5) Sammu Ashan, 5-176 (36.5) Lahiru Madushanka, 6-176 (37.2) Himesh Ramanayake, 7-187 (40.1) Himesh Ramanayake, 8-191 (41.5) Ashen Bandara, 9-210 (46.6) Kavindu Nadeeshan, 10-213 (47.3) Prabath Jayasuriya,

Bowling O M R W Econ
Heshan Hettiarchchi 6 0 31 0 5.17
Dhananjaya Lakshan 7.3 1 25 2 3.42
Praveen Jayawickrama 10 0 46 1 4.60
Maheesh Theekshana 9 0 42 3 4.67
Muditha Lakshan 2 0 14 0 7.00
Ramesh Mendis 9 1 31 2 3.44
Jehan Danie 4 0 23 1 5.75


Batsmen R B 4s 6s SR
Dhananjaya Lakshan run out (Kusal Mendis) 29 34 5 0 85.29
Ashan Randika lbw b Tharindu Rathnayake 7 13 1 0 53.85
Priyamal Perera not out 98 112 11 1 87.50
Dinesh Chandimal lbw b Prabath Jayasuriya 1 5 0 0 20.00
Himasha Liyanage c Nuwanidu Fernando b Kavindu Nadeeshan 18 24 1 0 75.00
Muditha Lakshan b Kavindu Nadeeshan 2 4 0 0 50.00
Ramesh Mendis b Prabath Jayasuriya 37 62 2 0 59.68
Jehan Danie c Tharindu Ratnayaka b Ashen Bandara 5 5 1 0 100.00
Heshan Hettiarchchi not out 4 2 1 0 200.00


Extras 14 (b 7 , lb 0 , nb 5, w 2, pen 0)
Total 215/7 (42.4 Overs, RR: 5.04)
Fall of Wickets 1-20 (5.2) Ashan Randika, 2-39 (9.2) Dhananjaya Lakshan, 3-48 (11.4) Dinesh Chandimal, 4-87 (18.3) Himasha Liyanage, 5-93 (20.1) Muditha Lakshan, 6-203 (40.6) Ramesh Mendis, 7-211 (42.2) Jehan Danie,

Bowling O M R W Econ
Kalana Perera 4 0 30 0 7.50
Tharindu Ratnayaka 10 1 36 1 3.60
Lahiru Madushanka 5 0 21 0 4.20
Prabath Jayasuriya 10 0 40 2 4.00
Kavindu Nadeeshan 8 0 43 2 5.38
Himesh Ramanayake 3 0 22 0 7.33
Sammu Ashan 2 0 11 0 5.50
Ashen Bandara 0.4 0 5 1 12.50



  • යාපනය සහ දඹුල්ල 

තරගාවලියේ දෙවැනි තරගය ලෙසින් කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයේ දී ලකුණු 176ක දැවැන්ත ලකුණු පරාසයක ජයග්‍රහණක් හිමි කරගැනීමට යාපනය ක්‍රීඩකයන් සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයන් සියලුම දෙනා දැවී ලකුණු 255ක් වාර්තා කර ගත් අතර ඊට පිළිතුරු ලෙසින් දඹුල්ල ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 79ක් පමණයි.

යාපනය ඉනිම වෙනුවෙන් නායක ධනංජය ද සිල්වා පන්දු 64කට මුහුණ දී හතරේ පහර 10ක් සමඟින් ලකුණු 69ක් රැස් කරගත්තා. ඊට අමතරව ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම හතරේ පහර 7ක් සමඟින් ලකුණු 40ක් ද, ඉෂාන් ජයරත්න පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 44ක් වාර්තා කරගත්තා.

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු සහ ලක්ෂාන් සඳකැන් කඩුලු 3 බැගින් දවා ගත්තා.

ලකුණු 256ක හඹා යන දඹුල්ල ඉනිම නිමා වෙන්නේ ඉනිම අවසන් වීමට තවත් පන්දු 145ක් ඉතිරිව තිබිය දීයී. එම ඉනිමේ දී හුදෙකලා පිතිහරඹයක නිතර වූ නායක අශාන් ප්‍රියන්ජන් පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 32ක් වාර්තා කරගත්තා.

ඔහුට අමතරව රොන් චන්ද්‍රගුප්ත පන්දු 28කින් එක් කළ ලකුණු 13ක් ද, ලක්ෂාන් සඳකැන් පන්දු 25කින් එක් කළ ලකුණු 10ක් ද එම ඉනිමට ඇතුළත් වුනා. අනෙක් කිසිදු පිතිකරුවෙකුට ඉලක්කම් දෙකේ සීමාවට ළඟා වීමට ප්‍රතිවාදී යාපනය පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේ දී ධනංජය ද සිල්වා පන්දුවාර 4ක් යවමින් ලකුණු 5කට කඩුලු 3ක් දවා ගනිමින් යාපනය කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා වුනා. ඊට අමතරව ඉෂාන් ජයරත්න, ජෙෆ්රි වැන්ඩර්සේ සහ දිලුම් සුධීර කඩුලු 2 බැගින් දවා ගත්තා.

ලකුණු පුවරුව:

යාපනය කණ්ඩායම – සියලුම දෙනා දැවී 255 (47.1):සධීර සමරවික්‍රම 40, ලහිරු තිරිමාන්න 28, ධනංජය ද සිල්වා 69, සංතුශ් ගුණතිලක 33, ඉෂාන් ජයරත්න 44, විශ්ව  ප්‍රනාන්දු 3/41, ලක්ෂාන් සඳකැන් 3/44.

දඹුල්ල කණ්ඩායම – සියලුම දෙනා දැවී 79 (25.5):අශාන් ප්‍රියන්ජන් 32, ඉෂාන් ජයරත්න 2/22, ධනංජය ද සිල්වා 3/05, ජෙෆ්රි වැන්ඩර්සේ 2/12, දිලුම් සුධීර 2/10.


Result


Team Jaffna
255/10 (47.1)

Team Dambulla
79/10 (25.5)

Batsmen R B 4s 6s SR
Sadeera Samarawickrama run out (Sonal Dinusha) 40 41 7 0 97.56
Nipun Haggalla  c Gayan Maneeshan b Nuwan Thushara 5 11 1 0 45.45
Lahiru Thirimanne  c Ashan Priyanjan b Anuk Fernando 28 35 2 1 80.00
Dhananjaya de Silva c Ron Chandragupta b Vishwa Fernando 69 64 10 0 107.81
Santhush Gunathilake  lbw b Duvindu Tillakaratne 33 34 4 1 97.06
Ravindu Fernando  c Sonal Dinusha b Vishwa Fernando 11 13 0 1 84.62
Ishan Jayaratne  c & b Lakshan Sandakan 44 44 4 1 100.00
Jeffrey Vandersay  c Lasith Abeyrathne b Vishwa Fernando 0 2 0 0 0.00
Shiran Fernando  c Pawan Rathnayake b Lakshan Sandajan 9 16 1 0 56.25
Dilum Sudeera  lbw b Lakshan Sandajan 7 20 0 0 35.00
Nuwan Pradeep  not out 0 3 0 0 0.00


Extras 9 (b 0 , lb 1 , nb 0, w 8, pen 0)
Total 255/10 (47.1 Overs, RR: 5.41)
Fall of Wickets 1-29 (3.6) Nipun Haggalla , 2-61 (11.4) Sadeera Samarawickrama, 3-96 (18.3) Lahiru Thirimanne , 4-183 (31.2) Dhananjaya de Silva, 5-201 (35.1) Ravindu Fernando , 6-202 (35.3) Jeffrey Vandersay , 7-220 (39.5) Shiran Fernando , 8-248 (45.5) Dilum Sudeera , 9-255 (47.1) Ishan Jayaratne ,

Bowling O M R W Econ
Vishwa Fernando 8 0 41 3 5.12
Nuwan Thushara 6 0 47 1 7.83
Anuk Fernando 8 0 38 1 4.75
Duvindu Tillakaratne 10 0 46 1 4.60
Ashan Priyanjan 2 0 12 0 6.00
Lakshan Sandakan 9.1 0 44 3 4.84
Sonal Dinusha 4 0 26 0 6.50


Batsmen R B 4s 6s SR
Gayan Maneeshan b Ishan Jayaratne  0 1 0 0 0.00
Ron Chandragupta lbw b Dhananjaya de Silva 13 28 3 0 46.43
Pawan Rathnayake lbw b Ishan Jayaratne  0 1 0 0 0.00
Ashan Priyanjan c Nuwan Pradeep  b Dhananjaya de Silva 32 42 5 0 76.19
Sonal Dinusha c Nipun Haggalla  b Dhananjaya de Silva 1 13 0 0 7.69
Lasith Abeyrathne c Santhush Gunathilake  b Jeffrey Vandersay  1 5 0 0 20.00
Anuk Fernando c Lahiru Thirimanne  b Dilum Sudeera  3 19 0 0 15.79
Vishwa Fernando c Sadeera Samarawickrama b Jeffrey Vandersay  4 11 0 0 36.36
Lakshan Sandajan c Sadeera Samarawickrama b Nuwan Pradeep  10 25 1 0 40.00
Duvindu Tillakaratne c Ishan Jayaratne  b Dilum Sudeera  6 11 1 0 54.55
Nuwan Thushara not out 0 0 0 0 0.00


Extras 9 (b 4 , lb 0 , nb 1, w 4, pen 0)
Total 79/10 (25.5 Overs, RR: 3.06)
Fall of Wickets 1-0 (0.1) Gayan Maneeshan, 2-0 (0.2) Pawan Rathnayake, 3-35 (9.3) Ron Chandragupta, 4-52 (13.1) Sonal Dinusha, 5-55 (14.3) Lasith Abeyrathne, 6-55 (15.2) Ashan Priyanjan, 7-61 (18.3) Vishwa Fernando, 8-65 (21.5) Anuk Fernando, 9-75 (24.6) Lakshan Sandajan, 10-79 (25.5) Duvindu Tillakaratne,

Bowling O M R W Econ
Ishan Jayaratne  4 0 22 2 5.50
Nuwan Pradeep  5 2 12 1 2.40
Shiran Fernando  3 0 14 0 4.67
Dhananjaya de Silva 4 2 5 3 1.25
Jeffrey Vandersay  5 0 12 2 2.40
Dilum Sudeera  4.5 1 10 2 2.22



තරගාවලියේ මිළඟ තරග මෙම මස 26 වැනිදාට යෙදී තිනෙවා. ඒ අනුව යාපනය සහ මහනුවර කණ්ඩායම් අතර තරගය කොළඹ එස්. එස්. සී. පිටියේ දී ද, දඹුල්ල සහ කොළඹ අතර තරගය කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ද පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThaPapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<