ඉසිපතනය විද්‍යා පරීක්ෂණය සමත් වෙයි!

124
Schools Rugby

2020 ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් ක්‍රියාත්මක වූ පළමු සතියේ සයවැනි තරගයේ දී කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව ගල්කිස්ස විද්‍යා විදුහල තරග වැදුණු අතර හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයෙන් සත්කාරක ඉසිපතනය විද්‍යා විදුහලට පරාජය කරමින් තරගය ජය ගත්තේ ලකුණු 17-10ක් ලෙසයි.

තර්ස්ටන් ප්‍රහාරයෙන් මරාදාන විරුවන් අසරණ වෙයි

ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් අද (06) දින රාජගිරියේ පිහිටි ආනන්ද විද්‍යාල රග්බි පිටියේ දී පැවත්විනි.

අධික උෂ්ණත්වයක් සහිත කාලගුණ තත්වයක් යටතේ තරගය පස්වරු 4.30ට ආරම්භ වූ අතර තරගයේ 22 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ ඉසිපතන කණ්ඩායමේ රමිත හිමාෂ් ද සිල්වා “Scrum” අවස්ථාවකින් පසුව තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට මනිල්ක රුබේරු අසමත් විය. (ඉසිපතන විදුහල 05 – 00 විද්‍යා විදුහල)

එතැන් පටන් කණ්ඩායම් දෙකම තම රිද්මයට අවතීර්ණ වීමට විශාල වෙහෙසක් දැරුවත්, තරගයේ පළමු අර්ධය අවසන් වන තෙක්ම කණ්ඩායම් දෙකටම ලකුණු අතර පැමිණීමට නොහැකි විය.

ප්‍රථම අර්ධය: ඉසිපතන විදුහල 05 – 00 විද්‍යා විදුහල

දෙවැනි අර්ධය ආරම්භ වූ වහාම විද්‍යා විදුහල් ක්‍රීඩකයින් ඉතා හොඳින් පිටිය ආක්‍රමණය කරමින් ඉදිරියට ඇදුණ අතර තරගයේ 37 වැනි විනාඩියේ දී “Ruck” අවස්ථාවක දී ක්‍රීඩකයෙකු අනාරක්ෂිතව මෙල්ල කිරීම හේතුවෙන් ඉසිපතන විදුහලේ සරිඳු සිහසරට විනිසුරු කහ කාඩ්පතක් නිකුත් කළේය.

ඒ අවසරයෙන් තරගයේ 40 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ විද්‍යා විදුහලේ රසංග දිනුෂාන් ධවල රේඛාව පසුකර යෑමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට තරුෂ සිල්වා සමත් විය. (ඉසිපතන විදුහල 05 – 07 විද්‍යා විදුහල)

එයට පිළිතුරු සපයමින් තරගයේ 41 වැනි විනාඩියේ දී විද්‍යා විදුහලේ ආරක්ෂාව බිඳ දමමින් ධවල රේඛාව පසුකර යන්නට ඉසිපතන “Center” ක්‍රීඩක ලුක්මාන් රියාස් සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගනිමින් අතිරේක ලකුණු දෙක කණ්ඩායමට එකතු කර දෙන්නට මනිල්ක රුබේරුට හැකි විය. (ඉසිපතන විදුහල 12 – 07 විද්‍යා විදුහල)

තරගයේ 52 වැනි විනාඩියේ දී ඉසිපතන ඉදිරිපෙළට තර්ජනයක් වෙමින් විද්‍යා කණ්ඩායම ඉදිරියට ඇදුණ අතර නැවතත් ඉසිපතන ක්‍රීඩකයින්ගේ ආරක්ෂක පියවරවල තිබූ දුර්වලතා නිසාවෙන් විද්‍යා විදුහලට දඬුවම් පහරක් හිමි විය. 

එම දඬුවම් පහර සාර්ථක කරගමිනින් අතිරේක ලකුණු තුනක් තමන් සතු කරගැනීමට තරුෂ සිල්වා සමත් විය. (ඉසිපතන විදුහල 12 – 10 විද්‍යා විදුහල)

රැන්ඩ්ල්ස් හිල් සෙබළුන් ඉදිරියේ ජෝසප් මෙහෙයුම අසාර්ථක වෙයි

2020 ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තවත් එක් තීරණාත්මක තරගයක් කොළඹ හැව්ලොක් ක්‍රීඩා

එයට පිළිතුරු සපයමින් 61 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ ඉසිපතනයේ දැහැන් වික්‍රමාරච්චි ඉසිපතනය වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළ නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (ඉසිපතන විදුහල 17 – 10 විද්‍යා විදුහල)

ඒ අනුව තරගය නිමාවට පත්වූයේ 17-10ක් ලෙස ඉසිපතනය ජයග්‍රහණය කරමිනි.

අවසන් ලකුණු තත්වය: ඉසිපතන විදුහල 17 – 10 විද්‍යා විදුහල

  • ThePapare.com තරගයේ වීරයා – දැහැන් වික්‍රමාරච්චි (ඉසිපතන විදුහල)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්:

  • ඉසිපතන විදුහල – රමිත හිමාෂ් 1T, ලුක්මාන් රියාස් 1T, දැහැන් වික්‍රමාරච්චි 1T, මනිල්ක රුබේරු 1C
  • විද්‍යා විදුහල – රසංග දිනුෂාන් 1T, තරුෂ සිල්වා 1C

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<