පාසල් රග්බි තෙවැනි සතියේ තරග කල් දමයි

Dialog පාසල් රග්බි ලීග් තරගාවලිය 2022

443

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය (SLSRFA) විසින් ජූලි 9 සහ 10 දිනවල පැවැත්වීමට නියමිතය තිබූ ‘Dialog පාසල් රග්බි ලීගයේ’ 3 වැනි සතියේ තරග සියල්ල කල් දැමීමට කටයුතු කර තිබෙනවා.

“ජූලි 9 සහ 10 පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19න් පහළ ලීග් රග්බි තරග තරගාවලියේ 6 වැනි සතිය දක්වා කල් දැමීම නිසා සිදු වූ අපහසුතාවට SLSRFA සිය කනගාටුව ප්‍රකාශ කරනවා.

අද (07) පැවති SLSRFA විධායක කමිටු රැස්වීමේ දී, රටේ මේ වන විට පවතින  තත්වය පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගැනීමට කටයුතු කළා. එමෙන්ම 6 වැනි සතියේ තරග තවත් කල් දැමීම සිදු නොකරන අතර එම තරග නියමිත පරිදි පැවැත්වෙනු ඇත”, යනුවෙන් SLSRFA හි ලේකම් නිරෝධ විජේරාම මහතා පවසා සිටියා.

පළමු කාණ්ඩයේ තරගයක් ලෙස අද (08) පැවැත්වීමට නියමිත රාජකීය විදුහල සහ ත්‍රිත්ව විදුහල අතර තරගය කිසිදු වෙනසකින් තොරව රාජකීය ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වෙනු ඇත. එම තරගයේ සජීව විකාශය සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<