නාවිකයෝ වැලිසර දී අසරණ වෙති

98

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන වටයේ තවත් තරගයක් මහනුවර ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එම තරගයේ ජයග්‍රහණය මහනුවර ක්‍රීඩා සමාජය සතු වූයේ ලකුණු 39-28ක් ලෙසිනි. 

පළමු අර්ධයේ දක්ෂතා පොලීසියට ජය ගෙන එයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 11 වැනි සතියේ තරග ඊයේ (14) ආරම්භ විය.

මහනුවර ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියේ ඔවුන් ක්‍රීඩා කළ තරග සියල්ලම ජයග්‍රහණය කරමින් ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියේ මුලු ලකුණු 58ක් ලබා ගනිමිනි. පසුගිය සතියේ දී මහනුවර කණ්ඩායම යුද හමුදාව සමඟින් තරග වැදුණු අතර එම තරගය ඔවුන් ජයග්‍රහණය කළේ ලකුණු 36-26ක් ලෙසිනි. 

නාවික හමුදා කණ්ඩායම ලකුණු සටහනේ හයවැනි ස්ථානය දිනාගෙන සිටින අතර ඔවුන් තරග තුනක් ජයග්‍රහණය කර ඇත. පසුගිය සතියේ දී නාවික කණ්ඩායම CH&FC කණ්ඩායම සමඟින් තරග වැදුණු අතර තියුණු තරගයකින් අනතුරුව නාවික කණ්ඩායම එම තරගය පරාජය වූයේ ලකුණු 25-26ක් ලෙසිනි. 

මහනුවර කණ්ඩායමට පළමු වටයේ දී අභියෝගයක් එල්ල කළ එකම කණ්ඩායම ලෙස නාවික කණ්ඩායම හැදින්විය හැකි අතර එම වටයේ දී මහනුවර කණ්ඩායම නාවික කණ්ඩායම පරාජය කළේ ලකුණු 16-14ක් ලෙසිනි. 

තරගයේ ආරම්භයේ දී ම මහනුවර කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් වූ අතර ඉසුරු කෝන්ගහවත්ත විසින් ඩ්‍රොප් ගෝලයක් මඟින් ලකුණු රැස්කිරීමට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත. 

නමුත් තරගයේ 4 වැනි මිනිත්තුවේ දී මහනුවර කණ්ඩායම ලබා දුන් දඬුවම් පහරක් සාර්ථකව ලකුණු බවට පත්කිරීමට ඉසුරු කෝන්ගහවත්ත සමත් විය. (නාවික 03 – මහනුවර)

තරගයේ 8 වැනි මිනිත්තුවේ දී මහනුවර කණ්ඩායම නාවික සීමා ඉර ආක්‍රමණය කළ නමුත් එහි දී නාවික හමුදා කණ්ඩායමේ අදීශ වීරතුංග විසින් පන්දුව සොරා ගනිමින් මහනුවර සීමා ඉර ආසන්නයට පන්දුව රැගෙන ගියේය. 

ඔහුගේ උත්සාහයට සාධාරණයක් ඉටු කරමින් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට ඉසුරු කෝන්ගහවත්ත සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත් ඔහු නාවික ලකුණු පුවරුව ලකුණු 10ක් දක්වා ඉහල දැමීමට සමත් විය. (නාවික 10 – 00 මහනුවර)

මහනුවර ක්‍රීඩා සමාජය නාවික හමුදාවට උත්සාහක දිනුමකින් ප්‍රතිචාර දැක්වූයේ ඉන් මිනිත්තුවක් ගතවීමටත් පෙරය. ශ්‍රීනාත් සූරියබණ්ඩාර එම උත්සාහක දිනුම වාර්තා කළේ නාවික ඉදිරිපෙළ සම්පූර්ණයෙන්ම අසරණ කරමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් තරින්ද ‍රත්වත්තේ මහනුවර ලකුණු පුවරුව ලකුණු 07ක් බවට පත් කළේය. (නාවික 10 – 07 මහනුවර)

හැව්ලොක් පිටියට ආ ආගන්තුකයින් අසරණයි!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ එකොළොස්වැනි සතියේ………….

තරගයේ 17 වැනි මිනිත්තුවේ දී තම සීමා ඉරේ සිට පන්දුව රැගෙන යමින් දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට ජේසන් දිසානායක සමත් විය. ඒ තරිඳු චතුරංගගේ ප්‍රබල පන්දු පිරිනැමීමක් සමඟිනි. එහි ප්‍රවර්තනය සාර්ථක නොවූවද මහනුවර ලකුණු පුවරුව ලකුණු 12ක් දක්වා ඉහල ගොස් තිබුණි. (නාවික 10 – 12 මහනුවර)

තරගයේ 20 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් මඟින් ලකුණු රැස්කිරීමට නාවික හමුදාවට අවස්ථාව උදා වූ අතර එය සාර්ථක වූයේ නැත. නමුත් ඔවුන් මීටර් 22 සීමාවේ සිට ලබා ගත් දඬුවම් පහර සාර්ථක කරගනිමින් නැවතත් තරගයේ පෙරමුණ ගැනීමට නාවික කණ්ඩායම සමත් විය. (නාවික 13 – 12 මහනුවර)

මහනුවර කණ්ඩායම තරගයට නැවතත් ප්‍රබල ආරම්භයක් ලබා ගැනීමට සමත් වූ අතර ශ්‍රීනාත් සූරියබණ්ඩාර ලබා දුන් පන්දුව සාර්ථකව සීමා ඉර පසුකර පතිත කිරීමට බුද්ධිම පියරත්න සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට තරින්ද ‍රත්වත්තේ සමත් විය. (නාවික 13 – 19 මහනුවර) 

තරගයේ 27 වැනි මිනිත්තුවේ දී මහනුවර කණ්ඩායම ලබා දුන් දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු ලබා ගැනීමට නාවික කණ්ඩායමට අවස්ථාව උදාවූවද එය සාර්ථක වූයේ නැත. 

තරගයේ පළමු අර්ධය නිමා වීමට පෙර මහනුවර කණ්ඩායම ලබා දුන් දඬුවම් පහරක් මඟින් ලකුණු රැස්කිරීමට නාවික ක්‍රීඩා සමාජයට අවස්ථාව උදා වූ අතර එය සාර්ථක කර ගත් ඉසුරු කෝන්ගහවත්ත නාවික ලකුණු පුවරුව ලකුණු 16ක් දක්වා ඉහල දැමීමට සමත් විය. (නාවික 16 – 19 මහනුවර)

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 19 – 16 නාවික හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයේ දී ම මහනුවර කණ්ඩායමට ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් මහනුවර කණ්ඩායමේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට තරින්ද රත්වත්තේ සමත් විය. (නාවික 16 – 22 මහනුවර)

මහනුවර කණ්ඩායම තරගයේ 46 වැනි මිනිත්තුවේ දී ඔවුන්ගේ සීමා ඉරේ සිට සොරාගත් පන්දුව සාර්ථකව සීමා ඉර පසුකර පතිත කිරීමට දනුෂ් දයාන් සමත් විය. ඒ මීටර් 80ක දුරක් රැගෙන යමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් තරින්ද ‍රත්වත්තේ මහනුවර ලකුණු පුවරුව 29ක් දක්වා ඉහල දැමීමට සමත් විය. (නාවික 16 – 30 මහනුවර)

තරගයේ 51 වැනි මිනිත්තුවේ දී මහනුවර සීමා ඉර ආක්‍රමණය කළ නාවික කණ්ඩායම උත්සාහක දිනුමක් ලබා ගැනීම සඳහා ප්‍රබල උත්සාහයක් ගත්තේය. මේ අතර මහනුවර ක්‍රීඩක අශාන් ඩාර්ලින් හට කහ කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවන් තීරණය කළේය. 

කෙසේ වෙතත් මහනුවර ඉදිරිපෙළ ප්‍රබල උත්සාහයක් ගනිමින් නාවික ක්‍රීඩකයන් මෙල්ල කිරීමට උත්සාහ කළේය. මහනුවර ඉදිරිපෙළ අබිබවා යමින් නාවික කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට රදීශ සෙනවිරත්න සමත් වූයේ ඉන්පසුවයි. එහි ප්‍රවර්තනය සාර්ථක ගැනීමට ඉසුරු සමත් විය. (නාවික 23 – 29 මහනුවර)

මහනුවර කණ්ඩායමට ලකුණු ලබා ගැනීමේ අවස්ථාවක් තරගයේ 58 වැනි මිනිත්තුවේ දී උදා වූ අතර දඬුවම් පහරක් මඟින් ලකුණු ලබා ගැනීමට මහනුවර කණ්ඩායම ගත් උත්සාහය සාර්ථක වූයේ නැත. 

තරගයේ 64 වැනි මිනිත්තුවේ දී මහනුවර කණ්ඩායමට ලකුණු 3ක් එක් කිරීමට තරින්ද රත්වත්තේ සමත් විය. ඒ දඬුවම් පහරක් මඟිනි. (නාවික 23 – 32 මහනුවර)

“ශූරයින්ගේ මාරයා” හසුරවන්නට නව මුහුණක්!

පසුගිය පාසල් රග්බි ලීගයේ ප්‍රබල කණ්ඩායම්වලට විශාල අභියෝගයක් වුණු ගල්කිස්ස………..

තරගයේ 66 වැනි මිනිත්තුවේ දී මහනුවර ක්‍රීඩක ජේසන් දිසානායක වෙත කහ කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරු තීරණය කළේය. ඒ අනුව මහනුවර කණ්ඩායම නැවතත් ක්‍රීඩකයන් 14 දක්වා අඩුවිය. 

මහනුවර කණ්ඩායම තරගයේ 69 වැනි මිනිත්තුවේ දී ප්‍රබල පන්දු පිරිනැමීම් කීපයක් මඟින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. එම උත්සාහක දිනුම දිලුක්ශ දන්ගේ විසින් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් තරින්ද රත්වත්තේ මහනුවර ලකුණු පුවරුව ලකුණු 39ක් බවට පත්කිරීමට සමත් විය. (නාවික 23 – 39 මහනුවර)

මහනුවර කණ්ඩායම ලබා දුන් දඬුවම් පහරක් ඉක්මන් රැගෙන යාමක් මඟින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. මහනුවර ක්‍රීඩක දිලුක්ශ දන්ගේ හට කහ කාඩ්පතක් ද නිකුත් කෙරිනි. (නාවික 28 – 39 මහනුවර)

තරගයේ 79 වැනි මිනිත්තුවේ දී මහනුවර කණ්ඩායමට දඬුවම් පහරක් ලැබුණු අතර තරින්ද ‍රත්වත්තේ එය ගෝල කණු අතරින් යැවීම තෝරාගත්තේය. එය සාර්ථක වූයේ නැත. මහනුවර කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ ලකුණු 39-28ක් ලෙසිනි. 

අවසන් ලකුණු තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 39 (5T, 4C, 2P) – 28 (3T, 2C, 3P) නාවික හමුදා ක්‍රීඩා සමාජය

Dialog Viu තරගයේ ක්‍රීඩකයා: තරිඳු චතුරංග (මහනුවර). 

ලකුණු ලබාගැනීම

  • මහනුවර: ශ්‍රීනාත් සූරියබණ්ඩාර (1T), තරින්ද ‍රත්වත්තේ (4C, 2P), ජේසන් දිසානායක (1T), දනුෂ් දයාන් (1T), දිලුක්ශ දන්ගේ (1T), බුද්ධිම පියරත්න (1T)
  • නාවික හමුදාව: ඉසුරු කෝන්ගහවත්ත (1T, 2C, 3P), රදීශ සෙනවිරත්න (1T), නිමේශ ඒකනායක (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<