මඟ හැරුණු දඬුවම් පහරවලින් නිත්තවෙල ගිනියම් වෙයි

77

2019 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන සති අන්තයේ ඉතා උණුසුම් තරගයක් අද (7) මහනුවර නිත්තවෙල දී පැවැත්වුණේ මහනුවර ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය සමඟයි. ඉතා තියුණු තරගයකට පසුව ලකුණු 16-14ක් ලෙස ලකුණු දෙකක තියුණු ජයක් වාර්තා කළේ මහනුවර ක්‍රීඩා සමාජයයි.

පොලිස් බැටන් පහරට හැව්ලොක් යටත් වෙයි!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතියේ පළමු තරගය හැව්ලොක්…

තිලිණ වීරසිංහගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර පළමු මිනිත්තු කිහිපයේ දී ම මහනුවරට ප්‍රබල ආක්‍රමණයක් එල්ල කරන්නට නාවික හමුදා ක්‍රීඩකයින් සමත් වුනා. කෙසේ වෙතත් පළමු මිනිත්තු හය තුළ වැදගත් අවස්ථාවල දී Forward Pass අවස්ථා තුනක් සටහන් වීම නාවික හමුදාවට ඉතාම අවාසිසහගත වුනා.

8 වැනි මිනිත්තුවේ දී තරගයේ පළමු වරට ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට මහනුවර ක්‍රීඩක තිළිණ විජේසිංහ සමත් වුනේ දඬුවම් පහරක් අලංකාර ලෙස ගෝල කණු අතරින් පා කර යවමින්. (මහනුවර 03-00 නාවික)

එයට ක්ෂණික පිළිතුරක් ලබා දෙන්නට තිළිණ වීරසිංහට අනගි අවස්ථාවක් ලැබුනත් ගෝල කණු ඉදිරියේම ලැබුණු දඬුවම් පහර ඔහු අපතේ යවා ගත්තා.

13 වැනි මිනිත්තුවේ දී නාවික හමුදා ක්‍රීඩක අමිත් ගුණසිංහ පිටියේ දකුණු පස ලැබුණු Lineout අවස්ථාවකට පන්දුව යොමු කිරීමක් අසාර්ථක කර ගත් අතර පන්දුව ලබා ගත් මහනුවර පසු පෙළ ක්‍රීඩකයෝ ක්ෂණිකව පන්දුව පිටියේ වම් පසට යොමු කළේ පන්දුව කවිඳු පෙරේරාට ලබා දෙමින්.

සුපිරි ධාවනයක නිරත වූ කවිඳු පවනට බඳු වේගයෙන් දිවයමින් පිටියේ වම් කෙළවරින් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළා. ඉතා අපහසු ස්ථානයක සිට ලැබුණු එහි ප්‍රවර්තනය සාර්ථක වුනේ නැහැ.(මහනුවර 08-00 නාවික)

DRL දෙවැනි සතිය: මහනුවරට යන නාවිකයින්ට මොකක් වෙයි ද?

ඩයලොග් රග්බි ලීගයේ දෙවැනි සතියේ තරග, එළඹෙන සිකුරාදා (06) සිට සෙනසුරාදා…

23 වැනි මිනිත්තුවේ දී මහනුවර ක්‍රීඩකයින් නැවත ක්‍රියාත්මක වුනේ නාවික හමුදා ක්‍රීඩකයින් අන්දමන්ද කරමින්. Scrum අවස්ථාවකින් ලැබුණු පන්දුව නයිජල් රත්වත්ත අලංකාර ලෙස ඉදිරියට රැගෙන ගිය අතර තරින්ද රත්වත්ත පන්දුවත් සමඟ නාවික හමුදා ක්‍රීඩකයින් අතරින් රිංගා ගියේ නොසිතූ ලෙසයි.

තරින්ද ගෙන් පන්දුව ලබා ගත් ඔෂාන් පෙරේරා දෙවන මහනුවර උත්සාහක දිනුම වාර්තා කළේ ක්ෂණයකින් ධවල රේඛාව ඉක්මවා යමින්. තිළිණ විජේසිංහ හට එහි ප්‍රවර්තනයත් සාර්ථක කර ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. (මහනුවර 13-00 නාවික)

මහනුවර ක්‍රීඩා සමාජය පළමු අර්ධය ලකුණුත් සමඟ අවසන් කළේ මහනුවර ක්‍රීඩා සමාජයේ තිළිණ විජේසිංහ අලංකාර දඬුවම් පහරකින් ලකුණු රැස් කිරීම සමඟයි.

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 16 – 00 නාවික හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධයේ දී නාවික හමුදා ක්‍රීඩකයින් සුපිරි ක්‍රීඩා විලාසයකට අවතීර්ණ වූ අතර මහනුවර ක්‍රීඩකයින්ට සිදු වුනේ පන්දුව නොමැතිව පිටියේ සෑහෙන වෙලාවක් වේලීමටයි.

දෙවන අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව 47 වැනි මිනිත්තුවේ දී නාවික හමුදා ක්‍රීඩක ස්ටෙෆාන් සන්සෝනිට උත්සාහක දිනුමක් වාර්තා කිරීමට අනගි අවස්ථාවක් ලැබුනත් ක්ෂණිකව ක්‍රියාත්මක වූ ශ්‍රීනාත් සූරියබණ්ඩාර සන්සෝනිව සීමාවෙන් ඉවතට තල්ලු කර දැමුවේ නියත ලකුණු පහරක් ව්‍යර්ථ කරමින්.

අනතුරුව මිනිත්තු 15ක් පමණ නාවික හමුදා ක්‍රීඩකයින් මහනුවර උත්සාහක දිනුම් සීමාව අසලම රැඳෙමින් ආක්‍රමණයේ යෙදුනත් ඔවුන්ට සාර්ථක වන්නට මහනුවර ආරක්ෂක වළල්ල ඉඩක් ඉතිරි කළේ නැහැ.

64 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ අදිශ වීරතුංග තරගයේ පළමු නාවික හමුදා ලකුණ රැස් කළේ දඬුවම් පහරක් ක්ෂණිකව ලබාගෙන ධවල රේඛාව ඉක්මවා යමින්. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට තිළිණ වීරසිංහ සමත් වුනා. එම අවස්ථාවේ දී අනවශ්‍ය බාධා කිරීමක් සිදු කිරීම නිසා මහනුවර ක්‍රීඩක තරින්ද රත්වත්තට කහ කාඩ්පතක් ලබා දීමට විනිසුරු තීරණය කළේ නාවික හමුදා ක්‍රීඩකයින්ට අමතර වාසියක් ගෙනෙමින්. (මහනුවර 16-07 නාවික)

මහනුවරින් ගුවන් හමුදාවට ප්‍රබල ප්‍රහාරයක්

2019/20 ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ පළමු වටයේ පළමු සතියේ තවත් තරගයක් අද…

අවසන් මිනිත්තු කිහිපයේ දී නාවිකයෝ ප්‍රබල ආක්‍රමණයක් මහනුවර එල්ල කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 73 වැනි මිනිත්තුවේ දී ගිහාන් පෙරේරා තවත් ලකුණු පහක් නාවික හමුදා ලකුණු පුවරුවට එක් කළේ තරගය ඉතා තියුණු කරමින්. තිළිණ වීරසිංහ අමතර ලකුණු ද එකතු කළේ තරගයේ ලකුණු පරතරය ලකුණු දෙකක් දක්වා පහළට ගෙනෙමින්. (මහනුවර 16-14 නාවික)

තියුණු තරගයකට සුපිරි අවසානයක් ලබා දෙන්නට නාවික හමුදාවට අනගි අවස්ථාවක් හිමි වුනේ තරගයේ 78 වැනි මිනිත්තුවේ දීයි. මීටර 43ක සීමාවේ හිමි වුණු දඬුවම් පහරක් චතුර සෙනෙවිරත්න ලබා ගත්තත් ඔහුට එම අවස්ථාව නම් සාර්ථක කර ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ.

අවසන් ලකුණු තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 16 (2T, 2P) – 14 (2T, 2C) නාවික හමුදා ක්‍රීඩා සමාජය

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • මහනුවර – කවිඳු පෙරේරා (1T), ඔෂාන් පෙරේරා (1T), තිළිණ විජේසිංහ (2P)
  • නාවික හමුදාව – ගිහාන් පෙරේරා (1T), අදිශ වීරතුංග (1T), තිළිණ වීරසිංහ (2C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<