2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී සුපිරි දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩා තරු, ඉන්දුනීසියාවේ ජකර්තා හා පලෙම්බංග් හිදී පැවැත්වෙන 2018 ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව්වලින් ද ශ්‍රී ලංකාවට පදක්කමක් ගෙන ඒමේ අරමුණින් සටන් වදිනු ඇත.

රාජකීය සහ SSC කණ්ඩායම් ශූරතා දිනති

තියුණු තරගයකින් අනතුරුව රාජකීය A කණ්ඩායම පිරිමි ශූරතාව දිනා ගනිද්දී පසුගිය වසරේ ශූරියන් වූ විසාකා විද්‍යාලය පරාජය කරමින් SSC ක්‍රීඩා සමාජය 2018 එල්ලාවල වෝටර්පෝලෝ…

ශ්‍රී ලංකා පිහිනුම් හා ජල ක්‍රීඩා සංගමය (Sri Lanka Aquatic Sports Union) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් පස් දෙනෙකු ජකර්තා වෙත යැවීමට සුදානම් වන අතර ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් හා ජල ක්‍රීඩා ඉසව් එළඹෙන අගෝස්තු 19 වැනිදා සිට අගෝස්තු 24 වැනිදා දක්වා ජකර්තා හි ජී. බි. කේ ජල ක්‍රීඩා මධ්‍යස්ථානයේ පැවැත්වෙනු ඇත.  

  • මැතිව් අබේසිංහ

මෑතකාලීන යුගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම පදක්කම් දිනූ ක්‍රීඩකයා වන මැතිව් අබේසිංහ ශ්‍රී ලංකා වාර්තා නවයක් සමඟින් මෙවර ආසියානු පිහිනුම් තටාකාංගනයට පිවිසෙනු ඇත. FINA ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩා තරුව ඔහු වන අතර මේ වන විට ප්‍රසාද ලකුණු 871කක් ඔහුගේ නමට ලියවී තිබේ.   

මැතිව්ගේ අවසන් ඉහළම දක්ෂතාවය වූයේ 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ඔහුගේම ජාතික වාර්තා වූ මීටර 50 හා මීටර 100 ජාතික වාර්තා නැවත අලුත් කිරීමයි. මැතිව් අබේසිංහ, 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් හයක්, රිදී පදක්කම් දෙකක් හා එක් ලෝකඩ පදක්කමක් දිනා ගත් අතර මෙවර සිය මංගල ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන මැතිව් ශ්‍රී ලංකාව ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුවක් වනු ඇත.   

පිහිනුම් තටාකයේ බැල්ටිමෝර් වෙඩි උණ්ඩය – මයිකල් ෆෙල්ප්ස්

මින් එක් නමක් හෝ ඔබට හුරුපුරුදු ද? එසේ නම් ඔබ පිහිනුම් ක්‍රීඩාව සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ඇති අයෙකු විය යුතුය. ඉහත නම් අසා නොමැති වුවද මා මීළඟට සඳහන් කරන නම නම් ඔබට හොඳින්…

මැතිව්ගේ සුපුරුදු ප්‍රධානතම ඉසව් වන මීටර 50 හා මීටර 100 නිදහස් ආර ඉසව් ඔහුගේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තු වන අතර මීටර 200 ඉසව්ව ද ඔහුගේ ප්‍රධානතම ඉසව්වක් වනු ඇත. තවද ශ්‍රී ලංකා 100X4 නිදහස් ආර සහය පිහිනීමේ ඉසව්වේ ද ඔහුගේ දායකත්වය ශ්‍රී ලංකාවට ලැබෙනු අතර. මේ කණ්ඩායම මේ වසරේ දී ඉතිහාසයේ පළමු වරට පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියක අවසන් මහා තරගයට පිවිසීමට සමත් විය.

  • කයිල් අබේසිංහ

මැතිව්ගේ සහෝදරයා වන කයිල් අබේසිංහ මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින දක්ෂතම නැගී එන පිහිනුම් ක්‍රීඩා තරුව ලෙස සැලකිය හැකිය.

යොවුන් ක්‍රීඩක කයිල් අබේසිංහ ශ්‍රී ලංකාවේ පළමු හා එකම යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම දිනූ ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වූයේ 2017 වසරේ දී මීටර 50 හා මීටර 100 නිදහස් ආර ඉසව්වලින් රිදී පදක්කම් දෙකක් තමන් සතු කරගනිමින්. 2018 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 100X4 අවසන් මහා තරගයට පිවිසුණු ශ්‍රී ලංකා සහය පිහිනීමේ කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස ද ඔහු ක්‍රීඩා කළේය.

කයිල්ගේ ප්‍රධානතම ඉසව් වන්නේ මීටර 50හා මීටර 100 නිදහස් ආර ඉසව්ය.

  • චෙරන්ත ද සිල්වා

ජාතික වාර්තා බිඳ දැමූ තවත් ක්‍රීඩා තරුවක් වන චෙරන්ත ද සිල්වා තායිලන්තයේ Phuket හි තාන්යපුර් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයේ ද පුහුණුව ලබා ඇති අතර ඔහු ද ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුවක් වනු ඇත.  

2016 වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ චෙරන්ත එක් රන් පදක්කමක්, රිදී පදක්කම් හතරක්  සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් විය. මීටර 50 හා මීටර 200 සමනල ආර ඉසව්වේ ජාතික වාර්තා දෙකකට ද හිමිකම් කියන චෙරන්ත සිය නම ඉදිරියේ FINA ප්‍රසාද ලකුණු 730ක් සඳහන් කරගෙන ඇත. අබේසිංහ සහෝදරයින්ට පසුපසින් වේගවත්ම කාල ගණනය සමඟින් කණ්ඩායමට තේරුණු ක්‍රීඩකයා ද වන්නේ ද චෙරන්ත යි.

චෙරන්ත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ඉතිහාසය අලුත් කළ 100X4 සහය පිහිනුම් කණ්ඩායමේ ද සාමාජිකයෙක් වන අතර ඔහු සිය ප්‍රධානතම ඉසව් වන මීටර 50 හා මීටර 200 සමනල ආර ඉසව්වලින් තරග වදිනු ඇත.

2018 ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවේ සූදානම කෙසේ ද?

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 185 දෙනෙකුගෙන් යුතු සංචිතයක් 18 වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිත බව වාර්තා වේ. තරගාවලිය එළඹෙන අගෝස්තු 18 වැනිදා…

  • අකලංක පිරිස්

ශ්‍රී ලංකාවේ තවත් නැගී එන යොවුන් ක්‍රීඩා තරුවක් වන අකලංක පිරිස් සමනල ආර හා පසුපස ආර ඉසව්වලින් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම බලාපොරොත්තුවක් වනු ඇත. FINA ප්‍රසාද ලකුණු 693ක් සමඟින් මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ඔහු පසුගිය වසරේ දී ආසියානු වයස් කාණ්ඩ පිහිනුම් ශුරතාවලියේ දී සුපිරි දක්ෂතා දැක්වීමට සමත් විය.

ඔහු සහභාගී වූ ඉසව් තුනෙන්ම ජාතික වාර්තා අලුත් කළ අතර මීටර 50 සමනල, මීටර 50, මීටර 100 පසුපස ආර ඉසව් වල ජාතික වාර්තා ඔහු සතුය.

කේවල ඉසව් තුනක් හා එක් සහය පිහිනීමේ ඉසව්වක් සඳහා අකලංක පිරිස් ශ්‍රී ලංකාව නියෝජනය කරන අතර ඔහුගේ ප්‍රධානතම ඉසව් වන්නේ මීටර 50 ෆ්ලයි සහ පසුපස ආර ඉසව් හා ඔහුට නව අභියෝගයක් වන මීටර 200 පසුපස ආර ඉසව්වයි. තවද අකලංක මීටර 100X4 සහය පිහිනීමේ ඉසව්වෙන් අබේසිංහ සහෝදරයින්ට හා ද සිල්වා හට සහය දක්වනු ඇත.

  • කවින්ද්‍ර නුගවෙල

FINA ප්‍රසාද ලකුණු 692කක් සමඟින් කවින්ද්‍ර නුගවෙල කණ්ඩායමට එක්වන අතර යොවුන් පිහිනුම් තරුවක් වන කවින්ද්‍ර ආසියානු පිහිනුම් තටාකයේ නොමැකෙන සලකුණක් තබන්නට ඉතා මහන්සි වනු ඇත.

2016 ශ්‍රී ලංකාවේ පැවති දකුණු ආසියානු ජල ක්‍රීඩා හා පිහිනුම් ශූරතාවලියේ වාර්තාවක් පිහිටවු මීටර 200X4 සහය පිහිනුම් කණ්ඩායමේ සාමාජිකයෙකු ද වූ ඔහු 2017 දී FINA ලෝක කනිෂ්ඨ ශූරතාවලියට ද සහභාගී විය.

නුගවෙල මීටර 200 නිදහස් ආර ඉසව්ව ප්‍රධාන කරගෙන මෙවර ආසියානු තරග බිමට පිවිසෙන අතර ඔහු මීටර 100X4 කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ද කටයුතු කිරීමට නියමිතය.

මීටර 100 නිදහස් ආර හා මීටර 100X4 නිදහස් ආර සහය පිහිනීමේ ඉසව් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තු වනු ඇත. මනෝජ් අබේසිංහ ශ්‍රී ලංකාවේ පිහිනුම් පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති බව වාර්තා වන අතර මයිකල් ආරොන් සහය පුහුණුකරු ලෙස කණ්ඩායමට සිය දායකත්වය ලබා දෙනු ඇත.

කණ්ඩායමට කිසිදු කාන්තා නියෝජනයක් නොමැති අතර තරගාවලියේ නවතම තොරතුරු ලද සැණින් ඔබ වෙත ගෙන එන්නට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<