පොලීසිය වටලන්න මහනුවර සමත් වෙයි!

78

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සිව්වැනි සතියේ තවත් තරගයක් පොලිස් ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර අද (21) පොලිස් ක්‍රීඩා පිටියේ දී නිමාව දුටුවේ ලකුණු 34–13ක් ලෙස මහනුවර ක්‍රීඩකයින් ජයග්‍රහණය වාර්තා කරමිනි. 

රීසාගේ පීඩනයට යුද හමුදාව යටත් වෙයි!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සිව්වැනි සතියේ……

අපරාජිතව ලීග් ලකුණු පුවරුවේ ඉදිරියෙන්ම සිටින මහනුවර ක්‍රීඩා සමාජය මෙවර තරග වාරයේ දී පළමු තරග තුනම සිය නිජබිමේ දී ක්‍රීඩා කර මෙම තරගය සඳහා පළමු වරට කොළඹට පැමිණියේය. 

පසුගිය තරග වාරවල දී මහනුවර ක්‍රීඩා සමාජයට කොළඹ දී ක්‍රීඩා කරන තරග එතරම් සුබ නොවුනත්, මෙවර තරග වාරයේ දී එහි වෙනසක් බලාපොරොත්තු විය හැකි බව දක්නට ලැබේ.

තරගයේ 5 වැනි විනාඩියේ දී ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ මහනුවර ක්‍රීඩක ලසිත අත්තනගොඩ පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට තරින්ද රත්වත්ත සමත් විය. (පොලිස් 00 – 07 මහනුවර)

ඊට පිළිතුරු සපයමින් පොලිස් ක්‍රීඩා සමාජයේ යොහාන් පෙරේරා දඬුවම් පහරක ලකුණු සාර්ථකව ලකුණු පුවරුවට එකතු කරන්නට සමත් විය. (පොලිස් 03 – 07 මහනුවර)

නමුත් මහනුවර ක්‍රීඩක තරින්ද රත්වත්ත නැවත වරක් ක්‍රියාත්මක වෙමින් ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් තවත් ලකුණු තුනක් මහනුවරට ලබා දුන්නේය. (පොලිස් 03 – 10 මහනුවර)

හැව්ලොක් තුරඟුන් තුරඟ තරග පිටිය දෙවනත් කරයි!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේ…..

සුළු මොහොතකින් ක්‍රියාත්මක වූ ලවංග පෙරේරා මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් පොලිස් ධවල රේඛාව පසු කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින් අතිරේක ලකුණු දෙක තම කණ්ඩායමට එකතු කරන්නට තරින්ද රත්වත්ත සමත් විය. (පොලිස් 03 – 17 මහනුවර)

ප්‍රථම අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 03 – 17 මහනුවර ක්‍රීඩා සමාජය

දෙවැනි අර්ධය ආරම්භ වී මද වෙලාවකින් අනතුරුව “Maul” අවස්ථාවකින් තුලින් පොලිස් කණ්ඩායමේ පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට රසිත් සිල්වාට හැකි විය. එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (පොලිස් 08 – 17 මහනුවර)

තවදුරටත් මහනුවර ක්‍රීඩා සමාජයේ ලකුණු මට්ටම ඉහල නංවමින් දිලුෂ්ක දංගේ පොලිස් ධවල රේඛාව දෙවරක් පසු කර යාමට සමත් වූ අතර එම අවස්ථා දෙකේ දී ම ප්‍රවර්තන සාර්ථක කර ගැනීමට රත්වත්ත සමත් වූයේ නැත. (පොලිස් 08 – 27 මහනුවර)

මද වෙලාවකින් අනතුරුව පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඉමොසි වුණිවොසා වේගවත් ධාවනයක නිරත වෙමින් පන්දුව කසුන් සුරංග අතට පත්කළ අතර ඒත් සමඟින් මහනුවර ආරක්ෂාව පෙරළා යමින් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට කසුන් සමත් විය. එහි ප්‍රවර්තනය ද අසාර්ථකයි. (පොලිස් 13 – 27 මහනුවර)

DRL සිව්වැනි සතිය: CH – නාවික ගැටුමෙන් ජය කාට ද?

ඩයලොග් රග්බි ලීගයේ සිව්වැනි සතියේ තරග හෙට (19) සිට සෙනසුරාදා (21)…

තරගයේ අවසන් විනාඩි කිහිපයේ දී ක්‍රියාත්මක වූ බුද්ධිම පියරත්න වේගවත්ව ඉදිරියට ඇදෙමින් මහනුවර ක්‍රීඩා සමාජයේ ජයග්‍රහණය සනිටුහන් කරමින් තරගයේ අවසන් උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නට තරින්ද රත්වත්ත සමත් විය. (පොලිස් 13 – 34 මහනුවර)

අවසන් ලකුණු තත්වය: පොලිස් ක්‍රීඩා සමාජය 13 – 34 මහනුවර ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – දමිත් දිසානායක (මහනුවර ක්‍රීඩා සමාජය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

පොලිස් – රසිත් සිල්වා (1T), කසුන් සුරංග (1T), යොහාන් පෙරේරා (1P)
මහනුවර – ලසිත අත්තනගොඩ (1T), ලවංග පෙajරේරා (1T), දිලුෂ්ක දංගේ (2T), බුද්ධිම පියරත්න (1T), තරින්ද රත්වත්ත (3C, 1P)

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<