යුද හමුදාවෙන් පොලිසියට ආක්‍රමණයක්

443

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන අදියරේ අවසන් සතිය යටතේ පොලිස් ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර අද (09) කොළඹ පොලිස් පාක් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ලකුණු 36-43ක ජයග්‍රහණයක් හිමිකර ගන්නට යුද හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

ජාතික සත් සාමාජික කණ්ඩායමේ නායකයා CH & FC කණ්ඩායම

නවසීලන්තයේ පැවති පුහුණු වැඩමුළුවක් සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමෙන්…

තරගයට සාර්ථක ආරම්භයක් ලබාගත් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගනිමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කරන්නට සමත් විය. එහි දී අෂාන් බණ්ඩාර විසින් වාර්තා කර ගත් එම උත්සාහක දිනුම ගයාන් සාලින්ද විසින් සාර්ථකව ප්‍රවර්තනය කර ගන්නා ලදි. (PSC 00-07 ASC)

ඉන් අනතුරුව ඊට වහාම පිළිතුරු දැක්වූ පොලිස් ක්‍රීඩා සමාජය පිට පිට උත්සාහක දිනුම් දෙකක් වාර්තා කර ගනිමින් තරගයේ ඉදිරියට පැමිණෙන්නට සමත් විය. එම අවස්ථාවන් දෙකේ දී ම ඔවුන්ගේ පන්දු හුවමාරු කර ගැනීම ඉතා ඉහළ තත්වයක පැවති අතර ඒ අනුව පළමු උත්සාහක දිනුම චානක හරිශ්චන්ද්‍ර විසින් හා දෙවන උත්සාහක දිනුම ලහිරු ගුරුසිංහ විසින් වාර්තා කර ගනු ලැබීය. එම උත්සාහක දිනුම් දෙකම සංදේශ් ජයවික්‍රම විසින් සාර්ථකව ප්‍රවර්තනය කර ගන්නා ලදි. (PSC 14-07 ASC)

පසුව දඬුවම් පහර අවස්ථාවක් හිමි කර ගන්නට යුද හමුදා ක්‍රීඩකයින් සමත් වූ අතර එය ලබාගත් ගයාන් සාලින්ද පන්දුව සාර්ථකව ගෝල රාමුව තුළින් යොමු කිරීමට සමත් විය. (PSC 14-10 ASC)

ඉන් අනතුරුව පොලිස් ක්‍රීඩා සමාජයේ සංදේශ් ජයවික්‍රම විසින් එල්ල කළ පහරකින් පන්දුව ලබාගත් යුද හමුදා ක්‍රීඩා සමාජයේ සුදාරක දික්කුඹුර විසින් පොලිස් ක්‍රීඩකයින් පසු කරමින් පන්දුව රැගෙන යමින් විශිෂ්ට උත්සාහක දිනුමක් වාර්තා කර ගනු ලැබීය. ගයාන් සාලින්ද විසින් එය සාර්ථකව ප්‍රවර්තනය කර ගනු ලැබීය. (PSC 14-17 ASC)

ඉන් අනතුරුව නැවතත් ක්‍රියාත්මක වූ පොලිස් ක්‍රීඩා සමාජය උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් නැවතත් තරගයේ ඉදිරියට එන්නට සමත් විය. එම උත්සාහක දිනුම නායක රසිත් සිල්වා විසින් වාර්තා කර ගත් අතර කෙසේ නමුත් එය ප්‍රවර්තනය කර ගන්නට සංදේශ් සමත් වූයේ නැත. (PSC 19-17 ASC)

ඊට ප්‍රබල පිළිතුරක් ලබා දුන් යුද හමුදා ක්‍රීඩකයින් පළමු අර්ධය නිමා වන්නට පෙර අඛණ්ඩව උත්සාහක දිනුම් දෙකක් වාර්තා කර ගන්නට සමත් විය. එහි දී පළමු උත්සාහක දිනුම වාර්තා කර ගනු ලැබුවේ මෙම තරගයේ දී දෙවන වරට ක්‍රියාත්මක වූ අෂාන් බණ්ඩාර විසිනි. අනතුරුව වාර්තා වූ දෙවන උත්සාහක දිනුම ෂෙහාන් සිල්වා විසින් වාර්තා කර ගනු ලැබීය. ගයාන් විසින් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාවන් දෙකම සාර්ථක කර ගැනීමට සමත් විය.

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 19 – 31 යුද හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයේ දී ක්‍රියාත්මක වූ පොලිස් ක්‍රීඩා සමාජයේ ජනිත් චන්දිමාල් උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය අඩු කර ගැනීමට සමත් විය. කෙසේ නමුත් සංදේශ් විසින් එය සාර්ථකව ප්‍රවර්තනය කර ගැනීමට සමත් වූයේ නැත. (PSC 24-31 ASC)

අනතුරුව පොලිස් ක්‍රීඩකයින් සිය උත්සාහක දිනුම් කලාපය ආසන්නයේ පන්දුව හුවමාරු කර ගැනීමේ දී සිදු වූ අත්වැරදීමකින් පන්දුව ලබාගත් යුද හමුදා ක්‍රීඩා සමාජයේ මනෝජ් බණ්ඩාර එය පහසුවෙන් උත්සාහක දිනුම් කලාපයට රැගෙන යාමට සමත් විය. කෙසේ නමුත් එහි දී ගයාන් ලබාගත් ප්‍රවර්තන අසාර්ථක විය. (PSC 24-36 ASC)

ඉන් අනතුරුව නැවතත් ක්‍රියාත්මක වූ පොලිස් ක්‍රීඩා සමාජයේ ජනිත් චන්දිමාල් තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් තරගයේ සිය දෙවන උත්සාහක දිනුමට හිමිකම් කියන්නට සමත් විය. කෙසේ නමුත් එවර ද සංදේශ් ලබාගත් ප්‍රවර්තන අවස්ථාව සාර්ථක වූයේ නැත. (PSC 29-36 ASC)

CH ප්‍රහාරය හමුවේ පොලිස් මෙහෙයුම අසාර්ථකයි

‘Dialog’ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන අදියර යටතේ පොලිස් ක්‍රීඩා…

පසුව යුද හමුදා ක්‍රීඩකයින් විසින් හොඳින් පන්දුව හුවමාරු කරමින් එය ඉදිරියට රැගෙන ගිය අතර අවසානයේ එය ලබා ගත් දිනේෂ් සුරංග විසින් පන්දුව සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යාමට සමත් විය. ගයාන් විසින් එය සාර්ථකව ප්‍රවර්තනය කර ගැනීමට ද සමත් විය. (PSC 29-43 ASC)

අනතුරුව තරගය නිමාවන්නට පෙර පොලිස් ක්‍රීඩා සමාජයේ ලහිරු පවිත්‍ර විසින් උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් සංදේශ් විසින් එය සාර්ථකව ප්‍රවර්තනය කර ගනු ලැබුවත් එය යුද හමුදා ක්‍රීඩා සමාජයෙන් ඔවුන්ගේ ජයග්‍රහණය උදුරා ගන්නට ප්‍රමාණවත් වූයේ නැත. (PSC 36-43 ASC)

සම්පූර්ණ කාලය: පොලිස් ක්‍රීඩා සමාජය 36 (6T 3C ) – 43 (6T 5C 1P) යුද හමුදා ක්‍රීඩා සමාජය

ThePapare තරගයේ වීරයා – අෂාන් බණ්ඩාර (යුද හමුදා ක්‍රීඩා සමාජය)

ලකුණු ලබා ගැනීම –

  • පොලිස් ක්‍රීඩා සමාජය – ජනිත් චන්දිමාල් 2T, ශානක හරිශ්චන්ද්‍ර 1T, ලහිරු ගුරුසිංහ 1T, රසිත් සිල්වා 1T, ලහිරු පවිත්‍ර 1T, සංදේශ් ජයවික්‍රම 2C
  • යුද හමුදා ක්‍රීඩා සමාජය – අෂාන් බණ්ඩාර 2T, සුදාරක දික්කුඹුර 1T, ෂෙහාන් සිල්වා 1T, මනෝජ් බණ්ඩාර 1T, දිනේෂ් සුරංග 1T, ගයාන් සාලින්ද 5C 1P

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<