නාවික බලය හමුවේ ගුවන් බලය යටපත් වේ

1057

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දාහතර වන සතිය හෙවත් අවසන් සතිය ආරම්භ කරමින් අද (09) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමඟ පැවති තරගය ලකුණු 50-28ක් ලෙස ජය ගැනීමට නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් විය. තරගය රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ දී පැවැත්විය.

යුද හමුදාවෙන් පොලිසියට ආක්‍රමණයක්

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන අදියරේ අවසන් සතිය…

CR & FC කණ්ඩායමත්, ගුවන් හමුදා ක්‍රීඩා සමාජයත් පසුගිය සතියේ දී CR & FC පිටියේ දී තරග වැදුණු අතර එහි දී ලකුණු 27-17ක් වශයෙන් පරාජය වීමට ගුවන් හමුදා ක්‍රීඩකයින්ට සිදු විය. එසේම පසුගිය සතියේ දී නාවික හමුදා ක්‍රීඩා සමාජය ප්‍රබල හැව්ලොක් ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 16-11ක් ලෙස පරාජය විය. ඒ නිසාවෙන් කණ්ඩායම් දෙකම මේ තරගයට අවතීර්ණ වූයේ මෙම තරගය කෙසේ හෝ ජය ගැනීම සිය එකම අරමුණ කරගෙනයි.

ආරම්භක මිනිත්තුවේ සිටම ගුවන් හමුදා කණ්ඩායම නාවික හමුදා අර්ධය අක්‍රමණය කරමින් ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කළ අතර තරගයේ 8 වන මිනිත්තුවේ දී දුලංජන විජේසිංහ නාවික හමුදාව වෙනුවෙන් පළමු උත්සාහක දිනුම ලබා ගත්තේය. එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (නාවික 5-0 ගුවන්)

අනතුරුව ගුවන් හමුදාව ඉතා ක්‍රියාශීලීව උත්සාහක දිනුමක් කරා යාමට උත්සහ කළ අතර එය සාර්ථක කර ගනිමින් කෞෂාල් මනුප්‍රිය තරගයේ 12 වන මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් ලබා ගත්තේය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට චරිත් සෙනෙවිරත්න සමත් විය. (නාවික 5-7 ගුවන්)

තරගයේ 15 වන මිනිත්තුවේ දී ප්‍රේක්ෂකාගාරයේ උණුසුම් ප්‍රතිචාර මැද උත්සාහක දිනුමක් ලබා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් උත්සාහ කළත්, එය අසාර්ථක විය. නමුත්  ඔවුන්ට ලැබුණු දඬුවම් පහර සාර්ථක කර ගැනීමට චරිත් සෙනෙවිරත්න සමත් විය. (නාවික 05-10 ගුවන්)

තරගයේ 23 වන මිනිත්තුව තෙක් දෙපිලම කරට කර සටනක නිරත වූ අතර Driving-Maul ආකාරයට පන්දුව ඉදිරියට ගෙන ගිය නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් අබ්සාල් උත්සාහක දිනුමක් ලබා ගත්තේය. එහි ප්‍රවර්තනය තිළිණ වීරසිංහ විසින් සාර්ථක කර ගැනීමත් සමඟ තරගයේ පෙරමුණ ලබා ගැනීමට නාවික හමුදාව සමත් විය. (නාවික 12-10 ගුවන්)

චරිත් සෙනෙවිරත්න ප්‍රමුඛ නාවික හමුදාවට යළිත් වතාවක් දඬුවම් පහරක් ලැබුණු අතර එය සාර්ථක කර ගැනීමට ඔවුන් පසුබට නොවීය. (නාවික 15-10 ගුවන්)

අනතුරුව තරගයේ 32 වන මිනිත්තුවේ දී ප්‍රතිවාදී නාවික හමුදාව ඔවුන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගෙන යළිත් ලකුණු පුවරුවේ පෙරමුණ ගන්නා ලදි. එහි දී ගයාන් වික්‍රමරත්න වාර්තා කරන්නට ගිය උත්සාහක දිනුම ඔහු විසින් අවසන් මොහොතේ  තිළිණ වීරසිංහ හට ලබා දෙන ලදි. (නාවික 22-10 ගුවන්)

තරගයේ 34 හා 36 වන මිනිත්තුවල දී චරිත් සෙනෙවිරත්න දඬුවම් පහර දෙකක් සාර්ථක කරගෙන ගුවන් හමුදාවට යම් සහනයක් ගෙන එන ලදි. (නාවික 22-16 ගුවන්)

පළමු අර්ධය:  ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 16 ( 1T 1C 3P) – 22 (3T 2C 1P) නාවික හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයේ සිටම ගුවන් හමුදා කණ්ඩායම ලකුණු ලබා ගැනීමට ප්‍රබල ලෙස උත්සහ ගත්ත ද, Line-Out අවස්ථා සඳහා ප්‍රබල ලෙස තරග නොකිරීම ඔවුන්ගේ අවාසියට හේතු විය.

තරගයේ 58 වන මිනිත්තුවේ දී ගුවන් හමුදා අංක 17 ජර්සිය දරණ ලහිරු උදයංග කුමාර හට විනිසුරුතුමා විසින් කහ කාඩ්පතක් ලබා දෙන ලදි.

එහි වාසිය නාවික හමුදාවට ලබා ගැනීමට හැකි වූයේ තරගයේ 63 වන මිනිත්තුවේ දී නාවික හමුදා ක්‍රීඩක කසුන් ද සිල්වා නාවික හමුදාව තවදුරටත් පෙරමුණේ තබමින් ලබාගත් දැකුම්කළු උත්සාහක දිනුමත් සමඟිනි. එහි ප්‍රවර්තනය කිසිදු අපහසුතාවකින් තොරව සාර්ථක කර ගැනීමට තිළිණ වීරසිංහ සමත් විය. (නාවික 29-16 ගුවන්)

ගුවන් හමුදාවේ ගයන්ත ඉද්දමල්ගොඩ ප්‍රමුඛ පසු ක්‍රීඩකයෝ කෙතරම් උත්සහ කළ ද උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට නාවික හමුදා ඉදිරිපෙළ අවස්ථාවක් ලබා දුන්නේ නැත.

ජාතික සත් සාමාජික කණ්ඩායමේ නායකයා CH & FC කණ්ඩායම

නවසීලන්තයේ පැවති පුහුණු වැඩමුළුවක් සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමෙන්…

තරගයේ 71 වැනි මිනිත්තුවේ දී නාවික හමුදාවට හිමි වූ අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් කසුන් ද සිල්වා වර්ණවත් උත්සාහක දිනුමක් දිනා ගත්තේය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට තිළිණ වීරසිංහ සමත් විය. (නාවික 36-16 ගුවන්)

මොහොමඩ් අබ්සාල් හා තිළිණ වීරසිංහ පිළිවෙළින් 73 හා 76 වන මිනිත්තුවල දී උත්සාහක දිනුම් වාර්තා කර ගත් අතර එහි ප්‍රවර්තන දෙකම සාර්ථක කර ගැනීමට තිළිණ වීරසිංහට හැකි විය. (නාවික 50-16 ගුවන්)

තරගය ක්‍රම ක්‍රමයෙන් උණුසුම් වෙද්දී සිය අඩුපාඩුකම් යම් මට්ටමකට හෝ නිවැරදි කර ගත් ගුවන් හමුදාව වෙනුවෙන් උත්සාහක දිනුමක් ලබා ගැනීමට චරිත් සෙනෙවිරත්න සමත් විය. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (නාවික 50-21 ගුවන්)

තරගයේ 77 වන මිනිත්තුවේ දී උමේශ් රාමදාන් ලබාගත් උත්සාහක දිනුම තවදුරටත් සවියක් කර ගත් ගුවන් හමුදාව වෙනුවෙන් චරිත් සෙනෙවිරත්න එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේය. (නාවික 50-28 ගුවන්)

අවසන් ලකුණු තත්වය:  ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 28 ( 1T 1C 3P) – 50 ( 6T 5C 1P) නාවික හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: මොහොමඩ් අබ්සාල් (නාවික)

ලකුණු ලබාගත් ක්‍රීඩකයෝ

  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – කෞෂාල් මනුප්‍රිය (1T), චරිත් සෙනෙවිරත්න (1T 2C 3P), උමේශ් රාමදාන් (1T)
  • නාවික හමුදා ක්‍රීඩා සමාජය (28) – දුලංජන විජේසිංහ (1T), තිළිණ වීරසිංහ(2T 6C 1P), මොහොමඩ් අබ්සාල් (2T), කසුන් ද සිල්වා (2T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<