අවසන් පූර්ව බලාපොරොත්තුවට මැතිව්ස්‌ගේ පිල අලුතෙන්ම වැඩ අරඹයි

307
Mathews

බටහිර ඉන්දීය කොදෙව් තරග පරාජයෙන් පසුව දින දෙකක කායික සහ මානසික විවේකයකින් පොහොසත් වූ ශ්‍රී ලංකා පිල දිල්ලි නුවරට පැමිණීමෙන් පසුව පළමු පුහුණු සැසියට අද (23 දා) පස්‌වරුවේදී දිල්ලි නගරයට කිලෝ මීටර 15 ක්‌ පමණ එපිටින් පිහිටි පනම් හිදී පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතය.

අවසන් පූර්ව තරග අවස්‌ථාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට තිබෙන තීරණාත්මක තරග දෙකම දිල්ලි හි පිහිටි ෙµරෝසා ෂා කොට්‌ලා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර එහි පළමු තරගය ලබන 26 වැනිදා එංගලන්තය සමගත් දෙවැනි තරගය 28 වැනිදා දකුණු අප්‍රිකාව සමගත් පැවැත්වේ. ෙµරෝසා ෂා කොට්‌ලා ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු පුහුණු සැසිය අනිද්දා (25 දා) පස්‌වරුවේදී පැවැත්වේ.

කොදෙව් තරගය පරාජයට පත්වුවත් ශ්‍රී ලංකා පිල ඉදිරි තරග දෙක ජය ගනිමින් අවසන් පූර්ව තරග අවස්‌ථාව උදාකර ගැනීම සඳහා දැඩි උද්යෝගයකින් සිටින බව ශ්‍රී ලංකා කණ්‌ඩායම් කළමනාකරු පවසයි. ශ්‍රී ලංකා පිලේ පන්දුවට පහරදීම සහ පන්දු රැකීම කෙරෙහි වැඩි උනන්දුවක්‌ යොමු කළ යුතු බව ඇන්ජලෝ මැතිව්ස්‌ දිවයිනකළ විමසීමකදී පැවසීය.

අපි තවම අවසන් පූර්ව තරග අවස්‌ථාව උදාකර ගැනීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කරමින් ඉන්නවා. අපේ පන්දු යෑවීම කොදෙව් තරගයේදී හොඳ වුණත් පන්දු රැකීම සහ පන්දුවට පහරදීම හොඳ තැනක නැහැ. පුහුණුවීම්වලදී ඒ වෙනුවෙන් අපි වැඩි අවධානයක්‌ යොමු කරනවායෑයි මැතිව්ස්‌ කොදෙව් තරග පරාජයෙන් පසුව වැඩිදුරටත් පැවසීය.

පළමු කාණ්‌ඩයෙන් අපරාජිතව සිටින නවසීලන්ත කණ්‌ඩායම ඊයේ (22 දා) රාත්‍රියේදී පැවැති තරගයෙන් පකිස්‌තානය පරාජය කළහොත් නියත වශයෙන්ම ඔවුන් පළමු කාණ්‌ඩයෙන් අවසන් පූර්ව තරග අවස්‌ථාව උදාකරගනී.