නාවික බලය හමුවේ යුධ සෙබළුන් අසරණ වෙයි

510

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ  නව වන සතිය අවසන් කරමින් යුධ හමුදා ක්‍රීඩා සමාජයත්, නාවික හමුදා ක්‍රීඩා සමාජයත් අද (07) හැව්ලොක්  පිටියේ දී තරග වැදුණු අතර එහි දී ලකුණු 28-10ක් ලෙස තරගය ජය ගැනීමට නාවික හමුදා ක්‍රීඩකයන් සමත් විය.

CH පළිගැනීමේ මෙහෙයුම සාර්ථකයි!

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ නව වන සති අන්තය ආරම්භ කරමින් හැව්ලොක් ක්‍රීඩා සමාජය හා CH & FC කණ්ඩායම අතර අද (6) පැවති…

දෙපිලේම ඔල්වරසන් මැද තරගය ප.ව. 4.00ට ආරම්භ වූ අතර කණ්ඩායම් ද්විත්වයම ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන කණ්ඩායම් වීම විශේෂත්වයක් විය.

නාවික හමුදා කණ්ඩායමේ මනා පන්දු හැසිරවීමක් ඔස්සේ ලහිරු ලක්ෂාන් වෙත ආ පන්දුව ඔහු තිලිණ වීරසිංහට ලබා දුන් අතර අවසානයේ ඔවුන්ගේ උත්සාහය සාර්ථක වෙමින් ප්‍රථමයෙන්ම ලකුණු පුවරුව ආරම්භ කිරීමට නාවිකයෝ සමත් වූහ. එහි ප්‍රවර්තනය ද තිලිණ විසින් සාර්ථක කර ගන්නා ලදි (00-07).

ඉන්පසු පිටියේ එක්වූ සුධාරක යුධ හමුදාව වෙනුවෙන් ද, සාලිය නාවික හමුදාව වෙනුවෙන් ද උත්සාහක දිනුමක් වෙනුවෙන් පන්දුවත් සමඟින් පොරබැදු අතර නාවික බලය තීව්‍ර වූ අවස්ථාවක දී සිදු වූ අනිසි බලපෑමක් නිසාවෙන් ලද දඬුවම් පහරක් ගයාන් සාලින්ද විසින් සාර්ථක කර ගන්නේ යුධ හමුදා ලකුණු පුවරුව සක්‍රිය කරමිනි (03-07).

මහනුවර ආක්‍රමණයෙන් ගුවන් තටු බිඳී යයි

‘Dialog’ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන අදියර යටතේ මහනුවර ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර අද (06) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ දී…

ඉන් නොනැවතුණු යුධ හමුදා ක්‍රීඩකයන් දිගින් දිගටම නාවික ආරක්‍ෂක කලාපයට ක්‍රීඩකයන් ඇතුළු කර අතර යුධ හමුදා ක්‍රීඩක සමීර බුලත්සිංහල උත්සාහක දිනුමක් ලබා ගන්නා ලදි. සාලින්ද ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය (10-07).

එම ලකුණට පිළිතුරු සපයන්නට පසුබට නොවූ යුධ හමුදා ඉදිරි පෙළ අසළම පන්දු හසුරුවමින් ආරක්ෂක වළල්ලේ වාසිය අතට ගත් නාවික ක්‍රීඩක ස්ටීවන් ග්‍රෙගරි ධවල රේඛාව පසුකර යන්නේ තවත් උත්සාහක දිනුමක් නාවිකයන්ට අත්කර දෙමිනි. එහි ප්‍රවර්තනය ද තිලිණ සාර්ථක කර ගත්තේය (10-14).

පළමු අර්ධය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 10 – 14 නාවික හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භ වී දිගු කාලයක් පුරාම තම අණසක පතුරවමින් සිටි නාවිකයන්ට, යුධ හමුදාවෙන් අක්‍රමණයක් එල්ල වෙමින් තිබූ අවස්ථාවක, චරිත් සිල්වා 59 වන මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් වාර්තා කරනු ලබන්නේ නාවිකයින් තවත් ඉදිරියට ගෙන යමිනි. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි (10-21).

68 වන මිනිත්තුවේ දී නැවතත් සාර්ථක උත්සාහක දිනුමක් තිලිණ වීරසිංහ විසින් ලබා ගන්නේ අගනා පන්දු හුවමාරුවක් මඟිනි. තිලිණ එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට සමත් විය (10-28).

සන්දේශ්ගේ උත්සාහය අවසන් මොහොතේ වතුරේ යයි

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ නව වැනි සතිය ආරම්භ කරමින් තරග ත්‍රිත්වයක් අද (06) පැවැත්විය. ඒ අතරින් CR & FC කණ්ඩායමත්, පොලිස් ක්‍රීඩා…

තරගය මිනිත්තුවෙන් මිනිත්තුව තියුණු වූ තැන නාවික හමුදාවේ අනිසි බලපෑමකට වරදකරු වෙමින් අදිශ වීරතුංග ක්‍රීඩාගාරයට හරවා යවන්නේ කහ කාඩ්පතක් ලබා දෙමිනි. තරගයේ අවසන් මිනිත්තු කිහිපයේ අනිසි බලපෑම් කිහිපයක්ම දක්නට ලැබුණු නමුත් දෙපිලටම ලකුණු වාර්තා කිරීමට අවස්ථාවක් නොලැබුණු හෙයින් තරගය අවසන් වූයේ නාවික හමුදාවට ජය අත්කර දෙමිනි.

අවසන් ලකුණු තත්වය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 10 (1T, 1C, 1P) – 14 28 (4T, 4C) නාවික හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: තිලිණ වීරසිංහ (නාවික හමුදාව)

ලකුණු ලබාගත් ක්‍රීඩකයින්

  • යුධ හමුදා ක්‍රීඩා සමාජය: සමීර බුලත්සිංහල (1T), ගයාන් සාලින්ද (1C, 1P)
  • නාවික හමුදා ක්‍රීඩා සමාජය: ස්ටීවන් ග්‍රෙගරි (1T), චරිත් සිල්වා (1T), තිලිණ
  • වීරසිංහ (2T, 4C)

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට