මහනුවර ආක්‍රමණයෙන් ගුවන් තටු බිඳී යයි

712

‘Dialog’ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන අදියර යටතේ මහනුවර ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර අද (06) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ දී පැවති තරගයෙන් ලකුණු 64-12ක පහසු ජයග්‍රහණයක් වාර්තා කරගන්නට ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.   

සන්දේශ්ගේ උත්සාහය අවසන් මොහොතේ වතුරේ යයි

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ නව වැනි සතිය ආරම්භ කරමින් තරග ත්‍රිත්වයක් අද (06) පැවැත්විය. ඒ අතරින් CR & FC කණ්ඩායමත්, පොලිස්…

මහනුවර ක්‍රීඩා සමාජය තරගයේ ආරම්භක මොහොතේ සිටම ප්‍රතිවාදී ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට සමත් වූ අතර ඒ අනුව ඔවුන් තරගය ආරම්භ වී මිනිත්තු 10ක් යන්නටත් පෙර උත්සාහක දිනුම් 2ක් වාර්තා කරන්නට සමත් විය. එහි දී පළමු උත්සාහක දිනුම බුවනෙක උඩන්ගමුව විසින් හා දෙවන උත්සාහක දිනුම ධනුෂ්ක රංජන් විසින් වාර්තා කර ගනු ලැබීය. එමෙන්ම එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාවන් ද්විත්වය ද සාර්ථක කර ගන්නට තිලිණ විජේසිංහ සමත් විය (AFSC 00 – 14 KSC).

කෙසේ නමුත් ඉන් අනතුරුව තරගයට අවතීර්ණ වූ ගුවන් හමුදා ක්‍රීඩකයින් තරගයේ සිය පළමු උත්සාහක දිනුම වාර්තා කර ගන්නට සමත් විය. එහි දී ඉෂාර මදුෂාන් විසින් එම උත්සාහක දිනුම වාර්තා කර ගත් අතර කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ලබාගත් ගයන්ත ඉද්දමල්ගොඩ එය සාර්ථක කර ගන්නට සමත් වූයේ නැත (AFSC 05 – 14 KSC).

එතැන් සිට නැවතත් තරගයේ පාලනය තමන් දෙසට යොමු කර ගන්නට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. එහි දී ඔවුන් අඛණ්ඩව උත්සාහක දිනුම් 3ක් වාර්තා කර ගනු ලැබුවේ තරගයේ 20 වන මිනිත්තුවේ දී තරගයේ ප්‍රසාද ලකුණ ද හිමි කර ගනිමිනි. දනූෂ් දයාන්, ෂෙහාන් පතිරණ සහ අනුරුද්ධ විල්වර විසින් එම උත්සාහක දිනුම් වාර්තා කර ගනු ලැබූ අතර කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාවන් අතරින් විජේසිංහ සාර්ථක කර ගැනීමට සමත් වූයේ එක් අවස්ථාවක් පමණි (AFSC 05 – 31 KSC).

ඉන් මිනිත්තු කිහිපයකට පසුව යාකූබ් අලි විසින් මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගනු ලැබූ අතර එවර එය සාර්ථකව ප්‍රවර්තනය කර ගැනීමට විජේසිංහ සමත් විය (AFSC 05 – 38 KSC).

අනතුරුව ගුවන් හමුදා ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට ඉතා ආසන්නයට ගිය අතර එහි දී මහනුවර ක්‍රීඩකයින් අතින් ඔවුන් හට ‘Penalty try’ අවස්ථාවක් පිරිනැමීම හරහා පළමු අර්ධය නිමා වන්නට පෙර ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ දෙවන උත්සාහක දිනුම වාර්තා විය (AFSC 12 – 38 KSC).

අනතුරුව තරගයේ පළමු අර්ධය අවසන් වන්නට ඉතා සුළු කාලයක් ඉතිරිව තිබිය දී දනූෂ් දයාන් විසින් තරගයේ සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කර ගනු ලැබූ අතර එවර ද එය සාර්ථකව ප්‍රවර්තනය කර ගැනීමට විජේසිංහ සමත් විය (AFSC 12 – 45 KSC).

පළමු අර්ධය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 12 – 45 මහනුවර ක්‍රීඩා සමාජය

තරගයේ දෙවන අර්ධයේ දී ද ප්‍රබල මහනුවර ක්‍රීඩකයින් ප්‍රතිවාදීන් හට දැඩි පීඩනයක් එල්ල කරන්නට සමත් වූ අතර අනෙක් පසින් ගුවන් හමුදා ක්‍රීඩකයින් පළමු අර්ධයට වඩා වැඩි කාලයක් පන්දුව තමන් සතුව රඳවා ගනිමින් උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට උත්සාහ දැරීය.

කෙසේ නමුත් දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගතවද්දී අඛණ්ඩව තවත් උත්සාහක දිනුම් දෙකක් සිය ලකුණු සටහනට එක්කර ගන්නට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් විය. එහි දී පළමු උත්සාහක දිනුම තරිඳු චතුරංග විසින් සහ දෙවන උත්සාහක දිනුම නයිජල් රත්වත්තේ විසින් වාර්තා කර ගනු ලැබීය. කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථා අතරින් විජේසිංහ සාර්ථක කර ගැනීමට සමත් වූයේ එක් අවස්ථාවක් පමණි (AFSC 12 – 57 KSC).

මහනුවර ප්‍රහාරයෙන් පොලිසියට දැඩි අලාභ හානි

අන්තර් සමාජ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ ආරම්භක සති අන්තයේ අවසන් තරගය අද (30) මහනුවර ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර…

අනතුරුව තරගය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී උචිත ජයසූරිය විසින් තරගය තුළ සිය කණ්ඩායමේ 10 වන උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට සමත් වූ අතර විජේසිංහ විසින් එය සාර්ථකව ප්‍රවර්තනය කරන ලදි (AFSC 12 – 64 KSC).

අනෙක් පසින් ගුවන් හමුදා ක්‍රීඩකයින් දෙවන අර්ධය තුළ කිසිදු උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට අපොහොසත් වූ අතර ඒ අනුව මෙම තරගයෙන් පහසු ජයක් වාර්තා කර ගන්නට ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

සම්පූර්ණ කාලය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 12 (2T 1C) – 64 (10T 7C) මහනුවර ක්‍රීඩා සමාජය

ThePapare තරගයේ වීරයා – දනූෂ් දයාන් (මහනුවර ක්‍රීඩා සමාජය)

ලකුණු ලබාගැනීම

  • මහනුවර ක්‍රීඩා සමාජය – බුවනෙක උඩන්ගමුව 1T, ධනුෂ්ක රංජන් 1T, දනූෂ් දයාන් 2T, ෂෙහාන් පතිරණ 1T, අනුරුද්ධ විල්වර 1T, යාකූබ් අලි 1T, තරිඳු චතුරංග 1T, නයිජල් රත්වත්තේ 1T, උචිත ජයසූරිය 1T, තිලිණ විජේසිංහ 7C
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – ඉෂාර මදුෂාන් 1T, Penalty Try 1

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට