හැව්ලොක් ආරක්ෂක වළල්ල CR ක්‍රීඩකයෝ බිඳ දමති

552

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ දොළොස් වන සතිය ආරම්භ කරමින් තරග ත්‍රිත්වයක් අද (06) පැවැත්විය. ඒ එක් තරගයක දී  CR & FC කණ්ඩායමත්, හැව්ලොක් ක්‍රීඩා සමාජයත් හැව්ලොක් පිටියේ දී තරග වැදුණු අතර එහි දී ලකුණු 30-22ක් වශයෙන් තරගය ජය ගැනීමට CR & FC ක්‍රීඩකයන් සමත් විය.

මහනුවර බලය හමුවේ නාවිකයෝ ඇද වැටේ

අන්තර් සමාජ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ 12 වන සති අන්තය ආරම්භ කරමින් අපරාජිත මහනුවර ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය අද (27) වැලිසර දී තරග වැදුණු අතර, තියුණු තරගයකින්…

විදුලි ආලෝක මධ්‍යයේ CR පා පහරින් තරගය ආරම්භ විය. තරගය ආරම්භ වී මිනිත්තුවක් ගතවුණු තැන CR ක්‍රීඩකයන් එක පෙළට හැව්ලොක් වළල්ලට ඇතුල් වන්නට විය. එය ව්‍යර්ථ කරනු වස් පැමිණි හැව්ලොක් ක්‍රීඩකයින් අතින් සිදු වූ අනිසි බලපෑමකින් ලද දඬුවම් පහරක් තරින්ද රත්වත්තේ විසින් සාර්ථක කර ගනිමින් CR ලකුණු පුවරුව ආරම්භ විය. (03-00)

ඉන් පැති මාරු වුන පන්දුව CR ආරක්ෂක වළල්ල අතරින් චාමර දාබරේ හුවමාරු කරමින් ඇදෙද්දී, නැවතත් CR ග්‍රහණයට හසුවෙමින් කළ අනිසි බලපෑමක් නිසා ලද දඬුවම් පහරක් රීසා මුබාරක් විසින් සාර්ථක කර ගනිමින් හැව්ලොක් ලකුණු පුවරුව ආරම්භ විය. (03-03)

ඉන් තවත් මිනිත්තු කීපයක් ගතවුණු තැන නැවතත් CR දෙසින් සිදු වූ අනිසි බලපෑමක් සාර්ථකව ප්‍රයෝජනයට ගනිමින් රීසා මුබාරක් තවත් ලකුණු ත්‍රිත්වයක් හැව්ලොක් වෙත ලබා දුන්නේය. (03-06)

දෙපිලම ලකුණු වෙනුවෙන් උරන්උර ගැටෙන බවක් පෙනුණ අතර ඉක්මන් ක්‍රීඩා විලාසය නිසා තවත් මිනිත්තු කීපයක් ගතවෙද්දී සිදු වූ අනිසි බලපෑමක් රීසා විසින් නැවතත් හැව්ලොක් කණ්ඩායමට ලකුණු 3ක් දිනා දුන්නේය. (03-09)

තරගය තව තවත් උණුසුම් වෙද්දී CR වෙතින් තම උපක්‍රම වෙනස් කරන බවක් පෙනෙන්නට තිබුණු අතර ඒ අවසරය හැව්ලොක් ඉදිරි ආරක්ෂක වළල්ල අසලම රැඳෙමින් ඉක්මන් හඹා යාමකින් කෝකිල හිරාන් පළමු උත්සාහක දිනුම CR වෙත දිනා දුන්නේය. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (08-09)

නැවතත් ක්‍රියාත්මක වූ හැව්ලොක් ක්‍රීඩකයින් පළමු අර්ධය අවසන් වීමට මිනිත්තුවක් තිබිය දී CR අනිසි බලපෑමකින් ලද වාසිය තවත් දඬුවම් පහරක් බවට පරිවර්තනය කර ගනිමින් රීසා තවත් ලකුණු ත්‍රිත්වයක් හැව්ලොක් පුවරුවට එක් කළේය. (08-12)

පළමු අර්ධය: CR & FC 08 – 12  හැව්ලොක්  ක්‍රීඩා සමාජය

පෙර අර්ධයේ වැරදි මඟ හරවා ගැනීමේ අදිටනින් දෙපිලම තරගයට අවතීර්ණ වූ අතර තරගය ආරම්භ වී මිනිත්තුවක් ගතවුණු තැන නැවතත් CR ධවල රේඛාව අසලම කළ අනිසි බලපෑමක් නැවතත් රීසා සාර්ථක දඬුවම් පහරක් ලෙසින් හැව්ලොක් වෙත ලබා දුන්නේය. (08-15)

තරගයේ තීරණාත්මක බව මිනිත්තුවෙන් මිනිත්තුවට වැඩිවෙද්දී එකට එක කරන්නාක් මෙන් ලද තවත් දඬුවම් පහරක් හැව්ලොක් අන්තයෙන් තරින්ද සාර්ථක කර ගත්තේය. (11-15)

ඉන් මොහොතකට පසු රෙහාන් සිල්වාගේ අලංකාර පන්දු පාලනයත්, CR පසුපෙළ ක්‍රීඩක චමෝද් ප්‍රනාන්දුගේ මනා සහයෝගයත් නිසා හැව්ලොක් ආරක්ෂක බල ඇණිය බිඳ හෙළමින් තවත් උත්සාහක දිනුමක් CR පුවරුවට එදිරිව සටහන් වූයේ නලින් කුමාර හට ගෞරවය හිමි කර දෙමිනි. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (18-15)

පොලිසියේ ජයග්‍රහණ පිපාසාව සංසිඳේ

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන අදියර යටතේ පොලිස් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර අද (27) කොළඹ පොලිස් පාක් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන්…

තරගය  තවත් මොහොතක් ගතවෙත්ම නැවතත් CR කණ්ඩායම තම උපක්‍රමශීලි ක්‍රීඩා විලාසය හැව්ලොක් වෙත පෙන්නන්නට වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස නැවතත් චමෝද් ප්‍රනාන්දු සෙස්සන්ගේ සහයෝගයෙන් තවත් උත්සාහක දිනුමක් සාර්ථක කර ගැනීමට සමත් විය. එහි ප්‍රවර්තනය ද තරින්ද සාර්ථක කර ගන්නා ලදි. (25-15)

තරගයේ අවසන් මිනිත්තු කිහිපයේ දී දුෂ්මන්ත ප්‍රියදර්ශන තවත් අසීරු උත්සාහක දිනුමක්  තම හැකියාව සහ පළපුරුද්ද උපයෝගී කර ගනිමින් හැව්ලොක් කණ්ඩායම වෙත දිනා දුන්නේය. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (25-22)

තරගයේ අවසන් මිනිත්තුව පෙනෙන මානයේ ලද පන්දුවක් මැනවින් හුවමාරු කර ගත් රීසා රෆයිදීන් ඉක්මන් දිවීමකින් ධවල රේඛාව වෙත ගෙන ආවේ CR කණ්ඩායමේ ජයග්‍රහණ බලාපොරොත්තු සඵල කරමිනි. එහි ප්‍රවර්තනය අසාර්ථකයි.(30-22)

අවසන් ලකුණු තත්වය: CR & FC ක්‍රීඩා සමාජය 30 (4T, 2C, 2P) – 22 (1T, 1C, 5P) හැව්ලොක් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: තාරික් සාලේ (CR & FC)

ලකුණු ලබා ගැනීම

  • CR & FC: චමෝද් ප්‍රනාන්දු 1T, නලින් කුමාර 1T, කෝකිල හිරාන් 1T, රීසා රෆයිදීන් 1T, තරින්ද රත්වත්ත 2C, 2P 
  • හැව්ලොක් ක්‍රීඩා සමාජය: දුෂ්මන්ත ප්‍රියදර්ශන 1T, රීසා මුබාරක් 1C 5P

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<