මහින්ද ක්‍රීඩකයෝ ආදරවන්තයන්ගේ සටනට පෙරහුරුවක් ලබා ගනී

642
Vinura Dulsara

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ සුහද තරගය ගොන්නට ඇතුළත් ගාල්ල මහින්ද විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර දෙදින තරගය අද (03) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූයේ ජය පරාජයෙන් තොරව නිමා වූ තරගයක් සේ ය.

අශාන් සහ ලසිත් මැසිනොද් ක්‍රීඩකයන්ට එරෙහිව දැවැන්ත ඉනිමක් ගොඩ නගයි

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ අශාන් ප්‍රනාන්දුගේ ද්විත්ව ශතකයත්, ලසිත් කෘෘස්පුල්ලේගේ

පෙර දිනයේ දි පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණ 313ක් ලබා ගනිමින් පළමු ඉනිම අත්හිටුවමින් ප්‍රතිවාදීන්ට පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර ධර්මරාජ විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබාගත්තේ ලකුණු 83කි.

ඔවුන් අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය පළමු දිනයට අවසන් කරන විට ලබා සිටියේ කඩුලු 2ක් දැවී ලකුණු 21ක් පමණි.

ධර්මරාජ පළමු ඉනිම අඩපණ කිරීමේ දී වමතින් දඟපන්දු යවන පසන් පෙතන්ගොඩ ලකුණු 16කට කඩුලු 4ක් බිඳ දැමුවේය. ඔහුට සහයෝගය දැක්වූ නවෝද් පරණවිතාන ලකුණු 10කට කඩුලු 2ක් දවා ගත්තේය.

අනතුරුව ලකුණු 230ක් ඉදිරියෙන් සිටි මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමට නැවත පිටියට පිවිසෙමින් කඩුලු 2ක් දැවී ලකුණු 115ක් ලබා ගත්තේය. එම ඉනිමේ දී පළමු ඉනිමේ දී ද අර්ධ ශතකයක් ලබා ගත් දකුණත් පිතිකරු හංසික වැළිහිඳ පන්දු 70කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 54ක් ලබා ගත්තේය.

ඊට අමතරව විනුර දුල්සර පන්දු 69ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තේය.

ලකුණු 346ක ඉලක්කයක් පසුපස යෑමට දෙවැනි ඉනිමට පිටියට පිවිසි සංචාරක ධර්මරාජ ක්‍රීඩකයෝ තේ විවේකය පැමිණීමටත් ප්‍රථමයෙන් ක්‍රීඩාංගණය පුරා පැවති අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 20ක් ලබා සිටියේය.

මහින්ද විද්‍යාලය වෙනුවෙන් දෙවැනි ඉනිමේ දක්ෂ පන්දු යැවීමක නිරත වූ දකුණතින් වේගපන්දු යැවූ අශේන් කණ්ඩම්බි ලකුණු 09කට කඩුලු 2ක් දවා ගත්තේය.

මහින්ද විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 313 (69.1) කේ. කේ. කෙවින් 83, හංසික වැළිහිඳ 72, විනුර දුල්සර 39, කවිඳු එදිරිවීර 38, රෙෂාන් කාවින්ද 38

ධර්මරාජ විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 83 (36.5) කේ. එන්. ගුණවර්ධන 20, නවෝද් පරණවිතාන 2/10, පසන් පෙතන්ගොඩ 4/16

මහින්ද විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 115 (24.2) හංසික වැළිහිඳ නොදැවී 54, විනුර දුල්සර 59

ධර්මරාජ විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 20 (11.0) අශේන් කණ්ඩම්බි 2/09

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<