ඩයලොග් රග්බි ලීග් තරඟ මාලාවේ 2වන සතියේ තරඟ 3ක් මෙම සෙනසුරාදා සහ කොළඹ රග්බි පාපන්දු සමාජය හා නාවික හමුදා කණ්ඩායම අතර තරඟය ඉරිදා වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

පසුගිය ලිපි: අනර්ඝ ක්‍රීඩා අත්දැකීමක් යලි තිලිණ කරන්නට රග්බි කෙළිබිම සූදානම්

පලමු තරගය

• පොලිස් ක්‍රීඩා සමාජය සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර
• දිනය: 2016 නොවැම්බර් 12 වැනි සෙනසුරාදා
• ආරම්භ වන වේලාව: සවස 4.00
• තරගය පැවැත්වන ස්ථානය: පොලිස් ක්‍රීඩාංගණය, බම්බලපිටිය

Police v Havelocks

පසුගිය සතියේ ලැබූ අවාසනාවන්ත පරාජය සමඟ පොලිස් කණ්ඩායමට මෙම සතිය සඳහා මහත් කැපකිරීම් රාශියක් කරන්නට සිදුවනු ඇත. පොලිස් කණ්ඩායමේ පුහුණුකරු සුදත් සම්පත් හැව්ලොක්ස් කණ්ඩායමෙන් එල්ල විය හැකි අභියෝගය පිළිබඳව හොඳ අවදානයකින් සිටිනු ඇති බව නිසැකය. විශේෂයෙන්ම පසුගිය තරඟ සමයේ සාන්ත පීතර විද්‍යාලයේ නායකත්වය දැරූ සන්දේශ් ජයවික්‍රම සහ සහිරා විද්‍යාලයේ ක්‍රීඩක වජීඩ් ෆහ්ම් පොලිස් කණ්ඩායම සමඟ සිය ප්‍රථම ක්‍රීඩා සමාජ තරඟාවලියට මුහුණ දෙමින් සිටියි. ඔවුනට තවත් තරඟ කිහිපයක් ක්‍රීඩා කිරීමට ලබා දීම වැදගත් වන්නේ ඔවුන් දෙදෙනාම එළැඹෙන දෙසැම්බරයේ පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ රග්බි තරඟාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන සංචිතයට ඇතුලත් ව ඇති බැවිනි. මෙම තරඟ ක්‍රීඩා කරමින් ඔවුන් ලබන අත්දැකීම්, ජාතික කාර්යභාරය ඉටු කිරීම සඳහා ඔවුනට මහත් සේ උපකාරී වනු ඇත.

හැව්ලොක් කණ්ඩායමද පසුගිය සතියේ දී ගුවන් හමුදාවට එරෙහිව පැවැති තරඟයේ දී තම සුපුරුදු තරඟ රටාවට පිවිසීමට යම් කිසි කාලයක් ගත කල ද ඔවුන් සතුව ප්‍රබල ක්‍රීඩකයන් රැසක් සිටින බව නොරහසකි. ඔවුන්ගේ ප්‍රබල සහ අත්දැකීම් බහුල ඉදිරිපෙල ක්‍රීඩකයන් අතර නායක දුශ්මන්ත ප්‍රියදර්ශන මෙන්ම ශාරෝ ප්‍රනාන්දු, ප්‍රසාත් මදුසංක වැනි ක්‍රීඩකයින් ද සිටියි. ඔවුන්ගේ පසුපෙල සතුව ද තරඟයක තීරණය වෙනස් කල හැකි ක්‍රීඩකයන් සිටියි. දුලාජ් පෙරේරා, හිරන්ත පෙරේරා හා නිශෝන් පෙරේරා ද ඒ අතර ප්‍රධාන වේ.

පොලිස් කණ්ඩායමේ සැලකිය යුතු ක්‍රීඩකයින් Flanker ක්‍රීඩක රදීශ සෙනෙවිරත්න ඉතා වැදගත් ක්‍රීඩකයකු වනු ඇති. විශේෂයෙන්ම  ඔහු වේගයෙන් යොමු කරන සඳහා Tackle අනෙකුත් ක්‍රීඩකයන් මෙලල කරගත හැකිය. එමෙන්ම Center ක්‍රීඩක මුෂාන් ෆලීල්ට ද ඔහුට කල හැකි දේ පෙන්වීමට පසුගිය සතියේ තෙතබරිත කාලගුණය හරස් විය.

හැව්ලොක්ස් කණ්ඩායමේ සැලකිය යුතු ක්‍රීඩකයන්Outside Half ක්‍රීඩක නිරෝෂාන් ප්‍රනාන්දුගේ තරඟය කලමණාකරනය  සඳහා දක්වන දක්ෂතා ඉතාමත් වැදගත් වනු ඇත. ඔහු වසරක පමණ කාලයක් දණහිසේ ආබාධයක් හේතුවෙන් ක්‍රීඩාවෙන් ඈත්වී සිටි බැවින් ඔහුටද තම රිද්මය සොයාගත යුතු වනු ඇත. Lineout අවස්ථා තුලදී පොලිස් කණ්ඩායම දක්වන දුර්වලතා හේතුවෙන් ශාරෝ ප්‍රනාන්දු ද හැව්ලොක්ස් කණ්ඩායමට අතිශය වැදගත් අවියක් වනු ඇත. ඔහු පසුගිය සතියේ ඔහු සතුව ඇති මහත් ශක්තිය පෙන්නුම් කරමින් උත්සාහක දිනුමක් ද වාර්තා කලේය. එමෙන්ම ඔහු පසුගිය වසරේ මෙවර හැව්ලොක්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන චාමර දාබරේ සමඟ පොලිස් කණ්ඩායමට ක්‍රීඩා කල බැවින් ඔවුන්ගේ ක්‍රීඩා රටාව පිළිබඳව ද ඔහුට මනා අවබෝධයක් ඇති බව දැක්විය හැක.


Air Force v Kandy

දෙවන තරගය

• ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර
• දිනය: 2016 නොවැම්බර් 12 වැනි සෙනසුරාදා
• ආරම්භ වන වේලාව: සවස 4.00
• තරගය පැවැත්වන ස්ථානය: රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණය

ගියවර ශූරයන් වූ මහනුවර කණ්ඩායම මෙවර තරඟාවලිය සඳහා අතිවිශිෂ්ට ආරම්භයක් ලබා ගනිමින් CH&FC කණ්ඩායම ලකුණු 96-00 ලෙස පරාජය කිරීම මෙවර කැපී පෙනෙන සිදුවීම ලෙසට හැඳින්විය හැකිය. කෙසේ වෙතත් ගුවන් හමුදාව පසුගිය වසරේ තරඟයේ දී මහනුවර පිලට ප්‍රථම අර්ධයේ දි හොඳ තරඟයක් ලබා දුන්නා යන කාරණය මෙවර ජයග්‍රහණය කිසිදු අයුරකින් පහසු නොකරනු ඇත. මහනුවර කණ්ඩායම මෙම තරඟයට සියලු ආකාරයෙන් සූදානම් බව දැක්විය හැක.

මහනුවර කණ්ඩායමේ වැදගත් ක්‍රීඩකයින් – දනුශ්ක රංජන් පළමු තරඟයේ දී උත්සාහක දිනුම් 4ක් වාර්තා කර තිබීම ගුවන් හමුදා ක්‍රීඩකයන්ට මහත් හිසරදයක් වනු ඇත. එමෙන්ම අර්ෂඩ් ජමල්ඩීන් එක් උත්සාහක දිනුමක් සහ ප්‍රවර්තන 10ක් සාර්ථක කරගෙන තිබීම ද  ඉතා වැදගත් කරුණක්. ඔහු ඔහුගේ පුහුණුකරු නාලක වීරක්කොඩි සමඟ හොඳින් පුහුණුවීම් කටයුතු වල නිරතව ඇති බව පෙනෙන්නට තිබේ.

ගුවන් හමුදා කණ්ඩායමේ වැදගත් ක්‍රීඩකයන් – ගියවර ඉහල දස්කම් දැක්වූ Full back ක්‍රීඩක නුවන් පෙරේරා, මෙවර තරඟ සමය තුල තම රිද්මය තවමත් සොයමින් සිටින නමුත් ඔහුද සැලකිල්ලට ලක් කල යුතු ක්‍රීඩකයෙකි. එමෙන්ම නිමාවූ පාසල් රග්බි සමයේ ඉහල දස්කම් දැක්වූ රාජකීය විද්‍යාලයීය කණ්ඩායමේ Scrum half ක්‍රීඩක අශෝක් විජේකුමාර් ද, ශ්‍රී ලංකා කනිෂ්ඨ සංචිතයට තේරී පත්ව ඇති බැවින් මෙම තරඟය සම්පූර්ණයෙන් ක්‍රීඩා කිරීමට ඉඩ ඇති දක්ෂ ක්‍රීඩකයෙකි.


තෙවන තරගය

  • CH&FC ක්‍රීඩා සමාජය හා යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර
  • දිනය: 2016 නොවැම්බර් 12 වැනි සෙනසුරාදා
  • ආරම්භ වන වේලාව: සවස 4.00
  • තරගය පැවැත්වන ස්ථානය: කොළඹ පැරණි තුරඟ තරඟ පිටිය

CH&FC v Army

CH කණ්ඩායමට පසුගිය සතියේ ලද අමිහිරි පරාජයෙන් නැගිටීමට නම් මෙම තරඟය අනිවාර්යයෙන් ජයග්‍රහණය කල යුතුවේ. එමෙන්ම සවස 2ට මහනුවරට ළඟාවී සවස 4ට තරඟය ක්‍රීඩා කිරීම වෘත්තීය මට්ටමේ කණ්ඩායමකින් අපේක්ෂා කල හැකි නොවේ. නමුත් ශූරතාවය දිනූ කණ්ඩායම සමඟ ඔවුන් ක්‍රීඩා කල ආකාරය අගය කල යුතුයි. CH කණ්ඩායම සතුව ද යුධ හමුදාවට සටනක් දිය හැකි දක්ෂ ක්‍රීඩකයන් සිටියද, යුධ හමුදා කණ්ඩායම මෙහිදී ප්‍රබල මට්ටමක පසු වනු ඇත. මන්ද ඔවුන් පසුගිය සතියේ ලද එක් ලකුණක පරාජය ඔවුන් ශක්තිමත් කරවනු ඇත. මන්ද ඒ සඳහා ඔවුන් විශාල සටනක් දුන් බැවිනි. එමෙන්ම මෙම යුධ හමුදා කණ්ඩායම පසුගිය තරඟ සමයේ දී ප්‍රබල නාවික හමුදා කණ්ඩායම නාවික හමුදා පිටියේදීම පරාජය කිරීමට සමත් වූ ශක්තිමත් කණ්ඩායමකි.

CH&FC කණ්ඩායමේ වැදගත් ක්‍රීඩකයන් – ලකිත් පෙරේරා අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකි. ඔහු පන්දු හැසිරවීමේදී දක්වන දක්ෂතා මෙහිදී විශාල වශයෙන් වැදගත් වනු ඇත. එමෙන්ම මොහොමඩ් රිෆ්කාන් ද තරඟය තම කණ්ඩායම වෙතට ගත හැකි ක්‍රීඩකයෙකි.  

යුධ හමුදා කණ්ඩායමේ වැදගත් ක්‍රීඩකයන් – සුදාරක දික්කුඹුර පසුගිය තරඟයේ ඉහල දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකි. එමෙන්ම ඉමංක ආරියපාල ලක්වී ඇති ආබාධය යුධ හමුදා කණ්ඩායමට විශාල පාඩුවක් වනු ඇත. කෙසේ වෙතත් අත්දැකීම් බහුල Full back ක්‍රීඩක මොහොමඩ් රිස්වි ගන්නා තීරණ යුධ හමුදා කණ්ඩායමට අතිශය වැදගත් වනු ඇත. 


Navy v CR&FC

සිව්වැනි තරගය

  • නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ කොළඹ රග්බි පාපන්දු සමාජය (CR&FC) අතර
  • දිනය: 2016 නොවැම්බර් 13 වැනි ඉරිදා
  • ආරම්භ වන වේලාව: සවස 4.00
  • තරගය පැවැත්වන ස්ථානය: කොළඹ පැරණි තුරඟ තරඟ පිටිය

නාවික හමුදා කණ්ඩායම මෙවර යම්කිසි ආකාරයක සම්පූර්ණ කණ්ඩායමක් බවට දැක්විය හැක. පසුගිය සතියේ වැසිබර කාලගුණය මධ්‍යයේ ද ඔවුන් හොඳින් ක්‍රීඩා කරනු දක්නට ලැබුණි. නමුත් තරඟ සමය ගැන අදහස් දැක්වීමට තවමත් කල්වේලා ඇත. කෙසේ වෙතත් නාවික හමුදා කණ්ඩායමේ පුහුණුකරු මෝතිලාල් ජයතිලක තම කණ්ඩායමේ දස්කම් පිළිබඳ හොඳ අවධානයෙන් සිටින බව නිසැකය. ඔහු අවශ්‍ය වේලාවට අවශ්‍ය ක්‍රීඩකයින් තරඟයට යොමු කරනු ඇත.

අනෙක් අන්තයෙන් කණ්ඩායම පසුගිය සතියේ දී මදක් පසුබෑමකට ලක්ව සිටි බව දැකිවිය හැක. ඔවුන් එම තරඟය ජයගත්තද ඔවුන්ට තවදුරටත් ක්‍රීඩාවේ මූලික සිද්ධාන්ත පිළිබඳව අවධානය යොමු කල යුතුවේ. ඔවුන්ගේ පුහුණුකරු බෙන් මැක්ඩොග්ල් මේ සතිය පුරාම ඔවුන්ට එම අතපසු වූ පාඩම් ලබා දුන්නා යැයි විශ්වාස කල හැකිය.

නාවික හමුදා කණ්ඩායමේ වැදගත් ක්‍රීඩකයන් – සත්‍ය රණතුංග පසුගිය සතියේ පොලිස් කණ්ඩායම සමඟ තරඟය තුල විශිෂ්ට ලෙස ක්‍රීඩා කල අතර ඔහු එම තරඟයේ වීරයා ලෙස ද නම් විය. ඔහු තරඟයේ වැඩි කාලයක් පන්දුව තමා අත තබා ගනු දක්නට හැකිය. එමෙන්ම නිවන්ක ප්‍රසාද් සහ ලී කීගල් ද ඉතාමත් වැදගත් ක්‍රීඩකයන් වනු ඇති.

CR&FC කණ්ඩායමේ වැදගත් ක්‍රීඩකයන්– පසුගිය තරඟ සමයේ අන්තර් සමාජ තරඟ බිමට පිවිසි ඔමල්ක ගුණරත්න සිය සුපුරුදු කණ්ඩායම සමඟ ක්‍රීඩා කරනු ඇත. ඔහු ගියවර ද වැදගත් කොටසක් තම කණ්ඩායම වෙනුවෙන් ඉටුකල ක්‍රීඩකයෙකි. එමෙන්ම තරින්ද රත්වත්තේ ගේ තරඟය කලමණාකරනය කිරීමේ තීරණද  CR&FC කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අතිශය වැදගත් වනු ඇත. ඔහු ආසියානු සත් සාමාජික තරඟාවලියේදී ඉතා හොඳින් ක්‍රීඩා කල අතර එවැනිම දස්කමක් ඔහුගේ කණ්ඩායම ඔහුගෙන් මෙවර ද බලාපොරොත්තු වනු ඇත.

තරග සජිවීව නැරඹීම සඳහා පිවිසෙන්න