දෙවන අර්ධයේ දී පොලිස් කණ්ඩායම අසරණ වෙයි

570

මෙවර තරගවාරයේ ලකුණු සටහනේ පලමු ස්ථාන කිහිපය අතර රැදෙමින් දක්ෂතා අතර සිටින නාවික හමුදා කණ්ඩායමත්, තවමත් මෙවර තරගවාරය තුල එක් ජයග්‍රහනයක් පමණක් අත්කරගෙන සිටින පොලිස් කණ්ඩායමත් අතර තරගය ඊයේ (29) වැලිසරදී පැවැත්විය. තරගයේ පලමු අර්ධය තුල පොලිස් කණ්ඩායම දක්ෂ ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරමින් එම අර්ධයේ පෙරමුණ ගනු ලැබූ නමුත් දෙවන අර්ධය තුල විශිෂ්ට ක්‍රීඩා විලාසයක් දක්වමින් ගුවන් හමුදාව මෙම තරගයේ ජයග්‍රහණය ලබා ගත්තේ 41:28 වශයෙනි. තරගය පිලිබද අදහස් දැක්වූ බොහෝ දෙනා පැවසුවේ නාවික හමුදාව තරග‍යට සැබැවින්ම අවතීර්ණ වූයේ දෙවන අර්ධයේ බවයි.

පසුගිය ලිිපි: CH තලා පෙලා හැව්ලොක් ඉදිරියටම

තරගය ආරම්භ වී පලමු මිනිත්තු 3 පසු වන විටම තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කරනු ලැබු‍යේ පොලිස් කණ්ඩායම විසිනි. පලමු උත්සහක දිනුම වාර්තා කරනු ලැබුවේ රදීශ් සෙනෙවිරත්න වන අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නට තිළිණ වීරසිංහට නොහැකි විය. (05:00)

ඊට හොඳින් ප්‍රතිචාර දැක්වූ නාවික හමුදා කණ්ඩායමද ලකුණු රැස්කිරීම ආරම්භ කරනු ලැබුවේ දිනූෂ ප්‍රනාන්දු රැස් කරනු ලැබූ උත්සහක දිනුමත් සමඟිනි. එහි ප්‍රවර්තනය තිළිණ වීරසිංහ විසින් සාර්ථක කරගන්නා ලදී. (05:07)

නමුත් මීලඟ මිනිත්තු කිහිපය තුල පොලිස් කණ්ඩායමට හිමිවුණු දඩුවම් පහර දෙකම සාර්ථක කරගත් රාජිත සන්සෝනි පොලිස් කණ්ඩායමට තරගයේ පෙරමුණ හිමිකර දෙනු ලැබීය. (11:07)

පලමු අර්ධය:- නාවික හමුදාව 07 : 11 පොලිස් කණ්ඩායම

නාවික හමුදා කණ්ඩායමේ ආධිපත්‍ය රජයනු ලැබු අර්ධයක් ලෙස තරගයේ දෙවන අර්ධය සැලකිය හැක්කේ එම අර්ධය පුරාවටම නාවික හමුදා කණ්ඩායම දක්ෂ ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරනු ලැබූ හෙයිනි.

දෙවන අර්ධය ආරම්භ කරමින් නාවික හමුදා ක්‍රීඩක චානක චන්දිමාල් උත්සහක දිනුමක් වාර්තා කරගනු ලැබීය. තිලින වීරසිංහට එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට නොහැකි විය. (11:12)

ඉන් මිනිත්තු කිහිපයකට පසුව පොලිස් කණ්ඩායමට හිමි වූ දඩුවම් පහර රජිත සන්සෝනි සාර්ථක කරගනිමින් නැවත තරගයේ පෙරමුන පොලිස් කණ්ඩායමට හිමිකර දෙනු ලැබීය. (14:12)

ඉන්පසුව එළඹුනු මිනිත්තු කිහිපය තරගයේ ඉතාම උද්වේගකරම මිනිත්තු කිහිපය විය.

කණ්ඩායම් දෙකම ප්‍රවර්තයත් සාර්ථක කරගත් උත්සහක දිනුමක් බැගින් වාර්තා කරගනු ලැබීය. නාවික හමුදාව වෙනුවෙන් දුලංග විජේසිංහ උත්සහක දිනුම වාර්තා කල අතර පොලිස් කණ්ඩායම වෙනුවෙන් උදාර ගයාන් උත්සහක දිනුම වාර්තා කරනු ලැබීය. (21:19)

නාවික හමුදා කණ්ඩායමට හිමි වූ දඩුවම් පහරක් සාර්ථක කරගත් තිළිණ වීරසිංහ නාවික හමුදා කණ්ඩායම පෙරමුණට ගෙන ආවේය. (21:22)

පොලිස් ක්‍රීඩක රදීශ් සෙනෙවිරත්නට කහ කාඩ් පතක් හිමි වීම නිසා පොලිස් කණ්ඩායමේ අවාසිය සිය වාසියක් බවට පත් කරගත් නාවිකයෝ එම මිනිත්තු කිහිපය තුල උත්සහක දිනුම් දෙකක්ද තවත් මිනිත්තු කිහිපයකට පසුව තවත් උත්සහක දිනුමක් වාර්තා කරගනු ලැබීය. එම උත්සහක දිනුම් වාර්තා කරනු ලැබුවේ සුරංග පුෂ්පකුමාර, ධනූෂ පෙරේරා හා තිලිණ වීරසිංහ යන ක්‍රීඩකයන්ය. නමුත් එයින් ප්‍රවර්තනය කරගනු ලැබුවේ එක් උත්සහක දිනුමක් පමණි. (21:41)

අවසාන මිනිත්තු කිහිපය තුල පොලිස් කණ්ඩායම වෙනුවෙන් තම දෙවන උත්සහක දිනුම වාර්තා කරනු ලැබුවේ උදාර ගයාන් විසින්ය. නමුත් එම උත්සහක දිනුම තරගයේ නාවික හමුදා කණ්ඩායමේ ජයට කිසිදු ලෙසකින් බලපෑම් කරනු නොලැබීය. (28:41)

අවසන් ලකුණු:- නාවික හමුදා කණ්ඩායම 41: 28 පොලිස් කණ්ඩායම

ThePapare.com තරගයේ වීරයා:- දනූෂ පෙරේරා (නාවික හමුදාව)

ලකුණු ලබා ගැනීම්

  • නාවික හමුදාව – දිනූෂ ප්‍රනාන්දු, චානක චන්දිමාල්, දුලංජන විජේසිංහ, සුරංග පුෂ්පකුමාර, දනූෂ පෙරේරා, තිලිණ වීරසිංහ (4C, 1P)
  • පොලිසීය – රදීෂ සෙනෙවිරත්න, උදාර ගයාන් (2T), රජිත සන්සෝනි (2C, 1P)

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට

WATCH MATCH REPLAY