CH තලා පෙලා හැව්ලොක් ඉදිරියටම

701
CH-&-FC-v-Havelocks-SC

උත්සාහක දිනුම් 12ක් වාර්තා කරමින් CH & FC කණ්ඩායම සුණු විසුනු කළ හැව්ලොක් රග්බි කණ්ඩායම, ඩයලොග් රග්බි ලීගයේ ඉදිරියටම යන්නට සමත් විය.

පසුගිය ලිපි: ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය – 8 වන සතිය

තරඟාවලියේ ඉදිරියෙන්ම සිටින හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් තරඟය ආරම්භ කළේ දුලාජ් පෙරේරා යි. CH කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ආබාධ තත්වයන් හේතුවෙන් තරඟයට සහභාගී නොවූ අතර හැව්ලොක් කණ්ඩායම, සුදර්ශන මුතුතන්ත්‍රී, නිරෝෂන් ප්‍රනාන්දු වැනි ප්‍රබල ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම විවේක ගන්වා තිබුණි. ෂාරෝ ප්‍රනාන්දු තරඟයට සහභාගී නොවූයේ එක් තරඟ තහනමක් ලැබීම හේතුවෙනි.

ප්‍රථම උත්සාහක දිනුම වාර්තා වූයේ චාමර දාබරේ අතිනි. දුලාජ් පෙරේරා එහි ප්‍රවර්තනය සාර්ථක කරගත්තේ නැත. (හැව්ලොක් 05-00 CH & FC).

හැව්ලොක් කණ්ඩායමේ අනෙක් අන්තයේ වින්ගර් ක්‍රීඩක විමුක්ති රාහුල අතින් දෙවන උත්සාහක දිනුම වාර්තා වූ අතර දුලාජ් පෙරේරා එහි ප්‍රවර්තනය සාර්ථක කරගත්තේය. (හැව්ලොක් 12-00 CH & FC).

රෝලින් මෝල් (Rolling maul) එකක් අතරතුරදී උදාර අංජන වාර්තා කළ උත්සාහක දිනුමත් සමඟින් උත්සාහක දිනුම් හතරක් වාර්තා කිරීමෙන් ලද හැකි ප්‍රසාද ලකුණ හැව්ලොක් කණ්ඩායමට හිමිවිය. ප්‍රවර්තනය සාර්ථකයි. (හැව්ලොක් 26-00 CH & FC).

හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් රාහුල් ද සිල්වා, කෙවින් ඩික්සන් සහ දුලාජ් පෙරේරා වාර්තා කළ උත්සාහක දිනුම් 3ක් සමඟින් ඔවුන් තවත් ඉදිරියට ගියේය. ඒවායේ සියළු ප්‍රවර්තන දුලාජ් සාර්ථක කරගත්තේය. (හැව්ලොක් 45-00 CH & FC).

ප්‍රථම අර්ධය – හැව්ලොක් කණ්ඩායම 45 (7T 5C)  – 00 CH & FC කණ්ඩායම.

දෙවන අර්ධය වෙනුවෙන් ප්‍රථමයෙන් ලකුණු රැස්කිරීම ඇරඹුවේ දුලාජ් පෙරේරා ය. (හැව්ලොක් 52-00 CH & FC).

මීටර 25ක වේගවත් ධාවනයක යෙදුණු දුෂ්මන්ත ප්‍රියදර්ශන මීළඟ උත්සාහක දිනුම වාර්තා කළේය. දුලාජ්ගේ පාදයෙන් එහි ප්‍රවර්තනයත් සාර්ථක විය. (හැව්ලොක් 59-00 CH & FC).

පසුව විශ්ව දිනෙත් විසින් CH කණ්ඩායම වාර්තා කළ ලකුණු 3 වාර්තා වූයේ දඬුවම් පහරක් මඟිනි. (හැව්ලොක් 73-03 CH & FC).

නිශෝන් පෙරේරා විසින් හැව්ලොක් කණ්ඩායමට 12 වන උත්සාහක දිනුමත් එක්කළ අතර දුලාජ් එහි ප්‍රවර්තනයත් සාර්ථක කරගැනීමට සමත් විය. (හැව්ලොක් 80-00 CH & FC).

සම්පූර්ණ කාලය – හැව්ලොක් කණ්ඩායම 80 (12T 10C) – 03 CH & FC (1P).

ThePapare.com තරඟයේ වීරයා: දුලාජ් පෙරේරා (හැව්ලොක්)

උත්සාහක දිනුම් වාර්තා කළ ක්‍රීඩකයන්.

හැව්ලොක්: චාමර දාබරේ, විමුක්ති රාහුල, උදාර අංජන, විහඟ පිවිතුරු, රාහුල් ද සිල්වා, කෙවින් ඩික්සන්. දුලාජ් පෙරේරා, දුෂ්මන්ත ප්‍රියදර්ශන, ජනික් ජයසූරිය, නිශෝන් පෙරේරා,

ප්‍රවර්තන – දුලාජ් පෙරේරා (10).

CH & FC: විශ්ව දිනෙත් (1P)

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට