ගෙවුනු දවස: නොවැම්බර් 18 – ජයග්‍රහණය මහනුවර කණ්ඩායමට

391
Zahira vs ThomasRain postpones DCL16 Super 8 week 2KANDY SC vs ARMY SCAir Force vs Police SC

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

ක්‍රිකට්

සහිරාවන්ට ඉණිමක ජයක්

සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරඟාවලියේ තවත් එක් තරඟයක් 17 වැනිදා ආරම්භ වූ අතර ඊයේ (18) එම තරඟයෙන් සහිරා විද්‍යාලය පළමු ඉණිමක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

ලකුණු 31ක පළමු ඉණිමේ වාසියක් ද ඇතිව සහිරා විද්‍යාලය තම දෙවන ඉණිම දියත් කිරීමට පිටියට පිවිසීමට නියමිතව තිබුණත්, තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා  සහිරා විද්‍යාලයට පළමු ඉණිමේ ජයග්‍රහණයින් සෑහීමකට පත්වීමට සිදුවිය.

සහිරා විද්‍යාලය පළමු ඉණිම – 141/10 (57.5): සජිත් සමීර 38, ශලින් ද මෙල් 3/19

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිම – 110/10 (49): රොමේෂ් නල්ලප්පෙරුම 38, මොහොමඩ් ඉශාක් 29, මොහොමඩ් නජා  4/32

සම්පූර්ණ ලිපිය: සහිරා විද්‍යාලයට පළමු ඉණිමක ජයක්


 පාපන්දු 

වැස්සට තරග කල් යයි

දිගු නිහැඬියාවකින් අනතුරුව අද (19) දිනයේදී ආරම්භ වීමට නියමිතව තිබුනු ඩයලොග් ශූරයින්ගේ කුසලාන තරගාවලියේ සුපරි 8 දෙනාගේ දෙවැනි සතියේ තරග කිහිපයක් වර්ෂාව හේතුවෙන් කල් දැමීමට සංවිධායකයෝ තීරණය කර ඇත.

ඒ අනුව අද පැවැත්වීමට තිබුනු බ්ලුස්ටාර් සහ ගුවන් හමුදාව අතර තරගයත්, කොළඹ පාපන්දු සමාජය සහ සොලිඩ් පාපන්දු සමාජය අතර තරගයත් හෙට පැවැත්වීමට තිබුනු රිනවුන් සහ නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජ අතර තරගයත් මෙසේ කල් දමා ඇති තරගවේ.

කෙසේ නමුත් 21වැනිදා කැළණියේදී පැවැත්වීමට නියමිත ගුවන් හමුදාව සහ යුධ හමුදාව අතර තරගයේ දිනයන් මේ වන තෙක් වෙනස් කර නොමැත.


 රග්බි 

ගුවන් භටයෝ පොලීසය මට්ටු කරයි

ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ තෙවැනි සතියේ තරග ආරම්භ කරමින් තරග දෙකක් ඊයේ (18) කොළඹ තුරඟ තරග පිටියේදී සහ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර එම තරග වලින් යුධ හමුදාව පරාජය කරමින් මහනුවර ක්‍රීඩා සමාජයත්, පොලීසිය පරාජය කරමින් ගුවන් හමුදාවත් ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් විය.

පළමු තරගය

ප්‍රථම අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය (4T, 2C) 24  – 03 (1P) යුධ හමුදා ක්‍රීඩා සමාජය.

අවසන් ලකුණු: මහනුවර ක්‍රීඩා සමාජය (5T,3C,1P) 34 – 10 (1T,1C,1P) යුධ හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: බුවනෙක උදන්ගමුව (මහනුවර)

දෙවැනි තරගය

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 00 – 09 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

අවසන් ලකුණු: පොලිස් ක්‍රීඩා සමාජය 12 (2T, 1C) – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 22 (1T, 1C, 5P)

ThePapare.com තරගයේ වීරයා: චරිත් සෙනෙවිරත්න (ගුවන් හමුදාව)

සම්පූර්ණ වාර්තාවට පිවිසෙන්න

දිනයක නිමාව