වෙස්ලි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

173

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ D කාණ්ඩයේ තවත් තරගයක් වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය පැවැත්විය. තරගය අද (15) නිමාවට පත්වූයේ ජය පරාජයෙන් තොරව වුවත් වෙස්ලි විද්‍යාලය එහි පළමු ඉනිම ජයග්‍රහණය කරන ලදි.

ඩී. එස්. සේනානායක විද්‍යාලයට සුපිරි ජයක්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක්..

වෙස්ලි විදුහල් පිටියේ පැවති මෙම D කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් වෙස්ලි විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත අන්තෝනි විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 24ක් ලබාගෙන සිටියේය.

සාන්ත අන්තෝනි විද්‍යාලයේ ජෙයොල් පින්ටෝ හැරෙන්නට අනෙකුත් පිතිකරුවන් හට එතරම් සාර්ථක වීමට නොහැකි වූ අතර ඔහු දෙවන ඉනිමේ දී ලකුණු 82ක් රැස්කර ගත්තේය. සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම ලකුණු 179කට සීමා කළ තෙනුක පෙරේරා වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3ක් දවා ගන්නා ලදි.

අනතුරුව නැවතත් සාන්ත අන්තෝනි විද්‍යාලයට සිය දෙවන ඉනිම වෙනුවෙන් පිතිකරණයේ නිරත වීමට අවස්ථාව ලබා දුන් වෙස්ලි ක්‍රීඩකයින් තරගයේ දෙවන හා අවසන් දිනය අවසානයේ සාන්ත අන්තෝනි දෙවන ඉනිමේ කඩුලු 3ක් දවා ගත්තේය. රොමේෂ් වනිගසේකර ලකුණු 28*යි.

මොවින් සුබසිංහ හා තිසුරක අක්මීමන ලබාගත් අර්ධ ශතක ඉනිම් නිසාවෙන් වෙස්ලි විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 317ක් ලබා ගත්තේය. වෙස්ලි විද්‍යාලය කඩුලු 9ක් දැවී සිටිය දී සිය පළමු ඉනිම අත්හිටුවන ලදි.

වෙස්ලි විද්‍යාල පළමු ඉනිම – 317/9d (75): මොවින් සුබසිංහ 82, තිසුරක අක්මීමන 63, සහිල් ඩයස් 26*, බුද්ධිම ඩයස් 22, පැතුම් විහඟ 3/64, සංකිත හිරුශාන් 2/44, අරින්ද පසිඳු 2/54.

සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම – 179 (62.4): රොමේෂ් වනිගසේකර 29, අරින්ද පසිඳු 21, කවීෂ දුලංජන 27, විශාල් සිල්වා 26, තෙනුක පෙරේරා 3/15, ශෙනාල් දංගල්ල  2/17, සහිල් ඩයස් 2/31 .

සාන්ත අන්තෝනි විද්‍යාල දෙවන ඉනිම – F/O 150/3 (44): ජොයෙල් පින්ටෝ 82,  රොමේෂ් වනිගසේකර 28*, විශාල් සිල්වා 28.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<