තියුණු තරගයක ජය බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජයට

346
Dialog champions league 2016 week 1

ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරඟ කිහිපයක්ම ඊයේ (26) දිනය තුළ සාර්ථක ලෙස නිමාවට පත්විය. මෙම තරඟ සියල්ලම  “ A”  කාණ්ඩයේ තරඟ ලෙස පැවැත්විණි. මෙහිදී ක්‍රිස්ටල් පැලස්  ක්‍රීඩා සමාජය, සොලිඩ් ක්‍රීඩා සමාජය, බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජය හා අප්කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය  යන කණ්ඩායම් ජයග්‍රහණය කිරීමට සමත් විය.

සිවිල් අාරක්ෂක ක්‍රීඩා සමාජය හා අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය  අතර තරඟය 2 – 0 ලෙස ජය ගැනීමට අප් කන්ට්‍රි ලයන්ස් කණ්ඩායම සමත් විය. තරගය සිටි පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේ දි පැවැත්විනි.

ශූරයින්ගේ කුසලානයේ සියළු තොරතුරු සදහා DCL Hub එකට පිවිසෙන්න

ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය හා මාතර පාපන්දු සමාජය අතර තරඟය

ජයතිලක ක්‍රීඩා පිටියේදී, සවස 3.30 ආරම්භ වූ මෙම තරඟයෙන් ගෝල 4-1 ක් ලෙස ජය ගැනීමට ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම සමත් විය.

පළමු ගෝලය ලබාගැනීමට ක්‍රිස්ටල් පැලස් කණ්ඩායමේ අයිසැක් අබා සමත් විය. තරඟයේ 7 වන මිනිත්තුවේදීය. අනතුරුව තරගයේ 17වන මිනිත්තුවේදී ක්‍රිස්ටල් කණ්ඩායම වෙනුවෙන් ඔවුන්ගේ දෙවන ගෝලය ලබා දීමට කලිඩ් අස්මිල් සමත් විය.

තරගයේ පළමු අර්ධය 2-0 ක් ලෙස ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම ඉදිරියෙන්

උඩුබොසි එරැස්ටස් ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම වෙනුවෙන් තරගයේ 52 වන හා 83 වන මිනිත්තු වලදී දැල වෙත වේගවත් පහර දෙකක් එල්ල කරමින් ගෝල දෙකක් ලබාගැනීමට සමත් විය. අනතුරුව තරගයේ 85 වන මිනිත්තුවේදී මාතර පාපන්දු සමාජ කණ්ඩායම වෙනුවෙන් දමිත් සදීහේන ගෝලයක් ලබාගැනීමට සමත් විය.

තරඟය ගෝල 4-1 ක් ලෙස ක්‍රිස්ටල් පැලස් කණ්ඩායමට ජය හිමිවිය

ThePapare.com තරගයේ වීරයා උඩුබොසි එරැස්ටස් (ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම)

ගෝල ලබාගැනීම්
ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම – අයිසැක් අබා 7’, කලිඩ් අස්මිල් 17’, උඩුබොසි එරැස්ටස් 52’, 83’
මාතර පාපන්දු කණ්ඩායම – දමිත් සදීහේන 85’

පසුගිය ලිපි: නාවික හමුදාව සහ නිව් යංග්ස් කණ්ඩායම් ජයගනී


මීගමුව යූත් ක්‍රීඩා සමාජය හා සොලිඩ් ක්‍රීඩා සමාජය අතර තරඟය

කැළණිය පාපන්දු ක්‍රීඩා සමාජයේ පැවති මෙම තරගය ගෝල 2-0 ලෙස සොලිඩ් ක්‍රීඩා සමාජය ජයග්‍ර‍ණය කිරීමට සමත් විය.

ඡායාරූප ඇල්බමයට පිවිසෙන්න

සවස 3.30 පමණ ආරම්භ වූ තරගයේ ප්‍රථම අර්ධය නිමා වන විට 1-0 ලෙස පෙරමුණ ගැනීමට සොලිඩ් ක්‍රීඩා සමාජයට හැකි විය. ඒ අතිරේක මිනිත්තුවේදි එඩිසන් ෆිගරාඩෝ විසින් ලබා ගත් ගෝලයයි. විවේකයෙන් පසුව ඇරඹි දෙවන අර්ධයේදි සොලිඩ් පිළ ලබා ගත් අනෙක් ගෝලයත් 59 වැනි මිනිත්තුවේදි ඔ. අයි. අබුමර් විසින් ලබා ගන්නා ලදි.

අවසන් ලකුණු සටහන – සොලිඩ් ක්‍රීඩා සමාජය 2 : 0 මීගමුව යූත් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා  එඩිසන් ෆිගරාඩෝ (සොලිඩ් ක්‍රීඩා සමාජය)

ගෝල ලබාගැනීම්
සොලිඩ් කණ්ඩායම – එඩිසන් ෆිගරාඩෝ, 59’ ඔ. අයි. අබුමර්
කාඩ්පත් ලබා දීම්
කහ කාඩ්පත් ප්‍ර‍දීප් ෆර්නැන්ඩෝ, දිලීප් සුරාජ්, ප්‍රියන්කර සිල්වා, මංජුල කුමාර (සොලිඩ් ක්‍රීඩා සමාජය)
ජේ. ඒ. හෙන්ඩ්‍රි (මීගමුව යූත් ක්‍රීඩා සමාජය)

පසුගිය ලිපි: රිනවුන් කණ්ඩායමට පෙරලිකාර ජයක්


බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජය හා කොළඹ පාපන්දු සමාජය අතර තරඟය

ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරගයක් වන මෙය කළුතර වර්නන් ෆර්නැන්ඩෝ ක්‍රීඩා පිටියේදි පැවැත්විනි.

ඡායාරූප ඇල්බමයට පිවිසෙන්න

ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ ප්‍ර‍ථම අර්ධය නිමා වන විට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට දෙපිලටම නොහැකි විනි.  විවේකයෙන් පසුව ඇරඹි දෙවන අර්ධයේ දි කෙසේ ගෝලයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පිටියට පිවිසි කණ්ඩායම් 2කට ගෝලයක් ලබා ගැනීමට අවස්ථාව අහිමි වුවත් කොළඹ පාපන්දු සමාජයේ නායක රවුමි මොහොමඩ් විසින් ගෝලය අතින් ස්පර්ශ කිරීම නිසාවෙන් බ්ලු ස්ටාර් කණ්ඩායමට දඩුවම් පහර අවස්තාවක් හිමිවු අතර එය සාර්ථක කර ගනිමින් ජයග්‍රාහි ලකුණ ලබා ගැනීමට බ්ලු ස්ටාර් කණ්ඩායමේ ඉදුවෝ හමීඩ් සමත්  විය.

අවසන් ලකුණු සටහන –  බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජය 1 : 0 කොළඹ පාපන්දු සමාජය

Thepapare.com තරගයේ වීරයා නසිරු ඔපායෙමි (බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජය)

ගෝල ලබාගැනීම්
ඉදුවෝ හමීඩ් 90+4
කාඩ්පත් ලබා දීම්
කහ කාඩ්පත් – බි. ෂිවන්ක, මොහොමඩ් රිෆ්කාන් (බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජය)
අෆීල් මොහොමඩ් (කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය)
රතු කාඩ්පත් – රවුමි මොහිඩීන් (කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය)
තවත් පුවත් සදහා මුල් පිටුවට පිවිසෙන්න