කෞෂාන් සසංක ඌව රන් සටනේ දී ශතකයක් ලබා ගනී

109

බණ්ඩාරවෙල සාන්ත ජෝසප් විද්‍යාලය සහ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය අතර 15 වැනි වරටත් පැවැත්වෙන ඌව රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී දකුණතින් පන්දුවට පහර දුන් කෞෂාන් සසංක ශතකයක් ලබා ගනිමින් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළේය.

ධර්මරාජ නායකයා සුපිරි ඉනිමක් සමඟින් ජයග්‍රහණයේ බලාපොරොත්තු දල්වයි

ශ්‍රී ලංකාවේ පාසල් මහා ක්‍රිකට් තරග අතරින් පැරණිතම එකක් වන මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මහනුවර…

ඊයේ (15) බණ්ඩාරවෙල නගර සභා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිස සියලුම දෙනා දැවී ලකුණු 292ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වෙන විට කඩුලු දෙකක් දැවී ලකුණු 23ක් ලබා සිටිය හ.

සාන්ත ජෝසප් ඉනිම වෙනුවෙන් කෞෂාන් සසංක පන්දු 121කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 103ක් ලබා ගත්තේ ය. ඊට අමතරව මලිත මාදීව පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 60ක් ලබා ගත්තේ ය.

සාන්ත ජෝසප් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 292 (77.2) කෞෂාන් සසංක 103, මලීත මාදීව  60, මලිත් තිලංක 25, චමිඳු හෂේන් 20, අවිශ්ක හංසන 3/31, ජනීෂ හංසන 3/63

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 23 (8.1) සදිත් රත්නායක නොදැවී 11

ආදරවන්තයෝ කරට කර සටනක

දකුණුලක අගනගරය ක්‍රිකට් උන්මාදයෙන් ඇවිලෙන ගාලු ආදරවන්තයෙන්ගේ සටන පළමු දිනයට අවසන්…

මධුර මල්ෂාන්ගෙන් සුපිරි ඉනිමක්

මතුගම සාන්ත මරියා විද්‍යාලය සහ ආනන්ද ශාස්ත්‍රාලය අතර 56 වැනි වරටත් මතුගම දී පැවැත්වෙන පස්දුන් කොරළ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී ආනන්ද ශාස්ත්‍රාලය විද්‍යාලයේ වමත් ආරම්භක පිතිකරු මධුර මල්ශාන් පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 85ක් ලබා ගනිමින් දවසේ කැපී පෙනෙන ක්‍රීඩකයා විය.

කාසියේ වාසිය දිනූ සාන්ත මරියා විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ආනන්ද ශාස්ත්‍රාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 276ක් ලබා ගත් අතර තරගය පළමු දිනයට නතර කරන විට සාන්ත මරියා විද්‍යාලයීය ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 40ක් ලබා සිටිය හ.

ආනන්ද ශාස්ත්‍රාලය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 276 (82) මධුර මල්ෂාන් 85, සිතුම් දේශාන් 50, උළිඳු ප්‍රභාශ්වර 56, කොවිඳු වික්‍රමසිංහ 5/74, තීක්ෂණ ලියනගේ 4/70

සාන්ත මරියා විද්‍යාලය; කිසිවෙක් නොදැවී 40 (6)

චානුක ඩිල්ෂාන් දක්ෂ පන්දු යැවීමක

දර්ගා ටවුන්, ඥානිස්සර මහා විද්‍යාලය සහ අහුංගල්ල රාජපක්ෂ මහා විද්‍යාලය අතර පැවැත්වෙන මංගල යහළුවන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී දකුණතින් දඟපන්දු යැවූ චානුක ඩිල්ෂාන් ලකුණු 46කට කඩුලු 5ක් දවා ගනිමින් දවසේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්විය.

කාසියේ වාසිය දිනා ගත් ඥානිස්සර මහා විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි රාජපක්ෂ ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 184ක් ලබා ගත් හ. ඊට පිළිතුරු ලෙසින් තරගයේ පළමු දිනය අවසන් වෙන විට ඥානිස්සර මහා විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 117ක් ලබා සිටිය හ.

රාජපක්ෂ විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 173 (52) මළිඳු ප්‍රියදර්ශන 32, සසිඳු නිමේෂ් 28, සුදේශ් ගද්දික 26, හිරුෂ ගිම්හාන් නොදැවී 21, ජයනාත් දිල්හාර 36, මොහොමඩ් මාපාස් 3/36, විශ්ව තරංග 2/26, චානුක ඩිල්ශාන් 5/46

ඥානිස්සර මහා විද්‍යාලය; පළමු ඉනිම (තරගය පළමු දිනයට නතර කරන විට) කඩුලු 5ක් දැවී 117 (29.1) සිතුම් කල්ප නොදැවී 26, හර්ෂ සඳරැස් 18, ක්‍රිශාන් ලක්මාල් 2/11

සුවත් විශිෂ්ට ඉනිමක් දියත් කරද්දී නුවනිඳුගෙන් කඩුලු 4ක්

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවැත්වෙන “69 වැනි…

තීක්ෂණ අර්ධ ශතයක් රැස් කරයි

බදුල්ල සරස්වතී මධ්‍ය මහා විද්‍යාලය සහ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය අතර 10 වැනි වරටත් පැවැත්වෙන සාම මහා සංග්‍රාමය වාර්ෂික ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වෙද්දී දෙපිලේ ම ක්‍රීඩකයෝ සම දක්ෂතා දක්වා තිබීම කැපී පෙණුනි.

කාසියේ වාසිය දිනූ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිසි අතර ඔවුන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 172ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට අවසන් වෙද්දී කඩුලු 5ක් දැවී ලකුණු 85ක් ලබා සිටිය හ.

මෙම තරගයේ පළමු දිනය නිමා වෙද්දී කැපී පෙනෙන දක්ෂතා දැක්වූයේ සරස්වතී විද්‍යාලයේ සී. තීක්ෂණ ය. ඔහු පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තේ ය. ඊට අමතරව පන්දු යැවීමේ දී බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ වේගපන්දු යවන තේමිය මනූෂ ලකුණු 18කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

තරගය අද (16) දිනයටත් ක්‍රියාත්මක ය.

සරස්වතී මධ්‍ය මහා විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 172 (63) සී. තීක්ෂණ 50, එස්. ප්‍රසාද් 41, තේමිය මනූෂ 4/18, දිනර සස්මික 3/51

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 85 (22) ලක්ෂාන් මධුශිත 39, කවිඳු හිමංස 24, එස්. සංතෝෂ් 2/11, පී. කිංග්ස්ටන් 2/09

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<