ක්‍රිස්තුදේවය පරදා ශූරතාවය සාන්ත ඇලෝසියස් කණ්ඩායමට

608

මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ආදි හොකී සංගමය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ “අන්තර් පාසල් සත් සාමාජික හොකී තරගාවලිය”, නොවැම්බර් මස 11 සහ 12 මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

මහනුවර දිස්ත්‍රික්කය තුල හොකී ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද මෙම තරගාවලිය වයස අවුරුදු 19න් පහළ තරගාවලියක් ලෙස පැවති අතර මෙහි දී පිරිමි කණ්ඩායම් 27ක් සහ කාන්තා කණ්ඩායම් 16ක් තරග වැදුණි.

සමස්ත ලංකා තරගාවලියක් ලෙස පැවති මෙම තරගාවලියේ පිරිමි අංශයේ ජයග්‍රහණය සාන්ත ඇලෝසියස් විදුහල සතු වූ අතර කාන්තා අංශයේ ජය සාන්ත අන්තෝනි බාලිකාවන්ට හිමි විය.

අඛණ්ඩව සිව්වැනි වරටත් හොකී ශූරතාවය නාලන්ද විදුහලට

ආනන්ද සහ නාලන්ද විදුහල් අතර වාර්ෂිකව පැවැත්වෙන “සුලෝහිත හොකී සංග්‍රාමය” 16 වැනි..

පළමු දිනය (නොවැම්බර් 11)

තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වූ පළමු තරගය, පිරිමි අංශය සඳහා වෙන් වී තිබූ අතර එහි දී ධර්මරාජ විද්‍යාල හා අශෝක විද්‍යාල කණ්ඩායම් එකිනෙකා මුණ ගැසෙන ලදි. ඉතා උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයේ  දෙපිලම හොඳින් ක්‍රීඩා කළ නමුත් මැද භාගයේ දී  ධර්මරාජ කණ්ඩායම ඉතා විශිෂ්ට තරග රටාවක් අනුගමනය කරමින් අශෝක විද්‍යාලය ගෝල 4–0ක් ලෙස පරාජයට පත් කරන ලදි.

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය හා මාවනැල්ල සහිරා විද්‍යාලය අතර පැවතී තරගයේ ද කරට කර තරග රටාවක් දක්නට තිබූ අතර 01-00ක් ලෙස මහනුවර සහිරා විද්‍යාලය පරාජයට පත් කරමින් ජයග්‍රහණ ලබා ගැනීමට කිංග්ස්වුඩ් කණ්ඩායමට හැකි විය.

කාන්තා අංශයේ තරග ආරම්භ කරමින් බදුල්ල විහාර මහාදේවි කණ්ඩායම හා සංඝමිත්තා බාලිකා විද්‍යාලයීය කණ්ඩායම පිටියට පිවිසි අතර විශිෂ්ට තරග රටාවක නිරත වූ සංඝමිත්තා ක්‍රීඩිකාවන් ගෝල 01-00ක් ලෙස ජයග්‍රහණය ලබා ගන්නා ලදි.

එසේම මහනුවර මහාමායා හොකී කණ්ඩායම හා මහනුවර ස්වර්ණමාලි බාලිකා හොකී කණ්ඩායම අතර පැවති තරගය ද ඉතා තියුණු මුහුණුවරක් ගන්නා ලදි. කරට කර පැවති මෙම තරගය ගෝල 01-00ක් ලෙස ජයග්‍රහණය කිරීමට මහාමායා කණ්ඩායම සමත් විය.

එසේම මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය අතර ද ඉතා විශිෂ්ට තරගයක් පැවැත්විය. බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනා ගනිමින් ඉතා විශිෂ්ට තරග රටාවක නියැලීමට ආනන්ද ක්‍රීඩකයන් සමත් විය. මනා ලෙස පන්දුව පාලනය කරමින් ප්‍රතිවාදී දැල තුළට පන්දුව දෙවරක් යොමු කරමින් ත්‍රිත්වයින් පරාජය කර ජයග්‍රහණය ලබා ගැනීමට ආනන්ද විදුහල සමත් වූයේ 02-00ක් ලෙසිනි.

රෝද පුටු ටෙනිස් තරගාවලිවල දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් පදක්කම් රැසක්

ඩී. එම්. ගාමිණී, ආර්. රණවීර, එස්. ධර්මසේන සහ එල්. සේනාරත්න යන ක්‍රීඩකයින් සිව් දෙනාගෙන්…

ධර්මරාජ බ්ලූස් හා මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය එකිනෙකට මුණ ගැසුණු අතර එහි දී ධර්මරාජ ක්‍රීඩකයන්ට ප්‍රබල අභියෝගයක් වන්නට ක්‍රිස්තුදේව විද්‍යාල ක්‍රීඩකයන් සමත් විය. ඉතා විශිෂ්ට ආකාරයේ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ක්‍රිස්තුදේව ක්‍රීඩකයින් තරගය ජයග්‍රහණ කිරීමට සමත් විය (03-00).

කාගේත් අවධානය දිනා ගනිමින් තරගාවලියේ මුල සිටම සුවිශේෂී තරග රටාවක නියැලුණු කොළඹ නාලන්ද ක්‍රීඩකයන් තවත් ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූයේ මාවනැල්ල සහිරා ක්‍රීඩකයන් පරාජයට පත්කරමිනි. එම තරගය මුල සිටම තමා දෙසට නතු කර ගැනීමට නාලන්දාව සමත් විය. නාලන්දාව මෙම තරගය ජය ගත්තේ ගෝල 04-00ක් ලෙසයි.

දෙවන දිනය (නොවැම්බර් 12)

ධර්මරාජ  හොකී තරගාවලියේ දෙවන දිනය ප්‍රථම දිනයට වඩා තරගකාරී මට්ටමක් දක්නට ලැබුණි. ප්‍රථම දිනයේ පැවති තරගයන් හී ප්‍රතිඵලවලට අනුව  ජයග්‍රහණය ලබාගත් කණ්ඩායම් දෙවන දිනයේ සිය ස්ථාන වෙන් කර ගන්නා ලදි.

කාගේත් අවධානය දිනා ගනිමින් සීතාදේවි බාලිකා කණ්ඩායම හා ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය අතර ඉතා විශිෂ්ට තරගයක් පැවතුනි. දෙපිලම ඉතා තරගකාරී තරග රටාවක නියැලුණු අතර කිසිවෙකුට මුල් මිනිත්තු කිහිපය තුල සාර්ථක වීමට නොහැකි විය. කෙසේ නමුත් අවසන් මිනිත්තු කිහිපයේ තරගයට පිවිසි සීතාදේවි ක්‍රීඩිකාවෝ කන්‍යාරාමය පරදවා තරගය ජයග්‍රහණය කිරීමට සමත් වූහ (01-00).

පිරිමි අවසන් පූර්ව තරග

පිරිමි අංශයේ කුසලානය සඳහා ප්‍රථම අවසන් පූර්ව තරගය පැවැත්වූයේ කොළඹ නාලන්ද විද්‍යාලය හා මාතර සාන්ත ඇලෝසියස් කණ්ඩායම අතරයි. නියමිත කාලය තුල තරගයේ කිසිදු ගෝලයක් වාර්තා නොවූ අතර එම හේතුවෙන් දඩුවම් පහර මගින් ජයග්‍රහණය තීරණය කිරීමට සිදු විය. ඒ අනුව ඇලෝසියස් ක්‍රීඩකයන් දඩුවම් පහර අවස්ථා 2ක් සාර්ථක කර ගැනීමට සමත් වූ නමුත් නාලන්ද කණ්ඩායමට සාර්ථක කර ගැනීමට හැකි වූයේ එක් ගෝලයක් පමණි. ඒ අනුව පළමු අවසන් පූර්ව තරගය ජයග්‍රහණය කිරීමට සාන්ත ඇලෝසියස් කණ්ඩායම සමත් විය (02-01).

පිරිමි අංශයේ දෙවන අවසන් පූර්ව තරගය මාතලේ සාන්ත තෝමස් කණ්ඩායම හා මාතලේ ක්‍රිස්තුදේව කණ්ඩායම අතර පැවති අතර පෙර තරගය මෙන්ම මෙම තරගයේ ද කිසිදු කණ්ඩායමක් ගෝල ලබා ගැනීමට සමත් නොවීය. ඒ අනුව මෙම තරගයේ ද විසඳුම ලබා ගැනීම සඳහා දඩුවම් පහර අවස්ථාව වෙත යාමට සිදු විය. එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් ක්‍රිස්තුදේව ක්‍රීඩකයෝ ප්‍රතිවාදීන් පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි (03-02).

කාන්තා අවසන් තරග

කාන්තා අංශයේ අවසන් මහා තරගය පැවැත්වූයේ මහනුවර සාන්ත අන්තෝනි බාලිකා කණ්ඩායම හා පානදුර බාලිකා කණ්ඩායම අතරයි. ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ මුල් මිනිත්තු කිහිපය තුල කිසිවෙකුට ගෝලයක් වාර්තා කර ගැනීමට නොහැකි විය. නමුත් කෙමෙන් තරගයට අවතීර්ණ වූ අන්තොනි බාලිකාවෝ සිය පළමු ගෝලය වාර්තා කර ගැනීමට සමත් වූහ. ඒ අනුව පළමු අර්ධය නිමාවට පත්වන විට එහි පෙරමුණ ගැනීමට අන්තෝනි ක්‍රීඩිකාවන්ට හැකි විය. දෙවන අර්ධය තුල දී ද ක්‍රියාත්මක වූ  අන්තෝනි ක්‍රීඩිකාවෝ තවත් ගෝලයක් ලබා ගැනීමට සමත් විය. ඒ අනුව අවසන් මහා තරගය තුල ගෝල දිනුම් දෙකක් ලබා ගත් අන්තෝනි ක්‍රීඩිකාවන් පානදුර බාලිකාව පරදා බාලිකා අංශයේ ශූරතාව ලබා ගැනීමට හැකි විය (02-00).

ආසියානු බොක්සිං වළල්ලට නගින ලක් කාන්තාවන්

එළඹෙන 2 වැනිදා වියට්නාමයේ හොයිචි මින් සිටි හිදී ඇරඹෙන ආසියානු කාන්තා බොක්සිං..

පිරිමි අවසන් තරග

සියලු දෙනා බලා සිටි බාලක අවසන් මහා තරගය ක්‍රියාත්මක වූයේ ගාල්ල සාන්ත ඇලෝසියස් කණ්ඩායම හා මාතලේ ක්‍රිස්තුදේව කණ්ඩායම අතරයි. කරට කර තරගයක් දක්නට ලැබුණු මෙහි මුල් මිනිත්තු කිහිපය තුල කිසිවෙකුට ගෝල ලබා ගැනීමට නොහැකි විය. කණ්ඩායම් දෙකටම ගෝල ලබා ගැනීමේ අවස්ථාව තිබුණ ද ගෝල රකින්නන්ගේ  දක්ෂතා හේතුවෙන් ඒවා වැළැක්වී ගියේය. ඒ අනුව ප්‍රථම අර්ධය නිමාවට පත් වූයේ කිසිවෙකු ගෝල ලබා නොගනිමිනි (00-00).

දෙවන අර්ධය තුල දී ද ප්‍රථම අර්ධය තුල පැවති විශිෂ්ට තරග රටාව දෙපිල තුලම පැවති නමුත් සිය ප්‍රථම ගෝලය වාර්තා කර ගැනීමට ඇලෝසියස් කණ්ඩායම සමත් විය. ඒ අනුව ඇලෝසියස් ක්‍රීඩකයන් තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය. නමුත් නැවත තරගයට අවතීර්ණ වූ ක්‍රිස්තුදේව ක්‍රීඩකයින් ද ගෝලයක් වාර්තා කර ලකුණු මට්ටම සම කර ගැනීමට සමත් විය. කෙසේ නමුත් තරගයේ ලකුණු සම වීම නිසා තරගයේ තීරණය ලබා ගැනීම සඳහා දඩුවම් පහර අවස්ථාවට යාමට සිදු විය. දඩුවම් පහර අවස්ථාව තුල උපරිම ප්‍රයෝජන ලබා ගත් ඇලෝසියස් ක්‍රීඩකයන් ක්‍රිස්තු දේවයන් පරදා ශූරතාව දිනා ගන්නා ලදි (03-00).

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<