රෝද පුටු ටෙනිස් තරගාවලිවල දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් පදක්කම් රැසක්

243

ඩී. එම්. ගාමිණී, ආර්. රණවීර, එස්. ධර්මසේන සහ එල්. සේනාරත්න යන ක්‍රීඩකයින් සිව් දෙනාගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය ඔක්තෝබර් මාසයේ දී ‘ITF Futures Series’ ටෙනිස් තරගාවලි 3ක් සඳහා සහභාගී වීම සඳහා තායිලන්තය, බැංකොක් සහ මැලේසියාව බලා පිටත්ව ගිය අතර එහි දී ඔවුන් එම තරගාවලිවල දී පදක්කම් 11ක් දිනා ගැනීමට සමත් විය.

තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මැලේසියානු විවෘත රෝදපුටු ටෙනිස් තරගාවලියේ දී ද ඉහළ දස්කම් දක්වන්නට සමත් විය.

ආසියානු බොක්සිං වළල්ලට නගින ලක් කාන්තාවන්

එළඹෙන 2 වැනිදා වියට්නාමයේ හොයිචි මින් සිටි හිදී ඇරඹෙන ආසියානු කාන්තා බොක්සිං තරගාවලිය සඳහා සහභාගී වන…

තායිලන්ත විවෘත ටෙනිස් තරගාවලිය ඔක්තෝබර් මස 21 වන දින සිට 23 වන දින දක්වා පැවති අතර එහි දී තරග ඉසව් සඳහා ආර්. රණවීර සහ ධර්මසේන සහභාගී විය. ධර්මසේන එහි දී දෙවන වටය ජයග්‍රහණය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවත් ඔහු එම වටය ලකුණු 6/0ක් සහ 6/3ක් වශයෙන් පරාජයට පත්විය.

අනෙක් පසින් ආර්. රණවීර එහි දී අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය. ඔහු පළමු වටයේ දී නිතරගයෙන් දෙවන වටයට සුදුසුකම් ලැබූ අතර දෙවන වටයේ දී ඔහු දකුණු කොරියාවේ ඩී. ජින් පහසුවෙන් පරාජයට පත්කිරීමට සමත් විය. අනතුරුව අර්ධ අවසන් පූර්ව වටයේ දී ඔහුට තරගාවලිය සඳහා එක් වූ ඉහළම ශ්‍රේණිගත කිරීම සහිත ක්‍රීඩකයා වූ දකුණු කොරියාවේ එච්. ඉම් සමඟ තරග වැදීමට සිදු විය. එහි දී ඉම් පළමු වටය ලකුණු 6/2ක් ලෙස ජයග්‍රහණය කරනු ලැබුවත් දෙවන වටය ලකුණු 7/5ක් ලෙස ජයග්‍රහණය කිරීමට රණවීර සමත් විය. අවසන් තරගය වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදුවීමත් සමඟ ඔවුන් දෙදෙනාව සම ශූරයින් ලෙස නම් කරන ලදි.

කන්ද උඩරටින් අගනුවරට ආක්‍රමණයක්

2017/18 ඩයලොග් රග්බි ලීග් තරගමාලාවේ සමාරම්භය සනිටුහන් කරමින් ගියවර ශූරතාවය දිනා ගත් මහනුවර ක්‍රීඩා සමාජය…

අනතුරව ධර්මසේන සහ රණවීර යුගල ඉසව්ව සඳහා සහභාගී වූ අතර එහි දී ඔවුන් නිතරගයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. අර්ධ අවසන් පූර්ව වටය ඔවුන් දෙදෙනා ලකුණු 6/0ක් සහ 6/1ක් වශයෙන් පහසුවෙන් ජය ගැනීමට සමත් වුවත් ඔවුන් අවසන් පූර්ව වටය ලකුණු 6/3ක් හා 6/3ක් වශයෙන් පරාජයට පත්විය.

දින දෙකක විරාමයකින් අනතුරුව ඔවුන් දෙදෙනා බැංකොක් හිදී ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. එහි දී ධර්මසේන උණුසුම් තරගයකින් අනතුරුව එස්. ක්ලෝන්ගෘවා හමුවේ අවසන් තරග වටයේ දී ලකුණු තුනක පරතරයක් සමඟින් තරගය පරාජයට පත්විය. රණවීර ද එම අවසන් පූර්ව වටයේ තරගය එච්. ඉම් හමුවේ පරාජයට පත්විය.

පෙර තරගාවලියේ දී මෙන්ම මෙහි දී ද ඔවුන් දෙදෙනා යුගල තරග ඉසව්වේ දී වාසනාවන්ත වූ අතර ඒ අනුව ඔවුන් අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය. අවසන් තරගයේ දී ඔවුන්ට තායිලන්ත යුගලය වූ එස්. ක්ලෝන්ගෘවා සහ කෘමායි දෙදෙනා සමඟ ක්‍රීඩා කිරීමට සිදු වූ අතර කෙසේ නමුත් එම තරගය පරාජයට පත්වීම නිසා ධර්මසේනට සහ රණවීරට රිදී පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදු විය.    

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තනතුර තිලාන් සමරවීරට

හිටපු ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු තිලාන් සමරවීර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කර…

මෙම සංචාරයේ පැවති අවසන් තරගාවලිය වූයේ මැලේසියානු විවෘත තරගාවලිය යි. පිරිමි කේවල තරග ඉසව්වේ පළමු වටයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව් දෙනාට මැලේසියානු, ඉන්දියානු සහ දකුණු කොරියානු ක්‍රීඩකයින් සමඟ තරග කිරීමට සිදු විය. එහි දී රණවීර පළමු වටයෙන්, සේනාරත්න සහ ධර්මසේන දෙවන වටයෙන් තරගාවලියෙන් ඉවත්ව ගියේය.

නමුත් එහි දී තරගාවලිය සඳහා සිව්වන ඉහළම ශ්‍රේණිගත කිරීම සහිත ක්‍රීඩකයා ලෙස එක්වූ ගාමිණී දිසානායක අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර ඔහු ශ්‍රේණිගත කිරීම්වල 89 වන ස්ථානයේ පසු විය.  ඔහුගේ ඉහළම ශ්‍රේණිගත කිරීම ලෙස 45 වන ස්ථානය සටහන් වී ඇත. කෙසේ නමුත් අවසන් තරගයේ දී ඔහු තරගාවලිය සඳහා ඉහළම ශ්‍රේණිගත කිරීම සහිත ක්‍රීඩකයා ලෙස එක්වූ හෝ ඉම් හමුවේ පරාජයට පත්විය. ඒ අනුව තරගාවලි පුරාවට ඉහළ දක්‍ෂතා අතර සිටි හෝ ඉම් මෙම තරගය ලකුණු 7/5ක් සහ 6/2ක් වශයෙන් ජයග්‍රහණය කරමින් තවත් ශූරතාවයක් තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට සමත් විය.

ThePapare.com

TPTennis | Breaking unbelievable boundaries while cruising international soil…

යුගල තරග ඉසව්වේ දී ධර්මසේන සහ රණවීර යුගලය නිතරගයෙන් අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලැබූ අතර එහි දී ඔවුන්ට ප්‍රබල දකුණු කොරියානු යුගලය වූ ඉම් හා ලී සමඟ තරග වැදීමට සිදු විය. එහි දී පළමු තරග වට දෙක කණ්ඩායම් දෙක අතරේ බෙදී ගිය අතර ඒ අනුව තරගය තීරණාත්මක සම ලකුණු තත්වය බිඳීමේ වටය දක්වා ගියේය. එහි දී ශ්‍රී ලංකා යුගලය ලකුණු තුනක පරතරයකින් පරාජයට පත්කරන්නට ඉම් හා ලී සමත් විය.   

මෙම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකාවේ රෝද පුටු ටෙනිස් ක්‍රීඩාව සඳහා ක්‍රීඩකයින් දිරිමත් කරන, ඒ සඳහා වන එකම පුහුණුකරු වන ජගත් වැළිකල මහතා විසිනි.

ThePapare.com එළඹෙන සතියේ දී මෙම ක්‍රීඩකයින් සහ පුහුණුකරු සමඟ ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳව කතාබහ කිරීමට සූදානමෙන් සිටියි. ඒ සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.  

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<