ධනංජයගේ පියාට වෙඩි ප්‍රහාරයක්

953

මොරටුව ප්‍රදේශයේ දී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවෙකු වන ධනංජය ද සිල්වාගේ පියා වන කේ. රංජන් ද සිල්වා මහතා ජීවිතක්ෂයට පත්ව ඇත.

වසර 10කට පසුව ටෙස්ට් තරග 3ක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දේශය බලා පිටත්ව යාමට පැය 12කට පමණ ඉහත දී සිදු වූ මෙම හදිසි අනපේක්ෂිත අභාවය නිසා එම තරග සංචාරය යාම ප්‍රතික්ෂේප කිරීමට ධනංජය ද සිල්වා තීරණය කර ඇත.

කෝලිගේ රසිකයින්ට කණගාටුදායක ආරංචියක්

ඉන්දියානු කණ්ඩායම ටෙස්ට් තරග පහක් සඳහා එංගලන්තයේ සංචාරය කිරීමට නියමිත අතර එම …

මොරටුව ප්‍රදේශයේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ (කළුබෝවිල) රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන තිබේ.

2016 වර්ෂයේ දී පළමු වරට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමි කර ගත් ධනංජය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව මෙරට දී පැවති තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 3-0ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකාව ඉතිහාසගත ජයක් ලබා ගත් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් විය.

අනතුරුව තරග සංචාර කිහිපයක දී සංචිතය තුළ ස්ථානයක් දිනා ගැනීමට ඔහුට අවස්ථාව නොලැබුණු අතර පසුගිය වර්ෂයේ ඉන්දියාව සමඟ දිල්ලි හිදී පැවති තරගයේ දී නැවතත් ඔහු දස්කම් අතරට පිවිසීමට සමත් විය.

යුද හමුදාව හා ගුවන් හමුදාව සම ශූරයින් ලෙස කිරුළු පළඳිති…

2018 ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලිය පසුගියදා පැවැත්වුනා. එහි අවසන් මහා …

මිය යන විට 62 හැවිරිදි වියේ පසු වූ කේ. රංජන් ද සිල්වා මහතා දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.

සිද්ධිය පිළිබදව මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

ධනංජය ද සිල්වා ඇතුළු පවුලේ සැමට ThePapare.com අපගේ සාතිශ්‍ය සංවේගය ප්‍රකාශ කර සිටින්නෙමු.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<