මැදිරිගිරිය අපරාජිතව පෙරමුණ ගනී

531

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමයේ පූර්ණ අනුදැනුම මත ගාල්ල සිරිධම්ම විද්‍යාලයීය බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා වයස අවුරුදු 14න් පහළ බේස්බෝල් තරගාවලියේ සාර්ථක තෙවන දිනය ඊයේ (14) දිනයේ දී නිමාවට පත්විය. ඊයේ දිනයේ දී එක් අවසන් පූර්ව තරගයක් පැවති අතර එහි ජයග්‍රහණය හිමිකර ගැනීමට මැදිරිගිරිය ජාතික පාසල සමත් විය.

දශකයක් පුරා ක්‍රීඩාවට හදවතින්ම

ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අපි, විජයග්‍රාහී 10 වසරක ගමන් මග අභිමානයකින් යුතුව සැමරීමට සූදානමින්…

පළමු අවසන් පූර්ව තරගය – ගලේවෙල ජාතික පාසල සහ මැදිරිගිරිය ජාතික පාසල

කාසියේ වාසිය හිමිකර ගෙන පළමුවෙන් පිතිකරණ අවස්ථාව තෝරාගත් මැදිරිගිරිය ජාතික පාසල් කණ්ඩායම තම පළමු ඉනිමේ දී එක් ලකුණක් වාර්තා කිරීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගලේවෙල ජාතික පාසල් කණ්ඩායමට එකදු ලකුණක්වත් රැස්කිරීමට අවස්ථාවක් හිමි නොවීය. (පළමු ඉනිම අවසානයේ – මැදිරිගිරිය ජාතික පාසල  01 – 00 ගලේවෙල ජාතික පාසල)

තම දෙවන ඉනිමේ පිතිකරණ අවස්ථාවට පැමිණි මැදිරිගිරිය ජාතික පාසලට එම ඉනිම තුළ ලකුණු රැස්කිරීමට අවස්ථාවක් ලබා නොදුන් ගලේවෙල ජාතික පාසල් කණ්ඩායම පිළිතුරු ඉනිමේ දී ලකුණක් රැස්කරමින් ලකුණු තත්ත්වය සම කිරීමට සමත් විය. (දෙවන ඉනිම අවසානයේ – මැදිරිගිරිය ජාතික පාසල  01 – 01 ගලේවෙල ජාතික පාසල)

තෙවන ඉනිමේ දී ප්‍රථමයෙන් පිතිකරණ අවස්ථාව හිමි වූ මැදිරිගිරිය ජාතික පාසලට එහි දී ලකුණු රැස්කිරීමට අවස්ථාවක් හිමිනොවූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගලේවෙල ජාතික පාසලට ද ලකුණු රැස්කිරීමට නොහැකි විය. (තෙවන ඉනිම අවසානයේ – මැදිරිගිරිය ජාතික පාසල  01 – 01 ගලේවෙල ජාතික පාසල)

සිව්වැනි ඉනිමේ පිතිකරණ අවස්ථාවේ දී එක් ලකුණක් වාර්තා කිරීමට සමත් වූ මැදිරිගිරිය ජාතික පාසල, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගලේවෙල ජාතික පාසල් කණ්ඩායමට ලකුණු රැස්කිරීමට අවස්ථාවක් ලබා නොදීමට සමත් විය. (සිව්වැනි ඉනිම අවසානයේ – මැදිරිගිරිය ජාතික පාසල  02 – 01 ගලේවෙල ජාතික පාසල)

විශේෂ කාර්ය බලකායටත් බේස්බෝල්

ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකාව තුළ බේස්බෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ වැඩසටහනෙහි තවත් එක්…

මැදිරිගිරිය ජාතික පාසල් කණ්ඩායම තම පස්වැනි ඉනිමේ දී ලකුණු දෙකක් රැස්කරමින් තරගයේ තව දුරටත් පෙරමුණ ගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගලේවෙල ජාතික පාසල් කණ්ඩායම එහි දී එක් ලකුණක් පමණක් රැස්කිරීමට සමත් විය. (පස්වැනි ඉනිම අවසානයේ – මැදිරිගිරිය ජාතික පාසල  04 – 02 ගලේවෙල ජාතික පාසල)

තරගයේ අවසාන ඉනිම වූ සයවැනි ඉනිමේ පිතිකරණ අවස්ථාවේ දී නැවත එක් ලකුණක් රැස්කිරීමට මැදිරිගිරිය ජාතික පාසල සමත් වූ අතර තම ජයග්‍රහණය සඳහා ගලේවෙල ජාතික පාසල් කණ්ඩායමට තවත් ලකුණු 4ක් රැස්කිරීමට අවශ්‍ය විය. නමුත් පිළිතුරු ඉනිමේ දී ගලේවෙල ජාතික පාසල් කණ්ඩායමට එක් ලකුණක්වත් රැස්කිරීමට නොහැකි විය. (තරගය අවසානයේ – මැදිරිගිරිය ජාතික පාසල  06 – 02 ගලේවෙල ජාතික පාසල)

එම ජයග්‍රහණයත් සමඟ මැදිරිගිරිය ජාතික පාසල තරගාවලියේ අපරාජිතව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීය.

ජාත්‍යන්තර බේස්බෝල් ශූරතාවලියක් ශ්‍රී ලංකාවේ දී

ශ්‍රී ලංකා ආධුනික බේස්බෝල් සංගමය (SLABSA) හට 2019 බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව පැවැත්වීමේ අවස්ථාව හිමිව තිබෙන අතර ඒ අනුව…

තරගාවලිය පසුගිය 12 වැනිදා ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමයේ සභාපති බී. ඒ. අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබූ අතර ඊට පාසල් 21ක කණ්ඩායම් සහභාගී විය. බේස්බෝල් ක්‍රීඩාවට ආවේණික දෙවරක් පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට පැවති මෙම තරගාවලියේ මේ වන විට මැදිරිගිරිය ජාතික පාසල, ගලේවෙල ජාතික පාසල, දඹුල්ල වෑවල වැව මහා විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය යන පාසල් 4 සුරැකිව සිටියි.

තරගාවලියේ අවසන් මහා තරගය අද දින (15) ප.ව. 2.30 සිට ගාල්ල සිරිධම්ම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර එහි සජීව විකාශය Podi Papare Facebook පිටුව හරහා නැරඹිය හැක.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<