Ganguly කට වරද්දා ගත්තාද?

927
New Sports India

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානී Sourav Ganguly, Virat Kohliගේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්විය යුතු නැතැයි හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හා විචාරක Sanjay Manjrekar පවසා සිටිනවා.

ඉන්දීය එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් තමන් ඉවත් කිරීම ගැන Virat Kohli පෙරළිකාර ප්‍රකාශයක් පසුගිය දා සිදු කර තිබුණා. Manjrekar පවසා සිටින්නේ එය තේරීම් කමිටුවේ තීරණයක් බැවින් Sourav Ganguly ඒ පිළිබඳ අදහස් දැක්වීමේ අවශ්‍යතාවක් නැති බවයි.

දකුණු අප්‍රිකාව සංචාරයට පිටත්ව යෑමට පෙර ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් නායක Virat Kohli පවසා සිටියේ තමන් එක්දින ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් කිරීම පිළිබඳව ඔහුත් සමඟ කිසිවෙකුත් සාකච්ඡා නොකළ බවයි.

Kohliගේ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් Manjrekar පවසා සිටියේ ආකෘති තුනට නායකයින් තිදෙනෙක් පත් කිරීම සුදුසු නොවන බවයි. “ආකෘති තුනට නායකයින් තිදෙනෙක් පත් කිරීම එතරම් හොඳ නැහැ. නමුත් තියෙන එකම විදිය ඒක නම් වෙන කරන්න දෙයක් නැහැ. ඉන්දීය

ක්‍රිකට් පාලනයේ වැදගත්ම පුද්ගලයාගේ මතය වැඩිය කිසිවෙක් ගණන් ගන්නේ නැහැ. ඒ ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා.”

“ඉතින් මම දන්නේ නැහැ ඇයි ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සමඟ මේ සංවාදය ඇති වෙන්නේ කියලා. මේක තේරීම් කමිටු ප්‍රධානියාගේ රාජකාරියක්”, Manjrekarට ප්‍රථමයෙන් හිටපු ඉන්දීය නායකයෙක් වන Dilip Vengsarkar ද මේ පිළිබඳ අදහස් දක්වා තිබුණා.

“Gangulyට කිසිම අයිතියක් නැහැ තේරීම් කමිටුව වෙනුවෙන් කතා කරන්න. ක්‍රීඩකයින් තෝරා ගැනීම, නායකත්වය මේ වගේ කරුණු ගැන තේරීම් කමිටුවේ සභාපති තමා අදහස් දක්වන්න ඕනේ.”

HindustanTimes ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<