විසඳුමකින් තොර සහෝදර ගැටුමේ රවීන් මංගල ශතකය රැස් කරයි

167

මාදම්පාගම මධ්‍ය මහා විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර 2 වැනි වරට පැවති සහෝදරයන්ගේ සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (07) මාදම්පාගම දී ජය පරාජයෙන් තොරව නිමා විය.

පළමු දිනයේ දී සේ ම දෙවැනි දිනයේ දී ද වර්ෂාව විසින් තරගයේ වැඩි කාලයක් විනාශ කර දැමූ අතර අවසානයේ වර්ෂාවටම ඉඩ දී දෙපිලේ ක්‍රීඩකයෝ දෙපසකට වූහ. එසේ වූව ද සහෝදරයන්ගේ සංග්‍රාමයේ ජයග්‍රාහකයන් වෙත පිරිනැමෙන ආචාර්ය අර්නස්ට් ද සිල්වා අනුස්මරණ කුසලානය පසුගිය වසරේ ජයග්‍රාහී කණ්ඩායම වන දේවපතිරාජයන් විසින් නැවත රත්ගමට ගෙන ගියහ.

රවීන් යසස් පමා වූ ඉනිම වර්ණවත් කරයි

මාදම්පාගම මධ්‍ය මහා විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර 2 වැනි වරටත් පැවැත්වෙන සහෝදරයන්ගේ සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී දේවපතිරාජ විද්‍යාලයේ රවීන්…

තරගයේ දෙවැනි දිනය උදා වූයේ දේවපතිරාජ විද්‍යාලය තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 219ක් ව පවතිද්දී ය. ඒ වෙද්දී වමත් පිතිකරු රවීන් යසස් නොදැවී ලකුණු 74ක් සහ කල්ප චේතිය නොදැවී ලකුණු 28ක් ලබා සිටියහ.  

පෙර දිනයේ සේ ම දෙවැනි දිනයේ දී ද තරගයේ ආරම්භය සිදු වූයේ පැයක පමාවකිනි. ඒ සුපුදුරු වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙනි. දිනයේ පළමු කඩුල්ල ලෙසින් එතෙක් 7 වැනි කඩුල්ල වෙනුවෙන් අර්ධ ශතක සබඳතාවක් පවත්වා ගෙන ආ රවීන් සහ කල්ප අතුරින් කල්ප ලකුණු 30 දී දැවී ගියේ ලකුණු පුවරුව 228ක්ව පවතිද්දී ය. ඒ අනුව රවීන්ගේ සහ කල්පගේ එම කඩුල්ලේ සබඳතාව ලකුණු 67 දී නිමා විය. කල්පගේ ඉනිම පන්දු 57කින් සමන්විත වූ අතර ඊට හතරේ පහරක් සහ හයේ පහරක් ඇතුලත් විය.

ඉන් අනතුරුව දේවපතිරාජ ඉනිමේ සිදු වූ වැදගත්ම සිදුවීම වූයේ රවීන් යසස් තම ශතකය වාර්තා කිරීමයි. මේ වෙනුවෙන් ඔහු වැය කළේ පන්දු 126ක් පමණි. රවීන්ගේ මෙම ඉනිම වාර්තා පොත් සැරසුවේ සහෝදර සංග්‍රාමයේ ක්‍රීඩකයෙක් විසින් රැස් කරන ලද මංගල ශතකය සහ ක්‍රීඩකයෙක් විසින් රැස් කරන ලද හොඳම පෞද්ගලික ඉනිම ලෙසයි. රවීන් පන්දු 153කට මුහුණ දී හතරේ පහර 11ක් සහ හයේ පහර 10ක් සමඟින් රැස් කළ ලකුණු ප්‍රමාණය 144කි.

නුරාජ් හා වෙනුක් ජයවර්ධනපුර සටනේ පළමු දිනය වර්ණවත් කරති

නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය හා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය අතර පැවැත්වෙන 22 වැනි ශ්‍රී ජයවර්ධනපුර මහා සටනේ පළමු දිනය අද (6) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ක්‍රියාත්මක විය.

අද දිනයේ දී රවින් ලකුණු 70ක් තම ඉනිමට එක්කර ගත් අතර ඔහු ඒ වෙනුවෙන් වැය කළේ පන්දු 55ක් පමණක් වීම කැපී පෙණුනි. ඒ අතරින් අලංකාර හතරේ පහර 3කට සහ දැවැන්ත හයේ පහර 7කට සීමා වූ ලකුණු වෙනුවෙන් වැය වූ පන්දු 10ක් ද විය.

දේවපතිරාජ ඉනිමේ අවසන් කඩුල්ලට එක් වූ තරිඳු රුක්ෂාන් ද කඩුල්ලේ රඳවා ගනිමින් රවීන් එම කඩුල්ලට ලකුණු 62ක සබඳතාවක් එක් කළේය. අවසන් කඩුල්ල ලෙසින් රවීන් දැවී යමින් දේවපතිරාජ ඉනිම අවසන් වෙද්දී තරිඳු ලබා සිටි ලකුණු සංඛ්‍යාව නොදැවී 01කි.

රවීන් මේ දැක්වූ දක්ෂතා හේතුවෙන් තරගයේ දක්ෂතම පිතිකරුවා සේ ම තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබීමට හේතු විය.

තරගය ආරම්භයෙන් පැයකට පසුව තම පළමු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි මාදම්පාගම මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩකයෝ දිවා විවේකයට තරගය නතර කරන විට කඩුලු 2ක්  ලකුණු 41ක් ලබා සිටියහ. දැවී ගිය ක්‍රීඩකයන් වූයේ කවිඳු ද සිල්වා (04) සහ පසිඳු දසනායක (02) ය. කඩුලු ලබා ගැනීමේ දී තිසර ඩිල්ශාන් සහ පවන් සංදේශ් කඩුල්ල බැගින් දවා ගත්හ.

දිවා විවේකයෙන් අනතුරුව තරගය ආරම්භ කිරීමට තිබූ බලාපොරොත්තු සුන් කරමින් අයහපත් කාලගුණය නැවත වරක් මාදම්පාගම විද්‍යාලයීය පිටිය වසා ගත්තේය. පැයක පමණ පමාවේදීත් තත්ත්වයේ කිසිදු වෙනසක් නොවීම හේතුවෙන් දෙපිලේ සියල්ලන්ගේම තීරණය වූයේ තරගය නතර කළ යුතු බවයි. ඒ අනුව නතර කෙරුණු සහෝදර සංග්‍රාම දෙවැනි තරගය ජය පරාජයෙන් තොරව නිමා වූ පළමු තරගය ලෙසින් තරග ඉතිහාස පොත් හී සටහන් විය.

තරගයේ දක්ෂතම පිතිකරු සහ තරගයේ වීරයා සම්මානය දේවපතිරාජයන් සතු වෙද්දී දක්ෂතම පන්දු යවන්නා ලෙසින් උදේනි මෙන්ඩිස් ද, දක්ෂතම පන්දු රකින්නා ලෙසින් දිල්ක ජයලාල් ද මාදම්පාගම මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් සම්මාන ලැබූහ.

දේවපතිරාජ විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 297 (61.5) ජීවක ශෂීන් 33, සුධීර වීරරත්න 34, රවීන් යසස් 144, කල්ප චේතිය නොදැවී 30, පසිඳු දසනායක 2/16, උදේනි මෙන්ඩිස් 3/64

මාදම්පාගම මධ්‍ය මහා විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 41 (13.0) සසිඳු ද සිල්වා නොදැවී 11, මල්ෂ තරුපති නොදැවී 16

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<