2021 අබුඩාබි T10 තරග කාලසටහන නිකුත් වෙයි

අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය 2021

3949

2021 වසරේ ජනවාරි මස 28 වැනිදා සිට පෙබරවාරි මස 06 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Sheikh Zayed ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන ‘2021 අබුඩාබි T10’ ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අද (15) දින නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරිනි. 

කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය, කාණ්ඩයන් දෙකක් යටතේ පැවැත්වෙන අතර මූලික වටයේ දී තරග 12ක් පැවැත්වේ. අනතුරුව සුපර් ලීග් තරග වටය පවත්වනු ලබන අතර එහිදී පළමු වටයේ දී ක්‍රීඩා නොකළ අනෙක් කණ්ඩායම් සමඟ එකිනෙකා තරග වදිනු ඇත. අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනා ගන්නා කණ්ඩායම් දෙක කෙලින්ම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගන්නා අතර තුන්වැනි සහ සිව්වන ස්ථානයන් දිනා ගන්නා කණ්ඩායම් සඳහා Eliminator තරගයක් පවත්වා එහි ජයග්‍රාහකයින් සහ පළමු අවසන් පූර්ව තරගය පරාජය වුනු කණ්ඩායම දෙවන අවසන් පූර්ව තරගයේ දී එකිනෙකා මුණගැසෙනු ඇත. 

අවසානයේ දී අවසන් පූර්ව තරග දෙකේ ජයග්‍රාහකයින් පෙබරවාරි මස 06 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා අතර පරාජයට පත්වූ කණ්ඩායම් දෙක සඳහා පැවැත්වෙන නොඑසේනම් තුන්වන ස්ථානය සඳහා පැවැත්වෙන තරගය ද එදිනම පැවැත්වේ. 

2019 වසරේ දී පැවති මෙම තරගාවලියේ දී Maratha Arabians කණ්ඩායම ශූරතාවය දිනාගත් අතර Deccan Gladiators කණ්ඩායම එහි අනුශුරතාවය දිනාගන්නා ලදි. 

මූලික වටයේ තරග පැවැත්වෙන කාණ්ඩයන් දෙක, 

  • A කාණ්ඩය – Maratha Arabians, Bangla Tigers, Delhi Bulls, Northern Warriors 
  • B කාණ්ඩය – Deccan Gladiators, Qalandars, Team Abu Dhabi, Pune Devils 

2021 අබුඩාබි T10 තරග කාලසටහන (මූලික වටයේ) 

පළමු දිනය – ජනවාරි මස 28 වනදා 

  • Maratha vs Northern Warriors  
  • Pune Devils vs Deccan Gladiators 
  • Delhi Bulls vs Bangla Tigers 

 දෙවන දිනය – ජනවාරි මස 29 වනදා 

  • Pune Devils vs Qalandars 
  • Maratha Arabians vs Delhi Bulls 
  • Deccan Gladiators vs Team Abu Dhabi 

 තුන්වන දිනය – ජනවාරි මස 30 වනදා 

  • Bangla Tigers vs Maratha Arabians  
  • Team Abu Dhabi vs Qalandars 
  • Northern Warriors vs Delhi Bulls 

 සිව්වන දිනය – ජනවාරි මස 31වනදා 

  •  Team Abu Dhabi vs Pune Devils  
  • Bangla Tigers vs Northern Warriors  
  • Qalandars vs Deccan Gladiators 

2021 වසරේ ජනවාරි මස 28 වැනිදා සිට පෙබරවාරි මස 06 වැනිදා දක්වා Sheikh Zayed ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මෙම තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා වන තරගය සහ අවසන් මහා තරගය පෙබරවාරි මස 06 වැනිදා පැවැත්වෙනු ඇත. 

අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියරේ ක්‍රීඩකයින් කාණ්ඩ ගත කිරීම පසුගියදා සිදුවුනු අතර එහිදී තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 13 දෙනෙකු මිලදී ගැනීමට එම කණ්ඩායම්වල අයිතිකරුවන් තීරණය කළේය. එම ක්‍රීඩකයින් පහත පරිදි ඒ ඒ කණ්ඩායම් විසින් මිලදී ගන්නා ලදි. 

  • Bangla Tigers – ඉසුරු උදාන 
  • Delhi Bulls – දසුන් ශානක, දුෂ්මන්ත චමීර 
  • Deccan Gladiators – භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, ලහිරු කුමාර 
  • Pune Devils – තිසර පෙරේරා, චාමර කපුගෙදර, අජන්ත මෙන්ඩිස් 
  • Team Abu Dhabi – අවිශ්ක ප්‍රනාන්දු 
  • Northern Warriors – නුවන් ප්‍රදීප්, මහීෂ් තීක්ෂණ, ධනංජය ලක්ෂාන්  

කෙසේ නමුත් මේ ක්‍රීඩකයින් දිගින් දිගටම තරගාවලි රැසක් සඳහා සහභාගී වන නිසාවෙන් ඔවුන්ට සිදුවන ආබාධ අවම කිරීම සහ ඔවුන්ට යම් විවේකයක් ලබාදීම අවශ්‍ය වේ. ඒ නිසාවෙන් මෙම විදෙස් ක්‍රිකට් තරගාවලි සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහභාගී වීම තරමක් පාලනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙන නමුත්, එය පිළිබඳව තවමත් අවසන් තීරණයකට පැමිණ නොමැත. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<