රවීන් යසස් පමා වූ ඉනිම වර්ණවත් කරයි

351

මාදම්පාගම මධ්‍ය මහා විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර 2 වැනි වරටත් පැවැත්වෙන සහෝදරයන්ගේ සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී දේවපතිරාජ විද්‍යාලයේ රවීන් යසස් තම සුපුරුදු දක්ෂතා අතරට පිවිසෙමින් පළමු දිනයට (06) තරගයේ බේල්ස් ඉවත් කෙරෙන විට අර්ධ ශතකයක් වාර්තා කරමින් නොදැවී පිටියේ රැඳී සිටීයේය.

අම්බලන්ගොඩ සහෝදරවරුන්ගේ සටන දෙවැනි වරටත්

අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් ද්විත්වයක් වන රත්ගම දේවපතිරාජ…

මාදම්පාගම මධ්‍ය මහා විද්‍යාලයේ සත්කාරකත්වයෙන් එම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය අද (06) ආරම්භ වූයේ පස්වරු 2.00ට පමණ ය. ඒ පෙර දින පැවති අයහපත් කාලගුණ තත්ත්වය නිසා ක්‍රීඩාංගණයේ පිළිසකර කටයුතු වෙනුවෙන් කාලය මිඩංගු වීම හේතුවෙනි.

කෙසේ වෙතත් සත්කාරකයෝ දිනූ කාසියේ වාසියෙන් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව උදා වූයේ සංචාරක දේවපතිරාජයන් වෙතය. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් පළමු දිනය අවසන් වන තෙක් ම පන්දුවට පහර දෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 219ක් ලබා ගත්හ.

නිමා වූ පාසල් ක්‍රිකට් තරග වාරයේ දී ලකුණු 1200 සීමාව පසුකර සිටින වමත් පිතිකරු රවීන් යසස් දිනයේ කැපී පෙණෙන පිතිකරුවා බවට පත්විය. ඔහු තරගය නතර කරන විට නොදැවී ලකුණු 74ක් ලබා සිටියේය. රවීන්ගේ ඉනිම පන්දු 98කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් ඇතුලත් විය.

මල්ෂා සහ උමේෂාගේ සුපිරි දස්කම්වලින් මහනුවරට ජය

වයස අවුරුදු 23න් පහළ සුපිරි පළාත් කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග…

ඔහුට අමතරව ජීවක ශෂීන් පන්දු 32ක දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ද, සුධීර වීරරත්න පන්දු 47ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 34ක් ලබා ගනිමින් දේවපතිරාජයන් වෙනුවෙන් දක්ෂතා දැක්වූහ.

දිනය අවසාන වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටින රවීන් යසස් සමඟින් අනෙක් අන්තයෙන් පන්දුවට පහර දෙන කල්ප චේතිය පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 28ක් ලබා සිටී. ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවී එක් කර තිබූ ලකුණු සංඛ්‍යාව 58කි.

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන පසිඳු දසනායක ලකුණු 16කට කඩුලු 2ක් දවා ගනිමින් මාදම්පාගම මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් දක්ෂතා දැක්වූ එකම ක්‍රීඩකයා විය.

තරගය දෙවැනි දිනයටත් හෙට (07) ක්‍රියාත්මක ය.

දේවපතිරාජ විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 219 (48.0) ජීවක ශෂීන් 33, සුධීර වීරරත්න 34, රවීන් යසස් නොදැවී 74, කල්ප චේතිය නොදැවී 28, පසිඳු දසනායක 2/16

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<