නුරාජ් හා වෙනුක් ජයවර්ධනපුර සටනේ පළමු දිනය වර්ණවත් කරති

457

නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය හා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය අතර පැවැත්වෙන 22 වැනි ශ්‍රී ජයවර්ධනපුර මහා සටනේ පළමු දිනය අද (6) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ක්‍රියාත්මක විය.

අද දිනය තුළ දී සාන්ත ජෝන් විද්‍යාලයේ නායක නුරාජ් ප්‍රසංග අර්ධ ශතකයක් ලබාගෙන සාන්ත ජෝන් ඉනිම සවිමත් කළ අතර ආනන්ද ශාස්ත්‍රාලය වෙනුවෙන් වෙනුක් හෙට්ටිආරච්චි පන්දුවෙන් දස්කම් දක්වන ලදි.

ශ්‍රී ජයවර්ධනපුර මහා සටනට සියල්ල සූදානම්

ශ්‍රී ජයවර්ධනපුර මහා සටන නමින් ප්‍රසිද්ධියට පත් නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය හා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය අතර පැවැත්වෙන 22 වන දෙදින මහා ක්‍රිකට් තරගය…

1991 සිට පවත්වනු ලබන මෙම ක්‍රිකට් තරගයේ තරග 2ක් පමණක් ප්‍රතිඵලයක් සහිතව අවසන් වී ඇත. එම තරග දෙකම කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය විසින් ජයග්‍රහණය කර ඇත. සාන්ත ජෝන් විද්‍යාලයට තවමත් සිය විද්‍යාල නාමයට ඉදිරියෙන් ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකිව ඇති අතර ඉතිරි තරග 19 ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

ආර්. ප්‍රේමදාස තණතිරුව මත කාසියේ වාසිය ආනන්ද ශාස්ත්‍රාලය විසින් දිනා ගත්තේය. ඔවුන්ගේ අවසරයෙන් පළමුව පිටියට පිවිසි සාන්ත ජෝන් විද්‍යාල ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන මිතිල පූර්ණජිත් හා ගෝපාල් සෙල්වකුමාර් හට පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවීමට හැකි වූයේ ලකුණු 15ක සම්බන්ධතාවක් පමණි.  

ලකුණු 7ක් ලබා සිටි මිතිල නායක තිමිර මල්ශාන්ගේ පන්දුවකට දැවී ගියේය. ගෝපාල් සමඟින් පිටියේ එක්වූ නායක වමතින් පිත්ත හසුරුවන නුරාජ් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 69ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූයේ  ශාස්ත්‍රාලය පන්දු යවන්නන් හට දැඩි පීඩනයක් එල්ල කරමිනි.

වර්ණවත් 4 පහර 6ක් සමඟ ලකුණු 36ක් ලබා සිටි දකුණත් පිතිකරු ගෝපාල් සාන්ත ජෝන් විද්‍යාල පළමු ඉනිමේ දෙවන කඩුල්ල ලෙස පිටියෙන් ඉවතට ගිය පසුව දක්ෂ ලෙස පිතිකරණයේ නිරත වෙමින් කඩුල්ලේ රැඳී සිටි සාන්ත ජෝන් විද්‍යාල නායක නුරාජ් තරගය අතරතුර ආබාධයකට ලක්විය. ඒ නිසා ඔහු පිටියෙන් ඉවත්ව ගිය අතර ඒත් සමඟ පිටියට පිවිසි සාන්ත ජෝන් මැදපෙළ පිතිකරුවන් ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන් ගොඩනැංවූ සාර්ථක අඩිතාලම ඒ අයුරින් පවත්වා ගැනීමට තරමක් නොහැකි විය.

එහි දී වෙනුක් ආනන්ද ශාස්ත්‍රාල ක්‍රීඩකයින් හට යම් අස්වැසිල්ලක් ගෙන එමින් දක්ෂ ලෙස පන්දු යැවීමට සමත් වීමේ ප්‍රතිඵලයක් ලෙස 127/3ක් ලෙස සටහන්ව තිබූ සාන්ත ජෝන් පළමු ඉනිම එක්වරම ලකුණු 146/7ක් දක්වා වර්ධනය විය.

ආබාධය තරමක් සුව වූ පසුව නැවත තරගයට අවතීර්ණ වූ නුරාජ් ඉවසිලිමත්ව පිත්ත හසුරුවමින් සාන්ත ජෝන් විද්‍යාලය ලකුණු 188ක් දක්වා රැගෙන ගියේය. නායක නුරාජ්ගේ (ලකුණු 84) එම විශිෂ්ට ඉනිමට 4 පහර 7ක් අන්තර්ගත විය.

ඇතුගල්පුර සටනේ පළමු දිනයේ වැඩි ගෞරවය සාන්ත ආනාවරුන්ට

ඇතුලගල්පුර අයිතිකාරයින් වන කුරුණෑගල සාන්ත ආනා සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර 35 වැනි වරටත් පැවැත්වෙන ඇතුල්පුර සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය…

වමතින් පිත්ත හසුරුවන පසුපෙළ පිතිකරුවෙක් වන ශවින් හත්වැල්ල ලකුණු 18යි. පන්දු යැවීමේ දී සාන්ත ජෝන් පළමු ඉනිම ලකුණු 188කට සීමා කිරීමට ආනන්ද ශාස්ත්‍රාලයට සවියක් වූ වෙනුක් ලකුණු 28ක් තුළ කඩුලු 6ක් දවා ගන්නා ලදි.

පසුගිය වසරේ තෙවන පෙළ කාණ්ඩයේ ශූරතාවය දිනා ගනිමින් 2017/18 පාසල් ක්‍රිකට් තරග වාරයේ දී දෙවන පෙළට ඇතුළත් වීමට වරම් දිනාගත් ආනන්ද ශාස්ත්‍රාලයේ වමතින් පිත්ත හසුරුවන සොනාර කරුණාතුංග හා ධනජ සඳලිඳු පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 33ක් එකතු කරන ලදි. අවසානයේ සදිශාන් සමරසිංහගේ පන්දුවකට තනුෂ මාධව හට උඩ පන්දුවක් දුන් ධනජ ලකුණු 14කට දැවී ගියේය.

22 වන ශ්‍රී ජයවර්ධනපුර මහා සටනේ පළමු දිනය අවසන් වන විට ආනන්ද ශාස්ත්‍රාලය වෙනුවෙන් නොදැවී ක්‍රීඩා කරන සොනාර ලකුණු 35*යි.

සාන්ත ජෝන් විද්‍යාල පළමු ඉනිම – 188 (65.5): නුරාජ් ප්‍රසංග 84, ගෝපාල් සෙල්වකුමාර් 36, ශවින් හත්වැල්ල 16, වෙනුක් හෙට්ටිආරච්චි 6/28, ඉසුරු අවින්ද 3/55.

ආනන්ද ශාස්ත්‍රාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 73/3 (22): සොනාර කරුණාතුංග 35*, කුෂාන් යසස් 30,

මෙම තරගය හෙට (6) දෙවන හා අවසන් දිනයටත් ක්‍රියාත්මක වන අතර එම තරගයේ තරග වාර්තාව ද ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<