දේවපතිරාජයේ බැටින් මැෂිම “පවන් සන්දේශ්”

1313

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ කැපී පෙණෙන චරිතයක් බවට පත් වීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ පවන් සංදේශ් සමත්ව සිටිනවා. ඔහු මේ වෙද්දී තරග තරග 7කට සහභාගී වී ලකුණු 489ක් රැස් කරගෙන සිටිනවා. මේ ඔහු ගැන ThePapare.com තබන සටහනක්.

ඩිල්ශාන්ගේ තැන ගන්නට කළුතරින් බිහිවෙන පුංචි තරුව ‘විශාර’

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ….

පවන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන්නේ මීට වසර 5කට පමණ ඉහත දී. එතකොට ඔහු යන්තම් අවුරුදු 10ක් ලැබුවා විතරයි. ඒ අවුරුද්දේම වයස අවුරුදු 13න් පහළ දේවපතිරාජ විද්‍යාලයීය කණ්ඩායම නියෝජනය කිරීමට පවන් සමත් වෙනවා. නමුත් ඒ අවුරුද්දේ පවන්ට එතරම් දෙයක් කරන්න බැරි වෙනවා. හැබැයි ඉතිං තමන් සහභාගී වූ දෙවැනි තරගයේ දී ම ඔහු අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වෙනවා.

ඒ අවුරුද්දේ පවන්ට ගහන්න හම්බවුණේ ලකුණු 200ක් විතර තමයි. නමුත් පවන් ආධුනික ක්‍රීඩකයෙක් ලෙසින් කණ්ඩායම අතර කතා බහට ලක්වුනා. ඔහු හොඳ සටන්කාමී ක්‍රීඩකයෙක්. සෑම අවස්ථාවක දී ම ලකුණු අතර සිටින්න තමයි උත්සාහ කළේ.” ඒ සහතිකය රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු රංජන් ලසන්ත මහතාගෙන්.

ඊට පසු අවුරුද්දේ පවන් ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 425ක් ලබා ගන්නවා. මෙම දක්ෂතා ඊට පසු වසරේ දී කණ්ඩායමේ නායකත්වය දක්වා පැමිණෙන්නත් පවන්ට උපකාරී වෙනවා.

පවන්ගේ ක්‍රිකට් ජීවිතයේ ඉතාම කාර්ය බහුල අවුරුද්ද වුනේ ඒක. පවන් වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමේ නායකත්වයේ වගේම ප්‍රථම වරට දේවපතිරාජයේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමටත් සුදුසුකම් සපුරාලනවා. ඒකට බොහෝ විට ඉවහල් වුනේ ඔහු පිතිකරුවෙක් ලෙසින් දැක්වූ නිපුණතාව.” නැවතත් හඬ අවදි කළේ රංජන් ලසන්ත මහතා.

13න් පහළ නායකත්වයේ කටයුතු කරමින් පවන් එම අවුරුද්දේ කොළඹ නාලන්ද විද්‍යාලයට, ගාල්ල මහින්ද විද්‍යාලයට සහ බෙන්තර ගාමිණි මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ශතක තුනක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 705ක් රැස් කරනවා.

වයස අවුරුදු 15න් පහළ පාසල් කණ්ඩායම නියෝජනය කළ පළමු අවුරුද්දේ දී පවන් අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 360ක් ලබා ගන්නවා. එම අවුරුද්දේම පළාත් වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම නියෝජනය කරන පවන් ඌව පළාතට එරෙහි ව ලකුණු 78ක් ද රැස් කරමින් කාගේත් අවධානය දිනා ගන්නවා.

එම අවුරුද්දේම දේවපතිරාජ විද්‍යාලයීය පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය සහ දෙබරවැව ජාතික පාසලට එරෙහිව ශතක දෙකක් සමඟින් ලකුණු 580ක් ලබා ගන්නවා.

අර්ජුනගේ මුරණ්ඩුව චන්දිමාල්ගේ මුරණ්ඩුව

දෙදෙනාම ආනන්දීයන් ය. දෙදෙනාම මඳක් දැඩි ය. දෙදෙනාම පිටිය මැද උප්පරවැට්ටි දැමීම අතින් ඉදිරියෙන් ය. ශ්‍රී ලංකාවේ…

මේ වන විට පැවැත්වෙන වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන දේවපතිරාජ විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා වන්නේ ද පවන්. ඔහු මෙවර තරගාවලියේ දී මේ වන විට රැස් කරගෙන ඇති ලකුණු 489ට මාතර සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 172ත් ඇතුලත්. එම ඉනිම පන්දු 139කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 13ක් සහ හයේ පහර 17ක් ඇතුලත් වුනා.

උපරිම ලකුණු ප්‍රමාණයකට යන්න මගේ උත්සාහය වුනේ. නමුත් ඒක බැරි වුනා. ඒත් ඒ ඉනිම ගැන සතුටුයි.” පවන් සංදේශ් පැවැසුවා.

දකුණතින් පිත්ත හසුරුවන පවන් 15න් පහළ තරගාවලියේ මෙම ඉනිමට අමතරව අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට එරෙහිව ලකුණු 79ක් සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට එරෙහිව ලකුණු 57ක් ද ලබා ගන්නවා. මීට අමතරව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහිව ද ලකුණු අතර සිටීමට සමත් වෙනවා.

දකුණතින් වේගපන්දු යවන පවන් මේ වසරේ ලබා සිටින කඩුලු සංඛ්‍යාව 15ක්.

ඔහුගේ මේ තුන් ඉරියව් දක්ෂතාත් නායකත්වයේ දක්ෂතාත් සමඟින් දේවපතිරාජ විද්‍යාලයීය කණ්ඩායම දෙවැනි වටය නියෝජනය කිරීමට ද වරම් ලබන්නේ කාණ්ඩ ශූරයන් වෙමින්. ඒ සම්බන්ධයෙන් පවන් පවසන්නේ තරගාවලියේ යම් කඩඉමකට පිවිසීම අරමුණ බවයි. එමෙන්ම තරගාවලිය නිමා වන විට ලකුණු 1000 සීමාව පසු කිරීමත් ඔහුගේ එක් බලාපොරොත්තුවක්.

අයියල තිදෙනෙක්ගෙන් යුත් පවුලේ පවන් සංදේශ් පවුලේ බඩ පිස්සා. ලොකුම අයියා ක්‍රිකට් ක්‍රීඩාවට එතරම්ම ප්‍රවිශ්ට වූ අයෙක් නොවේ. ඔහු මේ වෙද්දී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. දෙවැනි සහ තෙවැනි සහෝදරයන් ගත් මඟ ගත් පවන් ඔවුන් සමඟ ද හරි හරියට ක්‍රීඩා කරනවා. කොටින්ම පවන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන්නේත් ඔවුන් දෙදෙනා නිසා.

බදුරලිය ක්‍රිකට් ක්‍රීඩා සමාජය නියෝජනය කරන රමිඳු නිකේෂල, පවන්ගේ දෙවැනි අයියා. ඔහු තම ක්‍රිකට් ජීවිතයට වඩාත් බලපෑම් කළ තැනැත්තා ලෙසයි පවන් ඔහුව හඳුන්වන්නේ. තෙවැනියා වෙන්නේ සසිඳු සත්සර මේ වෙද්දි බොරැල්ල ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙක් ලෙසින් කටයුතු කරනවා. පවන් ඔහු ගැන පවසන්නේ තමන් ක්‍රිකට් ජීවිතයේ පිය නැගූ ගමනේ වැඩි දායකත්වයක් සැපයූ තැනැත්තා ලෙසින්.

මේ ක්‍රිකට් පවුල නඩත්තු කිරීමත් එතරම්ම ලේසි පහසු නෑ. පියා විදෙස් ගත සේවයේ නියුතුව සිට මේ වෙද්දී මෙරට පිවිස සිටින්නේ. මව කුටුම්බය සමබරව පවත්වා ගෙන යෑමට උත්සාහ කරනවා. අධ්‍යාපන කටයුතුත් ක්‍රීඩා කටයුතුත් වෙනුවෙන් ඔවුන්ට විශාල වෙහෙසක් දැරීමට සිදුව තිබෙනවා. ඒ ගමන කෙතරම් වෙහෙස වූවත් නිමාවක් දක්වා ගමනේ යෙදීම නිවැසියන්ගේ අභිප්‍රාය.

පවන්ගේ ක්‍රිකට් ගමනේ ප්‍රධානියා වෙන්නේ පුහුණුකරු රංජන් ලසන්ත මහතා. ඔහු සේ ම විද්‍යාලයීය විදුහල්පති රාජා අල්විස් මහතා, හිටපු ක්‍රිකට්භාර ආචාර්ය නිශාන්ත කුමාර මහතා සහ වර්තමාන ක්‍රිකට් භාර ආචාර්ය දමිත් ප්‍රසන්න මහතා සමඟින් සහාය පුහුණුකරුවන් ද විද්‍යාලයීය සියලුම ක්‍රිකට් ක්‍රීඩකයන් ද සහ ආචාර්ය මණ්ඩලය සහ පාසලේ සියලුම සහෝදර සිසුන් ද ඔහුට විශාල ශක්තියක් බවයි පවසන්නේ.

එමෙන්ම විද්‍යාලයීය ක්‍රිකට් එකමුතුව සහ තරිඳු කෞෂාල්, සුරංග ප්‍රදීප් මහතා සේ ම කුෂිල් ගුණසේකර මහතා ඇතුළු ගුණ ජය සතුට පදනමේ සියලුම දෙනා ද ඔහු සිහිපත් කරන්නේ විවිධාකාරයෙන් ඔහු වෙත දක්වන අනුග්‍රහයන් හේතුවෙන්. එමෙන්ම මේ සියලුම දෙනා සමඟින් අම්මා, තාත්තා සහ සහෝදරයන් දක්වන දායකත්වයත් ඔහු අමතක කරන්නේ නැහැ.

වයස අවුරුදු 15න් පහළ තරගාවලියේ අවසන් කණ්ඩායම් කිහිපය අතරට පැමිණ තමයි අපේ බලාපොරොත්තුව. මම විශ්වාස කරනවා, අපිට එතැනට එන්න පුළුවන් වෙයි කියලා. අපිට හොඳ විශ්වාසවන්ත කණ්ඩායමක් සිටිනවා. ඒ වගේම අපේ කණ්ඩායම සමබර කණ්ඩායමක්. ඉතිං මම හිතනවා අපිට මෙවර 15න් පහළ තරගාවලිය සුවිශේෂී වේවි.” පවන් සංදේශ් වයස අවුරුදු15න් පහළ තරගාවලියේ බලාපොරොත්තු ගැන පැවසුවේ එලෙසින්.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් දකුණු අප්‍රිකානුවන් මෙල්ල කරයි

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වූ දෙදින පුහුණු ක්‍රිකට්…

වයස අවුරුදු 15න් පහළ තරගාවලියෙන් අනතුරුව පවන්ට මුහුණ දෙන්න සිදුවෙන්නේ වයස අවුරුදු 19න් පහළ තරගාවලියට. මෙවර ඔවුන් ඊට සහභාගී වෙන්නේ පළමු කොටසේ තරගාවලියට.

අපි පවන් ගැන තබා තිබෙන්නේ විශාල විශ්වාසයක්. ඔහු විශේෂ හැකියාවන්ගෙන් යුත් පිතිකරුවෙක්. කණ්ඩායමේ විශේෂ තැනක් හිමිකර ගනිමින් සහ විශේෂ දක්ෂතා දක්වමින් පළමු වරට නියෝජනය කරන පළමු කොටසේ තරගාවලියේ දී පවන් කාගේත් කතා බහට ලක්වෙන දක්ෂතා දක්වාවි.” දේවපතිරාජ විද්‍යාලයීය පුහුණුකරු රංජන් ලසන්ත මහතා නැවත පැවැසුවා.

මේ දක්ෂතා සපිරි හුරුබුහුටි ක්‍රීඩකයාගේ දක්ෂතා සමගින් ThePapare.com නිරතුරුව රැඳී සිටින අතර ඔහුගේ අනාගතයට සුබ පැතුම් ද එක් කරනවා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<