එහේ ගිහින් හොඳ දස්කම් දක්වන්න බලාපොරොත්තු වෙනවා – අසලංක

766

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය මේ මස 29 වැනිදා සිට ජූලි මස 28 වැනිදා දක්වා පැවැත්වේ. එම තරගාවලිය සඳහා සිව්දින ක්‍රිකට් තරග දෙකක් හා දකුණු අප්‍රිකානු විශ්ව විද්‍යාල ක්‍රීඩා කණ්ඩායම සහභාගී වන තුන් කොන් ක්‍රිකට් තරගාවලියක් ඇතුළත්ය. ඒ වෙනුවෙන් සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය හෙට (26) දිවයිනෙන් පිටව යනු ඇත. 

නිදුක් සහ දුල්මිණ රිච්මන්ඩ්වරුන්ට හිසරදයක් වෙයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු…

වයස අවුරුදු 21ක් වන වමතින් පිත්ත හසුරුවන තුන් ඉරියව් ක්‍රීඩකයකු වන චරිත් අසලංක ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරයි. ඔහු පළමු පෙළ තරග 30කට සහභාගි වෙමින් ලකුණු 1212ක් රැස් කරගෙන තිබෙන අතර එහි ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 26.34ක් ලෙස සටහන් වේ. දකුණතින් පිට දඟපන්දු යවන අසලංක කඩුලු 24ක් බිඳ හෙළා ඇත්තේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 36.87ක් ලෙස රඳවා ගනිමිනි.

“අපිට ඉන්නේ හොඳ තරුණ කණ්ඩායමක්. දේශීය ක්‍රිකට් තරග රටාව තුල හොඳට දස්කම් දක්වපු ක්‍රීඩකයින් ඒ අතර ඉන්නවා. අපිට හොඳ අවස්ථාවක් තියෙනවා මේ තරගාවලිය දිනන්න. දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දීත් අපේ කණ්ඩායම මගේ නායකත්වය යටතේ සාර්ථක තරගාවලියක් නිමා කළා.” යැයි චරිත් අසලංක පවසන ලදි. 

මෙම තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයින්ගේ සංචිත දෙක සඳහා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලද සඳුන් වීරක්කොඩි, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, ලහිරු මදුසංක, අමිල අපොන්සු, ලසිත් ඇඹුල්දෙනිය ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. ඇඹුල්දෙනිය මේ වන විට ඔහු මුහුණ දී සිටි ආබාධයෙන් සුවවී හොඳ ශාරීරික යෝග්‍යතා මට්ටමකින් පසුවේ.

ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ අනෙක් කණ්ඩායම්වලට විශාල ආදර්ශයක්

ඉයන් චැපල් යනු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායකයෙකි. ඔහු මේ වන විට විස්තර විචාරකයෙකු…

එසේම  2020 වසර ආරම්භයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන අතර ඒ සඳහා පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන ඩිල්ෂාන් මදුසංක මේ තරග සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතයට තෝරාගැනීම තවත් සුවිශේෂී කරුණකි.

ඔහු පසුගිය දා නිමාවුණු ශ්‍රී ලංකා – පාකිස්තාන 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස තරගාවලිය අවසන් කළේ කඩුලු 8ක් දවාගෙනයි.

ශ්‍රී ලංකා නැගී ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩකයෙක් වන චමින්ද වාස් ශ්‍රී ලංකා නැගී එන සංචිතය පිළිබඳව මෙසේ අදහස් දක්වන ලදි.

“අපිට හොඳ සමබර කණ්ඩායමක් ඉන්නවා. විශේෂයෙන් ඩිල්ශාන් මදුසංක කියන තරුණ ක්‍රීඩකයා ඉතාමත් වැඩි වේගයකින් පන්දුව යනවා. ඔහු අපේ ක්‍රිකට් අනාගතයට හොඳ ආයෝජනයක් වෙයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා.”

ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයන්ගේ එක්දින කණ්ඩායම – චරිත් අසලංක (නායක), සඳුන් වීරක්කොඩි, පැතුම් නිස්සංක, මිනෝද් භානුක, සම්මු අශාන්, කමිඳු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, කලන පෙරේරා, ඩිල්ෂාන් මදුසංක, ලහිරු මදුසංක, අමිල අපොන්සු, රමේෂ් මෙන්ඩිස්, සංගීත් කුරේ.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයන්ගේ සිව්දින කණ්ඩායම – චරිත් අසලංක (නායක), ලහිරු උදාර, හසිත බෝයගොඩ, පැතුම් නිස්සංක, මිනෝද් භානුක, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, කලන පෙරේරා, මොහොමඩ් ශිරාස්, ජෙහාන් ඩැනියල්, ලසිත් ඇඹුල්දෙනිය, නිශාන් පීරිස්, ප්‍රමෝද් මදුවන්ත, අශේන් බණ්ඩාර.

තරග කාලසටහන

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය

  • ජුනි 29 – ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම – ග්රොන්කුලුෆ්
  • ජුනි 30 – දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු විශ්ව විද්‍යාල ක්‍රීඩා කණ්ඩායම – ග්රොන්කුලුෆ්
  • ජූලි 01 – ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු විශ්ව විද්‍යාල ක්‍රීඩා කණ්ඩායම – ග්රොන්කුලුෆ්
  • ජූලි 04 – දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු විශ්ව විද්‍යාල ක්‍රීඩා කණ්ඩායම – ටුක්ස් ඕවල්
  • ජූලි 05 – ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු විශ්ව විද්‍යාල ක්‍රීඩා කණ්ඩායම – ටුක්ස් ඕවල්
  • ජූලි 06 – ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම  – ටුක්ස් ඕවල්
  • ජුලි 09 –  ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු විශ්ව විද්‍යාල ක්‍රීඩා කණ්ඩායම – ග්රොන්කුලුෆ්
  • ජූලි 10 – ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම  – ග්රොන්කුලුෆ්
  • ජූලි 11 –  දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු විශ්ව විද්‍යාල ක්‍රීඩා කණ්ඩායම – ග්රොන්කුලුෆ්
  • ජූලි 14 –  අවසන් මහා තරගය – ටුක්ස් ඕවල්

සිව්දින ක්‍රිකට් තරගාවලිය

  • ජුලි 18 – 21:  ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම – සෙන්වෙස් පාර්ක්
  • ජූලි 25 – ජුලි 28: ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම – ටුක්ස් ඕවල්

තරගාවලියට මුහුණ දෙන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටව යාමට පෙර පැවති මේ මාධ්‍ය හමුව අද (25) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවති අතර ඒ සඳහා කණ්ඩායම් පුහුණුකරු වන චමින්ද වාස්, කණ්ඩායම් නායක චරිත් අසලංක, නැගී කණ්ඩායම් කළමනාකරු/තරගාවලියේ තේරීම් කමිටු සාමාජික හේමන්ත වික්‍රමරත්න හා ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් පැමිණ සිටින ලදි. 

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<