අල්ට්‍රා රන් ජාත්‍යන්තර මැරතන් තරගාවලිය

290
අල්ට්‍රා රන් ජාත්‍යන්තර මැරතන් තරගාවලිය

•ඉසව් 7ක ජය ලංකාවට

ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට ජාත්‍යන්තර මට්ටමින් සංවිධානය කරන ලද අල්ට්‍රා රන් මැරතන් තරගාවලිය පසුගියදා අනුරාධපුර පුජා නගර භූමිය කේන්ද්‍රකොට ගෙන පැවැත්විණි. කිලෝමීටර 50, කිලෝමීටර 21, කිලෝමීටර 10, කිලෝමීටර 5 කාන්තා හා පිරිමි ඉසව් 8කින් තරගය සංවිධානය වි තිබුණි.

කිලෝමීටර 50 දුරැති මැරතන් තරගයේ ජය  පැය 3 විනාඩි 3 තප්පර 49කින් නිමාකල කෙන්යානු ජාතික ඇන්තනී එන් මුගෝ විසින් දිනාගනු ලැබිය. එහි දෙවැනි ස්ථානය කැළුම් ධර්මරත්න විසින් දිනාගත් අතර තෙවැනි ස්ථානය සුධන්ත ලක්මාල්ට හිමි විය.

දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම ජාත්‍යන්තර මැරතන් තරගාවලියේ කාන්ත ජය වි. ක්‍රිෂාන්ති විසින් දිනාගත් අතර එම ඉසව්වේම දෙවැනි ස්ථානය ධම්මිකා විරක්කොඩිට හිමි විය.

තරගාවලියේ කාගෙත් අවධානය යොමු වුයේ තරගකරුවන් අතර 75 වියැති ඉන්දීය ක්‍රිඩකයෙකු තරගාවලිය ට සහභාගි වි තිබිමයි.

ජයග්‍රහකයන් හට වටිනා මුදල් ත්‍යාග සමගින් ජයග්‍රාහී  කුසලාන ලැබු අතර ජයග‍්‍රාහකයින්ට ජය සංකේත ප‍්‍රදානය සිදුකෙරුණේ උතුරු මැද කී‍්‍රඩා අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන්  මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

එම අමාත්‍යාංශයේ ලේකම් නයනා දිසානායක මහත්මියද, උතුරුමැද කී‍්‍රඩා අධ්‍යක්‍ෂ සුමිත් කේ. සෝමරත්න, අනුරාධපුර මලල කී‍්‍රඩා සංගමයේ සභාපති බී.වී.ආර්. ජයලාල්, ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ලූතිනන් කර්නල් මංජුල පෙරේරා  යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.