දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් නම මාරු කරයි

1269

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ආරම්භක අදියරේ සිටම තරගාවලියේ සිටින කණ්ඩායමක් වන දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම දිල්ලි කැපිටල්ස් (Delhi Capitals) ලෙස සිය නම වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා. දෙසැම්බර් 4 වැනිදා පැවති උත්සවයක දී මේ බව එම කණ්ඩායමේ කළමනාකාරිත්වය විසින් හෙළි කළා. ඒ අනුව කණ්ඩායමේ නිල ලාංඡනය ද වෙනස් වනු ඇත.

‘සුපුරුදු’ පරාජයට දැන්වත් තිත තියමු ද…?

ඉන්දියාවේ ප්‍රධානතම ඉදිකිරීම් හා ඉඩම් සම්බන්ධ සමාගමක් වන GMR සමූහ ව්‍යාපාරය 2008 වසරේ දී දිල්ලි නගරය මූලික කර ගත් ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම ඇමරිකානු ඩොලර් මිලියන 84කට මිල දී ගත්තා. පළමු අදියර දෙකේ දී එම කණ්ඩායම අවසන් පූර්ව අදියර කරා පැමිණීමට තරම් එතැන් සිට දිල්ලි කණ්ඩායම එතරම් සාර්ථක වූයේ නැත.

2018 තරග වාරයට ප්‍රථම GMR සමූහ ව්‍යාපාරය කණ්ඩායමේ අයිතිය 50-50 ලෙස වනසේ මුම්බායි හී යකඩ සමාගමක් වන ජින්ඩාල් සමාගම සමඟ ගිවිසුම් ගත වී තිබෙනවා.

2018 තරග වාරයේ ලකුණු සටහනේ අවසන් ස්ථාන අතර සිටි දිල්ලි කණ්ඩායම ක්‍රීඩකයින් 10ක් පමණ තමන්ගේ ගිවිසුම්වලින් නිදහස් කර ශිකර් ධවාන් කණ්ඩායමට එක් කර ගැනීම විශේෂත්වයක්.

මේ වන විට දිල්ලි කණ්ඩායමට ක්‍රීඩකයින් 14 දෙනෙක් ඉතිරිව සිටින අතර ඔවුන්ට තවත් ක්‍රීඩකයින් 10ක් කණ්ඩායමට එක් කර ගත හැක. ඒ දේශීය ක්‍රීඩකයින් හතක් හා විදෙස් ක්‍රීඩකයින් තිදෙනෙක් ලෙසයි. ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මස 18 වැනිදා පැවැත්වෙන අතර කණ්ඩායමක් සතු දෙවන වැඩිම මූල්‍ය වත්කම සතු, දිල්ලි කැපිටල්ස් හිමිකරුවන්ගේ පසුම්බියේ ඉන්දීය රුපියල් කෝටි 25.50ක් ඇති බව ද වාර්තා වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<