රවිඳු සහ මිහිලියා තරගාවලියේ ශූරතා දිනති

172
Ravindu Laksiri and Mihiliya Methsarani

වාර්තා පිට වාර්තා පිහිටවූ විසි හැවිරිදි ස්කොෂ් ක්‍රීඩා තරුව, මිහිලියා මෙත්සරණි, අවසන් මහා තරගයේ දී ෆාතොම් ඉසඩින් (Fathoum Issadeen) පරාජය කරමින් ඉකුත් 15 වැනිදා නිමා වූ යුනයිටඩ් ස්පෝර්ට්ස් (United Sports) විවෘත ස්කොෂ් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ස්කොෂ් ක්‍රීඩාවෙන් කිරුළු පැලදී ලාංකීය කුමරිය, මිහිලියා

අතිදක්ෂ ශ්‍රී ලාංකික ස්කොෂ් ක්‍රීඩිකාවක් වන මිහිලියා මෙත්සරණි සිය ජාත්‍යන්තර ක්‍රීඩා දිවියේ …

2017 වසරේ ජාතික ශූරයින් බවට පත්වූ රවිඳු ලක්සිරි හා මිහිලියා මෙත්සරණි මෙම තරගාවලියේ දී ද පිරිමි හා කාන්තා විවෘත ඉසව්වල ජයග්‍රහණ තමන් සතු කරගත් අතර පිළිවෙළින් ෂමිල් වකිල් හා ෆාතොම් ඉසඩින් ඔවුන් හමුවේ පරාජයට පත්විය.  

මිහිලියාගේ, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සහකරුවා වූ රවිඳු ලක්සිරි රාජකීය විද්‍යාලයේ ෂමිල් වකිල් පරාජය කරමින් පසුගිය වසරේ තමන් දිනාගත් ශූරතාවය මේ වසරේ ද තමන් සතුකර ගැනීමට සමත් විය.

කාන්තා අවසන් මහා තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර ක්‍රීඩිකාවන් දෙදෙනා කරට කර සටනක නිරත වනු දක්නට ලැබුණි. ෆාතොම් ඉසාඩින් සහ මිහිලියා මෙත්සරණි එක්ව පළමු වතාවට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙකුගේ ආසියානු මට්ටමේ ඉහළම දක්ෂතාවය ප්‍රදර්ශනය කරමින් ආසියානු ශ්‍රේණිගත කිරීම්වල හත්වැනි ස්ථානයට පත්වීමට සමත් විය. ක්‍රීඩිකාවන් දෙදෙනාම ලෝක ශ්‍රේණිගත කිරීම්වල 208 වන ස්ථානයේ රැඳී සිටියි.

කෙසේ වුවත් ඉතා තරගකාරී තරගයකින් මෙන්ම මෙන්ම විනිසුරුවන්ගේ විවාදාත්මක තීරණ කිහිපයකට පසු ඉසාඩින් පරාජය කරමින් ඇයගේ ප්‍රතිවාදියා වූ මිහිලියා ශූරතාවය දිනා ගන්නා ලදි. අවසන් ලකුණු දැක්වුණේ 11-8, 7-11, 11-5 ක් හා 11-6ක් ලෙසය.

තරගාවලියේ වයස අවුරුදු 9න් පහල කාණ්ඩයේ සිටම කනිෂ්ඨ තරග පැවැත්වුනු අතර වයස අවුරුදු 50න් ඉහල කාණ්ඩය දක්වාම ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේ තරග ද පැවැත්විය.

යුනයිටඩ් ස්පෝර්ට්ස් (United Sports) විවෘත ස්කොෂ් තරගාවලියේ ජයග්‍රාහකයින්

  • බාලිකා වයස අවුරුදු 9න් පහල– එම්. බි සමරනායක හමුවේ එම්. එල් රාජපක්ෂ පරාජයට පත්විය.
  • බාලක වයස අවුරුදු 9න් පහල – කේ. කොහොඹගේ හමුවේ වී. එස් පිරිස් පරාජයට පත්විය.
  • බාලිකා වයස අවුරුදු 11න් පහල  – ඒ ගුණසේකර හමුවේ ඩි. එස් බාලසුරිය පරාජයට පත්විය
  • බාලක වයස අවුරුදු 11න් පහල –එම්. රිල්වාන් හමුවේ ඩි. එස්  නෙත්මිර පරාජයට පත්විය.
  • බාලිකා වයස අවුරුදු 13න් පහල – ආර්. අයි වුඩ් හමුවේ ඒ. මෙන්ඩිස් පරාජයට පත්විය.
  • බාලක වයස අවුරුදු 13න් පහල – ජේ. එස් ප්‍රේමතිලක හමුවේ එස්. ඩි ඩයස් පරාජයට පත්විය.
  • බාලිකා වයස අවුරුදු 15න් පහල – එස්. සි සිනාලි හමුවේ ඒ. ඕ පෙරේරා පරාජයට පත්විය.
  • බාලක වයස අවුරුදු 15න් පහල– ඒ. එන් ලක්මන් හමුවේ එච්. ටි රන්දින පරාජයට පත්විය.
  • බාලිකා වයස අවුරුදු 17න් පහල  – එස්. සි සිනේ හමුවේ ඩි ගාල්ලගේ පරාජයට පත්විය.
  • බාලක වයස අවුරුදු 17න් පහල – එම් වුඩ් හමුවේ එම්. අයි අස්මන් පරාජයට පත්විය.
  • බාලිකා වයස අවුරුදු 19න් පහල  – කේ ගුණවර්ධන හමුවේ එස්. ඩින් පරාජයට පත්විය.
  • බාලක වයස අවුරුදු 19න් පහල – ඩි පෙරේරා හමුවේ එච් බාලසුරිය  පරාජයට ලක්විය.
  • පිරිමි පළඟ – එච්. ඒ. ඩි. එස් සිල්වා අතින් එච්. එම්. ඒ ප්‍රියන්ත පරාජයට පත්විය.
  • පිරිමි වයස අවුරුදු 35ට වැඩි – එස් තිලකරත්න අතින් එස්. කේ ඩි සිල්වා පරාජයට පත්විය.
  • පිරිමි වයස අවුරුදු 45ට වැඩි – සි. එච් තලගල අතින් ඩි. විජේසුන්දර පරාජයට පත්විය.
  • පිරිමි වයස අවුරුදු 50ට වැඩි – එම්. එන් කාදර් අතින් පී. ඩි ජයසිංහ පරාජයට පත්විය.
  • කාන්තා විවෘත – මිහිලියා මෙත්සරණි අතින් ෆාතොම් ඉසඩින් පරාජයට පත්විය.
  • පිරිමි විවෘත – රවිඳු ලක්සිරි අතින් ෂමිල් වකිල් පරාජයට පත්විය.  

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<