කොන්ත්‍රාත්තු අත්සන් කරන්න තවත් කල් දෙයි

160

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින් සඳහා නව ක්‍රිකට් කොන්ත්‍රාත්තු ලබා දීම පසුගිය දා සිදු කෙරුණු අතර එම කොන්ත්‍රාත්තු සඳහා ක්‍රීඩකයින්ට අත්සන් කිරීමට ජුනි 3 වැනිදා තෙක් කාලය හිමිව තිබුණා. නමුත් එම කාලය මේ වන විට ජුනි 06 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

කොන්ත්‍රාත්තු සම්බන්ධයෙන් නීතිඥයෙකු හරහා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ක්‍රීඩකයින් පිරිසක් පවසා සිටියේ මෙම කොන්ත්‍රාත්තුවේ සඳහන් ගෙවීම් ක්‍රමය අසාධාරණ සහ විනිවිදභාවයකින් තොරව බවයි. මේ පිළිබඳව බලධාරීන් සහ ක්‍රීඩකයින් තවමත් සාකච්ඡා පවත්වන බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් Dialy News වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබුණේ ක්‍රීඩකයින්ට සිය අවසන් කැමැත්ත ප්‍රකාශ කරමින් කොන්ත්‍රාත්තුවලට අත්සන් කිරීම සඳහා ජුනි 6 වැනිදා තෙක් කාලය දීර්ඝ කර තිබෙන බවයි.

ඔවුන්ට කාලය ලබා දීලා තියෙනවා ජුනි 6 වැනිදා තෙක් ඔවුන්ගේ තීරණය ප්‍රකාශ කරමින් නව කොන්ත්‍රාත්තු සමඟ ගිවිසුම්ගත වීමට හෝ විකල්ප ක්‍රමයක් වන තරග සංචාර අනුව ගිවිසුම්ගත වෙන්නට, යැයි ඔහු පවසා තිබුණා. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<