Whatmoreට අලුත් පුහුණුකරු තනතුරක්

158

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම 1996 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස සේවය කළ Dav Whatmore හට නේපාල ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු තනතුර ලැබී තිබේ.

2022 වසරේ දී ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් නේපාල ක්‍රිකට් කණ්ඩායමේ දස්කම් වර්ධනය කිරීම වෙනුවෙන් මේ තෝරා ගැනීම සිදු කර තිබෙන බව නේපාල ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

Umesh Patwal 2020 වසරේ පෙබරවාරි මාසයේ දී නේපාල ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරින් ඉවත් කළ අතර ඉන් පසුව එම තනතුර මාස ගණනාවක් තිස්සේ පුරප්පාඩුව පැවතුණි. එම පුරප්පාඩුව පිරවීම වෙනුවෙන් මෙසේ Dav Whatmore තෝරාගෙන තිබේ.

“නේපාලය සතුව දක්ෂ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් ඉන්නවා ඔවුන්ගේ ක්‍රිකට් ඉදිරිය ඉතාමත් හොඳ මට්ටමක තිබෙනවා කියලා මට හිතෙනවා. මේක මට ලැබුණු අලුත් අභියෝගයක් ඒක සාර්ථකව අවසන් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නේපාලය කියන්නේ මම ආස කරන තවත් එක් රටක් එහේ හරිම ලස්සනයි” යැයි Dav Whatmore පැවසූ බව නේපාල ක්‍රිකට් ආයතනය සිය මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් පවසා සිටියි.

තවත් ක්‍රිකට් පුවත්:

වට්මෝර් 1996 ලෝක කුසලාන ශූරතාව දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරීත්වයට අමතරව, සිම්බාබ්වේ, බංග්ලාදේශ සහ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම්වල ද ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.

එසේම  ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පළමු පෙළ තරග වදින ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය 2016/17 තරග වාරය සහ මහා තරග සඳහා ඔවුන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු විශේෂඥයෙක් ලෙස වට්මෝර් මහතාගේ සහාය ලබා ගෙන ඇත.

ලොව ප්‍රමුඛ පෙළේ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියක් වන ඉන්දියාවේ රංජි කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2017/18 තරග වාරය තුල කේරළ ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ගේ ක්‍රිකට් ඉතිහාසය තුල පළමු වරට අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ද වට්මෝර් මහතාගේ මඟ පෙන්වීම යටතේයි.

වට්මෝර්ගේ පුහුණුකාරිත්වයේ පළමු වසර තුලම එලෙස දස්කම් දැක්වූ කේරළ ක්‍රිකට් කණ්ඩායම 2018/19 තරගාවලිය තුල අවසන් පූර්ව වටය දක්වා පැමිණියේය. ඉන්පසුව ඔහු එම තනතුරෙන් ඉවත් වීමත් සමඟම කේරළ කණ්ඩායම මූලික වටය පසු කොට පිළිමළුන් පිටුදැකීමේ තරග වටයක් සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්කම් දක්වා නොමැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<