සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත දෙවැනි පන්දුවාර විස්සයි විස්ස තරගය අද (5) රාත්‍රී 7.00 සිට පුනේ හිදී ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක අද තරගයට සහභාගී වීමත් සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙතෙක් වැඩිම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග සංඛ්‍යාවකට සහභාගීව සිටි හිටපු නායක ලසිත් මාලිංගගේ තරග සංඛ්‍යාව සම කරනු ඇත.
2014 වසරේ පැවති පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වූ නායකයා ලෙසින් ඉතිහාසය රනින් ලියන්නට සමත් වී සිටින ලසිත් මාලිංග, විස්සයි විස්ස දිවියට සමුදීමට පෙර තරග 84ක දී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබුණා.
- Pandya සහ Williamson ක්‍රීඩා කරන තැන් පුහුණුකරු සනාථ කරයි
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව සාමාජිකයෙක්
- Danish Kaneriaගෙන් Afridiට උපහාසයක්
- ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට නව කණ්ඩායමක්
විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවල දී වාර්තා රැසකට හිමිකම් කියා ඇති මෙම දකුණත් වේගපන්දු යවන්නා විසින් බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 107ක්. ඉනිමක හොඳම පන්දු යැවීම ලෙස 2019 වසරේ නවසීලන්තයට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවති තරගයක දී ලකුණු 6කට දවා ගන්නා ලද කඩුලු 5 සටහන් වන මාලිංගගේ තරග දිවියේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 20.79ක් ලෙස සටහන් වුනා.
වර්තමාන විස්සයි විස්ස සහ එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන දසුන් ශානක 2015 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග 83කට ක්‍රීඩා කර තිබෙනවා.
තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන දසුන් පිත්තෙන් ලකුණු 1249ක් සහ පන්දු යැවීමෙන් කඩුලු 21ක් බිඳ හෙළීමට සමත්ව සිටිනවා. මෑත කාලයේ සුදු පන්දු තරග සඳහා පත් කරන ලද නායකයන් අතර ඉදිරියෙන්ම සිටින නායකයා වන්නේ දසුන් ශානක වන අතර, ඔහුගේ නායකත්වය යටතේ අවසන් වරට පැවති ආසියානු කුසලාන ශූරතාවය මෙන්ම තවත් කැපී පෙනෙන ජයග්‍රහණය රැසක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.
තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ තීරණාත්මක දෙවැනි තරගය අද (05) පූනේ හිදී ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ පළමු තරගය ජය ගත් ඉන්දියාව මේ වන විට 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණේ පසුවනවා.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<