විදෙස් තරගාවලියකට දසුන්ටත් වරම්

1176
Dasun Shanaka

මේ වසරේ දී පළමු වතාවට පැවැත්වූ T10 ක්‍රිකට් තරගාවලියේ තවත් අදියරක් මේ වසර අවසානයේ දී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ලොව සිටින ප්‍රහාරාත්මක ක්‍රිකට් තරු කිහිප දෙනෙකු මූලික වශයෙන් අන්තර්ගත කරමින් ක්‍රීඩක සංචිත කිහිපයක් නිකුත් කර ඇති අතර එහි ශ්‍රී ලංකාවේ දසුන් ශානක ද අන්තර්ගතව සිටියි.

>> ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව කළමනාකරුවෙක්

මූලික වශයෙන් ඒ ඒ කණ්ඩායම්වලට ක්‍රීඩකයින් වෙන් කිරීම ඊයේ (24) දිනයේ ඩුබායි හිදී සිදුකෙරුණි. එහි දී ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන දසුන් ශානක, ඉයන් මොර්ගන්ගේ ප්‍රධානත්වයෙන් වූ කේරළ කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් තේරී පත්ව ඇත.

කණ්ඩායම ප්‍රධාන ක්‍රීඩකයා අතිරේක ක්‍රීඩකයින්
බෙංගාල් ටයිගර්ස් සුනිල් නාරායින් ජේසන් රෝයි, සෑම් බිලිංග්ස්, අසීෆ් අලී, මුජිබර් රහුමාන්
කරචියන්ස් ශේන් වොට්සන් ජොෆ්රා ආචර්, ඇන්ටොන් ඩිව්චිච්, කොලින් ඩී ග්‍රෑන්ඩ්හෝම්, බෙන් ලොක්ලින්
කේරල කිංග්ස් ඉයන් මොර්ගන් කිරන් පොලාඩ්, සොහෙයිල් තන්වීර්, දසුන් ශානක, පෝල් ස්ටර්ලින්
මරත ඇරබියන්ස් රාශීඩ් කාන් ජේම්ස් ෆෝල්ක්නර්, ඇලෙක්ස් හේල්ස්, ඩුවෙයින් බ්‍රාවෝ, කම්රන් අක්මාල්
නෝර්දන් වොරියර්ස් ඩැරන් සැමී ඇන්ඩෘ රසල්, ඩුවෙයින් ස්මිත්, වහබ් රියාස්, නිකලස් පෝරන්
පක්ටූන්ස් ශාහීඩ් අෆ්රිඩි කොලින් ඉන්ග්‍රම් , ඩේවිඩ් විලී, මොහොමඩ් ඉර්ෆාන් , ලියාම් ඩොව්සන්
පංජාබි ලෙජන්ඩ්ස් ශොයිබ් මලික් එවින් ලෙවිස්, ක්‍රිස් ජෝර්ඩන්, ලුක් රොන්චි, ලියාම් ප්ලන්කට්
රාජ්පුට්ස් බ්‍රෙන්ඩන් මැකලම් මොහොමඩ් හෆීස්, රිලී රෑසොව්, ක්‍රිස් ලින්, මොහොමඩ් ශෙසාඩ්

ගියවර තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ කේරළ කිංග්ස් කණ්ඩායමයි. නොදර්න් වෝරියර්ස් හා කරච්චියන්ස් යනු T10 ක්‍රිකට් ලීග් තරගාවලියට එක්වූ නවතම කණ්ඩායම් දෙක වන අතර එහි ප්‍රධාන ක්‍රීඩකයින් ලෙස පිළිවෙළින් ශේන් වොට්සන් හා ඩැරන් සැමී තෝරාගෙන ඇත. පසුගිය වසරේ දෙසැම්බර් මස දී පැවැත්වූ පළමු T10 ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ Team Sri Lanka යන කණ්ඩායමේ නම වෙනස් කර ඒ වෙනුවට රාජ්පුට්ස් යන නම යොදා බ්‍රෙන්ඩන් මැකලම් එහි ප්‍රධාන ක්‍රීඩකයා ලෙස නම් කර තිබේ.

>> ශ්‍රී ලංකා එක්දින සංචිතයට අලුත් මුහුණක්

මෙලෙස ක්‍රීඩකයින් වෙන් කර ඇත්තේ ක්‍රීඩකයින් තෝරා ගැනීමේ පළමු වටයේ දී වන අතර ක්‍රීඩකයින් තෝරා ගැනීමේ තවත් වටයක් සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව තරග සංවිධායකයින් පවසන ලදි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<