Home Sinhala රසල්ගේ මල්වෙඩි අවසානයේ ශ්‍රී ලංකාවට තවත් T20 පරාජයක්!

රසල්ගේ මල්වෙඩි අවසානයේ ශ්‍රී ලංකාවට තවත් T20 පරාජයක්!

146
Andre Russell

කොදෙව් පිළේ ප්‍රහාරක හැකියාව මෙන්ම පන්දු යැවීමේ සහ රැකීමේ දකින්නට තිබූ සංයමය ඉදිරියේ ශ්‍රී ලංකා පිළට අද (06) දෙවැනි වරටත් පරාජය භාර ගැනීමට සිදුවිය. ඒ සංචාරක කොදෙව්වන් අද පල්ලෙකැලේ පැවති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබා ගැනීමත් සමඟයි. ඔවුන් තරගය තුල කිසිදු අවස්ථාවක දී පීඩනයක් ලබා නොගෙන තරගය ජය ගත්තේ තවත් නොයිඳුල් පන්දුවාර 3ක් ඉතිරිව තිබියදීමයි!

තෝමස්ට බියවූ ශ්‍රී ලංකාවට සිත් බිඳෙන පරාජයක්!

එක්දින තරගාවලියේ දී ලබාගත් ජයග්‍රහණ රිද්මයට විරාමයක් තබමින් අද (04) ඇරඹුනු පළමු විස්සයි…

තරගය ඇරඹෙන්නේ පල්ලෙකැලේ පිටියේ දී දෙවැනි වරටත් කාසියේ වාසිය කොදෙව් නායක කිරන් පොලාර්ඩ්ට හිමි වීමත් සමඟයි. ඒ අනුව පසුගිය තරගයේ තමන් ලබාගත් තීරණය වෙනස් කරමින් මෙවර මුලින් පන්දුව අතට ගැනීමට ඔහු තීරණය කළේය. නමුත් පළමු තරගය විශිෂ්ට අන්දමින් ජයගත් තම කණ්ඩායමේ වෙනස්කම් සිදු නොකිරීමට තරම් ඔවුන් සැලකිලිමත් වී තිබුණි. ශ්‍රී ලංකා පිළ පසුගිය සීමිත පන්දුවාර තරග වලදී විශේෂ යමක් කිරීමට අපොහොසත් වූ ඉසුරු උදානට විවේකයක් ලබා දෙමින් යොවුන් ක්‍රීඩක ලහිරු කුමාරට ලක්මව නියෝජනය කිරීමට අවස්ථාවක් ලබා දී තිබුණි.

කොදෙව්වන් අද තරග ආරම්භයේදීම ශ්‍රී ලංකාව මවිතයට පත් කරමින් පන්දු යැවීම ආරම්භ කරන්නේ දඟ පන්දු යවන ක්‍රීඩක ෆේබියන් ඇලන්ගෙනි. එය සෑහෙන දුරකට සාර්ථක වූ අතර වේග පන්දු යවන්නන් අපේක්ෂාවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ රිද්මය සෑහෙන දුරකට අඩාල කිරීමට එය හේතුවිය. ඉන්පසු නැවතත් ඔශේන් තෝමස් අද තරගයට හඳුන්වා දීමත් සමඟ දැවී යන්නේ එක්දින තරගාවලියේ ලකුණු අතර සිටි අවිශ්ක ප්‍රනාන්දුයි. ඒ ඔශේන්ගේ අධිවේගී පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙනි.

එක්දින හොඳට කරපු අපිට විස්සයි විස්සේ දී මොනවා වෙයි ද?

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින්..

පසුගිය තරගයේ මුල්ම පන්දුවේ දී දැවී ගිය ශෙහාන් ජයසූරිය අද උගත් පාඩම් සැලකිල්ලට ගනිමින් ප්‍රවේසමෙන් පිතිකරණයේ යෙදුනද ඔහුට පන්දු 18කට මුහුණ දී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 16ක් පමණි. පසුගිය තරගයේ ශ්‍රී ලංකා පිළේ බලාපොරොත්තු අවසන් මොහොත තෙක් දරා සිටි කුසල් පෙරේරා ද ඊලඟ පන්දුවේ දී ලකුණු 15කට ෆේබියන් ඇලන්ට කඩුලු ත්‍රිත්වයක් සඳහා ද මාර්ගය පාදා දෙමිනි. නමුත් එම පන්දුව සාර්ථකව මැඩ පැවැත්වීමට ඇන්ජෙලෝ මැතිව්ස්ට හැකිවිය.

නමුත් අද ශ්‍රී ලංකා මැදපෙළ ද සාර්ථක නොවූ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 11කටත්, වනිඳු හසරංග ලකුණු 8කටත් දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිම තවදුරටත් කඩා ඉහිරවමිනි. බලාපොරොත්තු සහගත ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 23ක් ලබා සිටි ඇන්ජෙලෝ මැතිව්ස් ද මේ අතරතුර ඇලන් කෙලින්ම පන්දුව කඩුල්ලට එල්ල කිරීම නිසා දැවී යන්නේ ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනීමේ වගකීම අවසන් පිතිකරණ යුගලය දක්වා ගෙන යමිනි. කෙසේවෙතත් එතැන් පටන් බලය පතුරුවමින් සිටි කොදෙව්වන්ට හොඳ සටනක් ලබා දෙමින් ලකුණු 155ක් දක්වා ඉනිම ඇදගෙන එන්නට දසුන් ශානකට සහ තිසර පෙරේරාට හැකිවිය.

Photos: Sri Lanka vs West Indies | 2nd T20I

එහිදී මුලින් ඉතාම සංයමයෙන් ඉනිම ගොඩ නගා පසුව ප්‍රහාරය කරා එළඹුණු දසුන් ශානක ලකුණු 31ක් නොදැවී ලබා ගන්නේ පන්දු 24කදීයි. ඊට හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. තිසර පෙරේරා තමන්ට ලැබුණු පන්දු 13න් උපරිම ඵල නෙලා ගනිමින් එක් හතරේ පහරක් සහ එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 21ක් ලබා ගත්තේය. සැබවින්ම මොවුන් දෙදෙනා නොසිටින්නට ශ්‍රී ලංකාවට ලකුණු 130 සීමාවද සිහිනයක් වන්නට ඉඩ තිබුණි. පන්දු යැවීමේ දී ෆේබියන් ඇලන් කඩුලු 2ක් දවා ගනිද්දී අනෙක් පන්දු යවන්නන්ගෙන් ද ඔහුට හොඳ සහයක් හිමිවිය.

මෙම ලකුණු සංඛ්‍යාව මුල සිටම ප්‍රහාරක පිතිකරුවන් රැසකගෙන් පිරුණු කොදෙව්වන් ඉදිරියේ කුඩා ඉලක්කයක් මෙන් දිස්වූ අතර ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීමට ඇති ඉඩ ඉතා අවම බව පැහැදිලි විය. එය තවදුරටත් තහවුරු කරමින් නායක ලසිත් මාලිංග ආරම්භයේදීම කොදෙව්වන් අතින් දැවැන්ත ප්‍රහාරයකට ලක්විය. ඉන්පසු ඇන්ජෙලෝ මැතිව්ස් වේගය අඩාල කළ පන්දුවක් මගින් ලෙන්ඩ්ල් සිමන්ස් දවා ගත්තද එය කොදෙව් ඉනිමට විශාල තර්ජනයක් වූයේ නැත.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ බ්‍රැන්ඩන් කින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිතේ හැටියට පහර දෙමින් ලකුණු 43ක් රැස් කළේ පන්දු 21කට පමණක් මුහුණ දෙමිනි. මීට අමතරව ශිම්රන් හෙට්මයර් සාපේක්ෂව මන්දගාමී ඉනිමක් ක්‍රීඩා කරමින් බ්‍රැන්ඩන්ට සමාන ලකුණු ගණනක් රැස් කළේය. තරගයේ අවසන් කොටසේදී විශ්වාස කිරීමට අපහසු තරමේ අනුකම්පා විරහිත ප්‍රහාරයක යෙදුනු අන්ද්‍රේ රසල් කොදෙව්වන් වෙනුවෙන් තරගය නිමා කළේ පන්දු 14කදී නොදැවී ලකුණු 40ක් රැස් කරමිනි. ඔහුගේ ඉනිමට අති දැවැන්ත හයේ පහර 6ක් ඇතුළත් විය.

පන්දු යැවීමේ දී මැතිව්ස්, ලහිරු සහ දසුන් එක් කඩුල්ල බැගින් බිඳ හෙලූ අතර තිසර සහ ඇන්ජෙලෝ හැරෙන්නට අනෙක් සියල්ලන් දැඩි ප්‍රහාරයකට ලක්විය. මාලිංගගේ ද වෙනදා දකින්නට ලැබෙන ආක්‍රමණශීලී පන්දු යැවීම දැකීමට හැකිවූයේ නැත. පන්දු යැවීමේ ධනාත්මක සිදුවීමක් ලෙස ලහිරු කුමාර පැයට කිලෝමීටර් 150ද ඉක්මවා පන්දු යැවීම සැලකිය හැකි වුවද ඔහු තවදුරටත් නිවැරදි කර ගතයුතු අංශ රැසක් ඇති බව පැහැදිලි විය.

බංගලියන් පාකිස්තානයට යාම ප්‍රතික්ෂේප කරන ලකුණු

අදියර තුනකින් සමන්විත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය නිමාවට..

තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා ලෙස ද සම්මාන දිනා ගත්තේ තුන් ඉරියව්වෙන්ම සුපිරි දක්ෂතා ප්‍රදර්ශනය කළ අන්ද්‍රේ රසලුයි. ඒ අනුව කොදෙව් සංචාරයේ එක්දින තරගාවලිය 3-0ක් ලෙස ශ්‍රී ලංකාව පූර්ණ තරගාවලි ජයක් ලබා ගනිද්දී විස්සයි විස්ස තරගාවලිය 2-0ක් ලෙස කොදෙව්වන්ට ජය ලබා දෙමින් නිමාවට පත්විය.

Result


Sri Lanka
155/6 (20)

West Indies
158/3 (17)

Batsmen R B 4s 6s SR
Kusal Perera c Lendl Simmons b Fabian Allen 15 13 2 0 115.38
Avishka Fernando b Oshane Thomas 9 10 1 0 90.00
Shehan Jayasuriya c Rovman Powell b Fabian Allen 16 18 3 0 88.89
Kusal Mendis c Rovman Powell b Dwayne Bravo 11 13 1 0 84.62
Angelo Mathews run out (Fabian Allen) 23 22 2 0 104.55
Dasun Shanaka not out 31 24 3 1 129.17
Wanindu Hasaranga c Shimron Hetmyer b Sheldon Cottrell, 8 8 1 0 100.00
Thisara Perera not out 21 13 1 1 161.54


Extras 21 (b 5 , lb 5 , nb 1, w 10, pen 0)
Total 155/6 (20 Overs, RR: 7.75)
Fall of Wickets 1-16 (2.3) Avishka Fernando, 2-48 (6.4) Kusal Perera, 3-48 (6.4) Shehan Jayasuriya, 4-81 (11.2) Kusal Mendis, 5-95 (13.5) Angelo Mathews, 6-109 (16.1) Wanindu Hasaranga,

Bowling O M R W Econ
Fabian Allen 4 0 24 2 6.00
Sheldon Cottrell, 4 0 29 1 7.25
Oshane Thomas 4 0 24 1 6.00
Andre Russell 4 0 33 0 8.25
Dwayne Bravo 4 0 35 1 8.75


Batsmen R B 4s 6s SR
Lendl Simmons b Angelo Mathews 9 8 0 0 112.50
Brandon King c Lasith Malinga b Lahiru Kumara 43 21 6 2 204.76
Shimron Hetmyer not out 43 42 3 0 102.38
Rovman Powell c Shehan Jayasuriya b Dasun Shanaka 17 17 2 0 100.00
Andre Russell not out 40 14 0 5 285.71


Extras 6 (b 0 , lb 0 , nb 0, w 6, pen 0)
Total 158/3 (17 Overs, RR: 9.29)
Fall of Wickets 1-23 (2.3) Lendl Simmons, 2-69 (7.2) Brandon King, 3-103 (12.4) Rovman Powell,

Bowling O M R W Econ
Lasith Malinga 3 0 46 0 15.33
Thisara Perera 3 0 20 0 6.67
Angelo Mathews 4 0 26 1 6.50
Shehan Jayasuriya 1 0 11 0 11.00
Lakshan Sandakan 2 0 17 1 8.50
Lahiru Kumara 3 0 28 1 9.33
Dasun Shanaka 1 0 10 1 10.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<