තියුණු ජයක් සමඟින් ශ්‍රී ලංකාව නැවතත් තරගාවලියට

265

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූ තෙවන විස්සයි – විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 9ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කෞෂාල් සිල්වාට නායකත්වයක්

සංචාරක දකුණු අප්‍රිකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සමඟ සිව්දින හා එක්දින තරගාවලියකට…

කොළඹ බී. ආර්. සී පිටියේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්  දකුණතින් පිත්ත හසුරුවන අජිත් සිල්වා ඉතාමත් දක්ෂ පිතිකරණයක නිරත වූ අතර ඔහු 4 පහර 5ක් සමඟ ලකුණු 74ක් ලබා ගත්තේය. ඔහු මීට පෙර පැවති තරග කිහිපයක දී ද ඉතාමත් හොඳින් ලකුණු රැස්කරගෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සටහන තර කර ගැනීමට සහය දැක්වූ පිතිකරුවෙකි.

නිමා වූ දෙවන තරගයේ දී ද ලකුණු 41ක් ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් මෙහෙයක් ඉටු කළ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක චන්දන දේශප්‍රිය මේ තරගයේ දී ද ලකුණු 43ක් ලබාගෙන යළිත් දස්කම් අතරට පැමිණීමට සමත් විය.  පන්දු යැවීමේ දී ඉන්දීය කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක සුනිල් රමේෂ් ලකුණු 37කට එක් කඩුල්ලක් දවාලමින් ඔහුගේ නියමිත පන්දුවාර හතර අවසන් කරන ලදි.

ක්‍රිකට් ක්‍රීඩාවත් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට

2019 වසරේ නේපාලයේ දී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට නව ක්‍රීඩා ද්විත්වයක්..

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලබා ගත් ලකුණු 190ට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම ඔවුන්ගේ නියමිත පන්දුවාර 20 තුල කඩුලු 6ක් දැවී ලබාගත්තේ ලකුණු 181ක් පමණි. එහි දී පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ සුනිල් රමේෂ් නොදැවී ලකුණු 51*ක් ලබාගෙන පිතිකරණයෙන් ද දස්කම් දක්වන ලදි. ඔහුගේ ඉනිම 4 පහර 4කින් අලංකාරවත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සහන් කුමාර හා  අජිත් සිල්වා කඩුලු 2ක බැගින් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.

මේ තරගයෙන් ලකුණු 9ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීම නිසා තරග 5කින් සමන්විත විස්සයි – විස්ස ක්‍රිකට් තරගාවලියේ තරග 2-1ක් ලෙස තරගාවලියේ උණුසුම රැක ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක්වූ අජිත් සිල්වා මේ තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය.

ශ්‍රී ලංකාව – 190/8 (20): අජිත් සිල්වා 74, චන්දන දේශප්‍රිය 43, සුනිල් රමේෂ් 1/37.

ඉන්දියාව – 181/6 (20): සුනිල් රමේෂ් 51*, සහන් කුමාර 2/38, අජිත් සිල්වා 2/42.

මේ තරගාවලියේ තීරණාත්මක සිව්වැනි හා අවසන් ක්‍රිකට් තරග දෙකම අද (24) කොළඹ බී. ආර්. සී පිටියේ පැවැත්වේ. එහි තරග තොරතුරු ද ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<