ලෝක මහද්වීපික මලල ක්‍රීඩා රන් සවාරිය යටතේ පැවති USATF Golden Games 2022 සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක ධනුෂ්ක සඳරුවන් එහි පිරිමි දුර පැනීම ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනා ගෙන තිබුණා.
තරගාවලියේ පිරිමි දුර පැනීම ඉසව්වේ මීටර් 7.90ක දස්කමක් දැක්වීමට ධනුෂ්ක සඳරුවන් සමත් වූ අතර ඔහුට ලෝකඩ පදක්කම අහිමිව ගියේ මීටර් 0.01ක පමණ කුඩා දුරකින් වීම විශේෂත්වයක්.

- ධනුෂ්ක වසර 27ක වාර්තාවක් බිඳ හෙළයි
- ජාතික මලල ක්‍රීඩා ශූරතාවයට වැස්සෙන් බාධා
- ගයන්තිකා ආධිපත්‍ය රඳවා ගද්දී නිලන්ති ජාතික කිරුළට
- උෂාන් සහ ධනුෂ්කගෙන් නැවතත් ඉහළ දස්කම්
ඇමරිකාවේ වාසය කරමින් මලල ක්‍රීඩාවේ නිරත වෙන ධනුෂ්ක සඳරුවන් ගෘහස්ථ තරගයක දී මීටර් 7.75ක දස්කමක් දක්වමින් වසර 27ක් පැරණි ගෘහස්ථ දුර පැනීමේ ජාතික වාර්තාව බිඳ හෙළීමට මෙම වසරේ දී සමත් වුනා.
ඉන්පසුව සහභාගී වූ එළිමහන් තරගයක ද, සුළඟේ වාසිය (+3.4) සමඟ මීටර් 8.10ක කැපී පෙනෙන දස්කමක් දැක්වීමට ද ධනුෂ්කට හැකි වීම විශේෂත්වයක්.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<



















