ධනුෂ්කට වැඩ වරදී; දකුණු අප්‍රිකානු තරගාවලිය අහිමි වේ

648

ක්‍රීඩකයින්ගේ ආචාර්ය ධර්ම පද්ධතිය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග පවතින ගිවිසුම කඩ කිරීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වමත් ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක හට ජාත්‍යන්තර ක්‍රිකට් තරග හයක තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (27) තීරණය කරන ලදි.

ධනුෂ්ක ගුණතිලක ගැන SLC පරීක්ෂණයක් ආරම්භ කරයි

ධනුෂ්ක ගුණතිලක හට සියලු ආකාරයේ ආකෘතිවලට බලපාන සේ ජාත්‍යන්තර තරග තහනමක් ලබා දෙන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාත්මක වූ අතර AFP පුවත් සේවය වාර්තා කරන අන්දමට…

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඇතිවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් කළ මූලික පරීක්ෂණයකින් අනතුරුව ධනුෂ්කට සියලුම ආකාරයේ ක්‍රිකට් තරග සඳහා වසරක ජාත්‍යන්තර තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත් නමුත් තරගාවලිය 2-0ක් ලෙස අවසන් වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් කරන ලද විධිමත් පරීක්ෂණයේ ප්‍රතිඵල හා පොලිස් වාර්තා සැලකිල්ලට ගෙන එම පනවා තිබූ තරග  තහනම ජාත්‍යන්තර තරග හයක් දක්වා ලිහිල් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.

ගුණතිලක හට තහනම් කර ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තරග හයෙන් තරග තුනක් ඔහුට තහනම් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩක චර්යාධර්ම පද්ධතිය කඩ කිරීම හේතුවෙනි. මීට පෙර 2017 වසරේ දී ගුණතිලකට එරෙහිව පනවා තිබූ අත්හිටවු තරග තහනමක් ක්‍රියාත්මක වෙමින් තිබිය දී නැවතත් වරදකරුවකු බවට පත්වීම හේතුවෙන් ඉතිරි ජාත්‍යන්තර ක්‍රිකට් තරග තුනක තහනම පනවා ඇත.

එම හේතුව නිසාවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩකයන්ට හිමිවන ගෙවීම් හා වරප්‍රසාද කිසිවක් ඔහුට ලබා නොදෙන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණි.

ධනුෂ්ක ගුණතිලකට අන්තර්ජාතික තරග තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘ක්‍රීඩක චර්යාධර්ම පද්ධතිය’ කඩ කිරීමේ සිද්ධියක් පිළිබඳ විමර්ශන පැවැත්වෙන තුරු ධනුෂ්ක ගුණතිලක හට වහාම ක්‍රියාත්මක වන පරිදි හට සියලු ආකාරයේ ජාත්‍යන්තර තරග …

මේ මස 29 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සියලුම තරග හා පැවැත්වෙන එකම  විස්සයි – විස්ස ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ගුණතිලක හට අහිමිව යනු ඇත. එනමුත් එළඹෙන සැප්තැම්බර් මස 15 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ඔහුට යළිත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමේ අවස්ථාව හිමි වේ.

ගුණතිලක හට දිගින් දිගටම විනය චෝදනා එල්ල වූ ඇති අතර පසුගිය වසරේ දී විස්සයි – විස්ස තුන්කොන් තරගාවලියක දී බංගලාදේශ ක්‍රීඩක තමිම් ඉක්බාල් සමඟ ඇතිවූ සිදුවීමක් පිළිබඳව ද ඔහුට චෝදනා එල්ල විය. අනතුරව පුහුණු සැසියකට සහභාගී නොවීම හා සිය ක්‍රීඩා ආම්පන්න නොමැතිව තරගයකට පැමිණීම නිසා ඔහුට මීට පෙර ද සීමිත පන්දුවාර ක්‍රිකට් තරග හයක තහනමක් ද හිමි විය. කෙසේ නමුත් දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉතාමත් හොඳින් ලකුණු අතරට පිවිසීමට ධනුෂ්ක ගුණතිලකට හැකි විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<