දඹුල්ල වෙනස් නමකින් LPL එයි

LPL 2024

57

මෙවර LPL තරගාවලියට සහභාගී වන දඹුල්ල කණ්ඩායමේ හිමිකාරිත්වය වෙනස් වී තිබෙනවා. 

ඒ අනුව මෙවර තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායමේ අයිතිය Imperial Sports Group ආයතනය වෙත හිමි වී ඇති අතර, එය මෙහෙයවනු ලබන්නේ බංග්ලාදේශ ව්‍යවසායකයින් දෙදෙනෙකු වන Tamim Rahaman සහ Golam Rakib විසිනුයි. 

මේ අනුව මෙතෙක් කල් Dambulla Aura යන නාමය යටතේ LPL තරගාවලියට සහභාගී වූ දඹුල්ල කණ්ඩායම මෙතැන් පටන් Dambulla Thunders යන නමින් තරගාවලියට ඉදිරිපත් වනු ඇති. 

සිය හිමිකාරත්වය යටතේ Dambulla Thunders කණ්ඩායම තවත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවයි නව හිමිකරුවන් සඳහන් කරන්නේ. 

2024 LPL තරගාවලිය එළඹෙන ජුලි මස පළමුවැනි දා ආරම්භ වීමට නියමිතයි. 

2024 LPL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<