ඔලිම්පික් පහස විඳගැනීමට මඟ බලා සිටින අප්‍රිකානුවන් 

153

1896 වසරේ ග්‍රීසියේ ඇතැන්ස් නුවරින් ආරම්භ වූ නූතන ඔලිම්පික් වංශකතා පොතේ මේ දක්වා ලෝකයේ විවිධ රටවල් සහ ඒවායේ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලයන් අති උත්කර්ෂවත් අයුරින් පවත්වා ඇත. නමුත් තවමත් එකඳු ඔලිම්පික් ක්‍රීඩා උළෙලක හෝ සත්කාරකත්වය ඉසිලීමේ වාසනාව අප්‍රිකානු මහද්වීපයට හිමිවී නොමැති බවට සඳහන් කළහොත් ඔබ එය විශ්වාස කරනවාද? 

2020 මලල ක්‍රීඩාවට කොහොම ද?

2020 වසර සඳහා වන මලල ක්‍රීඩා කාලසටහන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් පසුගියදා නිකුත් කෙරුනි. මෙවර මලල…..

ඔලිම්පික් තරගාවලිය පිළිබඳව සංක්ෂිතව සඳහන් කළහොත් එය ප්‍රධාන වශයෙන්ම ග්‍රීස්ම ඍතු සහ සීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල යනුවෙන් අදියර දෙකක් යටතේ සෑම දෙවසරකට වරක්ම ප්‍රත්‍යාවර්ථනය වෙමින් ක්‍රියාත්මක වේ. කෙසේනමුත් පසුකාලීනව, කාලීන අවශ්‍යතාවන් මත නොයෙකුත් ආබාධයන්ගෙන් පීඩා විඳින නමුත් ක්‍රීඩාවට ඇළුම් කරන පිරිස වෙනුවෙන් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ විය. අනාගතයේ දී ක්‍රීඩාවෙන් ලෝකය ජයගැනීමේ අපේක්ෂාවෙන් කුඩාකල සිටම පෙරුම් පුරන දක්ෂ නැඟී එන ක්‍රීඩක, ක්‍රිඩිකාවන් වෙනුවෙන් යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සංවිධානය කිරීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සමඟ එක්ව ඔලිම්පික් පදනම ද පුරෝගාමීත්වය ගෙන කටයුතු කරන ලදි. 

ඉහත සඳහන් කළ කිසිඳු තරගාවලියක් අප්‍රිකානු භූමිය තුළ සංවිධානය නොවීමට හේතු කාරණා රැසක් මවා පෑමට බොහෝ අවස්ථාවන් හිදී විවිධ පාර්ශවයන් උත්සාහ දැරූ නමුත් එම බාධක සියල්ල ජයගනිමින් ඉතිහාසයේ පළමු වරට ඔලිම්පික් තරගාවලියක සත්කාරකත්වය දැරීමේ භාග්‍ය උදාකර ගැනීමට බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන සෙනගාලය මේ වන විට සමත්ව තිබේ. 

2022 වසරේ ඔක්තොම්බර් මස 22 වනදා සිට නොවැම්බර් මස 09 වනදා දක්වා සෙනගාලයේ ඩකාර් අගනුවර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වීමට නියමිත “සිව්වැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල” සඳහා මේ වන විටත් ඔවුන් ලහි ලහියේ සූදානම් වෙමින් සිටියි. ඉතාමත් කලාතුරකින් ලැබෙන මෙවැනි අවස්ථාවකින් අප්‍රිකානු කලාපය පිළිබඳ ධනාත්මක පණිවිඩයක් ලෝකයා වෙත ගෙන යාම ඔවුන්ගේ අරමුණයි. 

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ඇතුළු ප්‍රධාන පාර්ශවයන් කිහිපයක් තරග පැවැත්වෙන කාලසීමාවන් පිළිබඳව කරන ලද පුළුල් අධ්‍යයනයකින් අනතරුව ඉහත සඳහන් කළ දින වකවානු නිර්දේෂිත විය. 

තවද 2022 වසරේ යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙහි සංවිධායක කමිටුව විසින් සිදුකළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව බේස්බෝල් සහ වූෂු යන ක්‍රීඩා ද එම ක්‍රීඩා උළෙල සඳහා එකතු කරගැනීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටු විධායක මණ්ඩලය එකඟතාවය පළකොට තිබේ. 

2020 හැඩකරන්නට අනාගතයෙන් ආ ඔලිම්පික් සුරතලා

ඔලිම්පික් ක්‍රීඩා උළෙල හා තදින්ම සබැඳුණු ඔලිම්පික් තේමා පාඨය, ධජය, නිල ගීතය වැනි සංකේතාත්මක අංගයන් කිහිපය…..

මීට අමතරව සෙනගාල් රාජ්‍යයේ සිටින යොවුන් දරු දැරියන්ගේ සක්‍රීය දායකත්වය මෙම තරගාවලිය සාර්ථක කරගැනීම සඳහා උපයෝගී කරගැනීමට ද සංවිධායක කමිටුව බලාපොරොත්තු වන අතර ක්‍රීඩාව තවදුරටත් ප්‍රචලිත කිරීම මඟින් යහපත් හෙට දවසක් සඳහා ඔවුනට අවශ්‍ය මඟ සකසා දීම මෙමඟින් සිදු කෙරේ. 

බේස්බෝල් සහ වූෂු යන ක්‍රීඩාවන් තවමත් අප්‍රිකානු කලාපීය රටවල් තුළ එතරම් ව්‍යාප්ත වී නොමැති නිසාවෙන් එම ක්‍රීඩාවන් යොවුන් ක්‍රීඩික ක්‍රීඩිකාවන් අතරට ගෙන යමින් ඔවුන්ගේ ආකර්ෂණය ඒ වෙත හිමිකර ගැනීමට මෙය මහඟු අවස්ථාවකි. තවද එම ක්‍රීඩාවන් පාලනය කරනු ලබන අදාල අන්තර්ජාතික සම්මේලනයන්ටද නව සංවර්ධන වැඩසටහන් සහ සැලසුම් නිර්මාණය කරමින් තරුණ ක්‍රීඩා තාරකාවන් හට අතහිත දීමටද මෙමඟින් දොරටු විවර වේ. 

2020 වසරේ ටෝකියෝ සහ 2024 පැරිස් ග්‍රීස්ම ඔලිම්පික් උළෙල සඳහා ප්‍රථම වතාවට ඇතුළත් වූ තරග කඳු නැගීම, රළ මත ලිස්සා යාම, ස්කේට්බෝර්ඩින්ග් වැනි ඉසව් කිහිපයක්ම බේස්බෝල් සහ වූෂු හා සමගාමීව 2022 යොවුන් ඔලිම්පික් තරගාවලිය සඳහා ඇතුළත් කර තිබීමද වඩාත් කැපී පෙනේ. 

අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සම්බන්ධීකාරක කොමිසමේ සභාපතිනි කර්ස්ටි ක’වෙන්ට්‍රි මහත්මිය සඳහන් කර සිටියේ ද මෙවැනි අන්තර්ජාතික මට්ටමේ තරගාවලියකට සත්කාරකත්වය ලබාදීම මඟින් සෙනගාලය ඇතුළුකොට ගෙන එම කලාපීය රටවල් වලට අත්පත් කරගත හැකි ප්‍රතිලාභයන් අතිමහත් බවයි. 

“සාර්ථක ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් පැවැත්වීම වෙනුවෙන් අවශ්‍ය කරන සියලුම කටයුතු මේ වන විටත් ඉතාමත් කාර්යක්ෂමව සහ ඵලදායීව සිදුකර ගෙන යනු ලබනවා. දැනට දියත් කෙරෙන වැඩපිළිවෙල පිළිබඳව මං සෑහීමකට පත්වෙනවා. මෙය සෑම අප්‍රිකානුවෙකුටම ඉතාමත් සුවිශේෂී සහ ඉතිහාසගත අවස්ථාවක්.” 

“ඉතින් මේ වන විට අපි වැදගත් තීරණ කිහිපයක් අරගෙන තියෙනවා. ඒ අතරින් නිශ්චිත දින වකවානු නියම කරගැනීම වඩාත් වැදගත් වෙනවා කියලා මං විශ්වාස කරනවා. මොකද තරුණ ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට දැන්ම ඉඳන් අවස්ථාව තියෙනවා තමන්ගේ පුහුණු වීම් කටයුතු නිසි පරිදි සැලසුම් කරලා තරගාවලිය පවත්වන කාලසීමාව තුළදී හොඳ සූදානමිකින් ඒ සඳහා සහභාගී වෙන්න.” 

බේස්බෝල් ලෙස හැඳින්වෙන ක්‍රීඩාව නිර්මාණය වී තිබෙන්නේ බේස්බෝල් සහ සොෆ්ට්බෝල් යන ඉසව්වන්ගේ ආභාෂය උපයෝගී කරගනිමිනි. මෙය තවත් ආකාරයකින් වැදගත් ක්‍රීඩා ඉසව්වක් බවට පත්වන්නේ ඔලිම්පික් ඉතිහාසය තුළ ක්‍රියාත්මක කෙරෙන පළමු මිශ්‍ර කණ්ඩායම් ක්‍රීඩා ඉසව්ව (ක්‍රීඩිකාවන් 4ක් සහ ක්‍රීඩකයින් 4ක්) ලෙස වාර්තා පොත් අතර එකතුවන නිසාවෙනි. අන්තර්ජාතික බේස්බෝල් සහ සොෆ්ට්බෝල් සම්මේලනයේ අනුමැතිය යටතේ ක්‍රියාත්මක වන මෙම බේස්බෝල් ක්‍රීඩාව ඕනෑම ස්ථානයක දී පුහුණු විය හැකි ඉතාමත් උද්වේගකර ඉසව්වක් ලෙස රසික රසිකාවියන් අතර ප්‍රචලිතය. 

ආසියානු අභියෝගය ජය ගැනීමට ක්‍රීඩිකාවන් 22 දෙනෙකු සූදානමින්

දකුණු කොරියාව කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වීමට නියමිත 2020 ආසියානු දැල්පන්දු ශූරතාවය සඳහා වන අවසන් ශ්‍රී ලංකා…..

2014 වසරේ දී නැන්ජින් හි පැවති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී නිල ඉසව්වක් වශයෙන් ඇතුළත් නොවූ නමුත් මෙවර ඉතිහාසයේ පළමු වරට වූෂු ක්‍රීඩාව යොවුන් ඔලිම්පික් උළෙලක් සඳහා ඇතුළත් කරගැනීම ද සුවිශේෂී වේ. මෙහිදී කාන්තා සහ පිරිමි යන අංශයන් යටතේ ඉසව් දෙක බැඟින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. අන්තර්ජාතික වූෂු සම්මේලනයේ දත්ත වාර්තාවන්ට අනුව අප්‍රිකානු රටවල් 39 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් මිලියන 3 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විටත් ඔවුන් යටතේ ලියාපදිංචිව සක්‍රීයව ක්‍රීඩාවෙහි නියැලෙන බවට වාර්තා වේ. 

මෙම ක්‍රීඩා ඉසව්වන් දෙක පැවැත්වීම සඳහා වන උචිත ක්‍රීඩා පරිශ්‍රයන් පිළිබඳව අවසන් තීරණයක් තවමත් ගෙන නොමැති නමුත් Abdou Diouf අන්තර්ජාතික ක්‍රීඩා සංකීර්ණය මේ සඳහා යොදාගැනීමට වැඩි ඉඩකඩක් පවතින බවද ආරංචි මාර්ග සඳහන් කර සිටී. යොවුන් ඔලිම්පික් ගම්මානයේ සිට මිනිත්තු 10 ක වැනි කෙටි කාලයක් තුළදී ළඟා වීමේ හැකියාවක් පවතින නිසාවෙන් සහ එහි දැනටමත් පවතින ප්‍රමාණවත් යටිතල පහසුකම් සහ අනෙකුත් පහසුකම් සියල්ල නිසාවෙනුත් මෙය සුදුසුම ස්ථානය වනු ඇති බවට ඔවුන් අනුමාන කර ඇත. 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට <<