Home Sinhala ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ක්‍රිකට් වංශ කතාව අලුත් කරයි

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ක්‍රිකට් වංශ කතාව අලුත් කරයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2023

207

Derby හිදී එංගලන්තයට එරෙහිව කඩුලු 7ක සුපිරි ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරග 3කින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඊයේ (06) රාත්‍රියේ දී සමත් වුනා.

මෙය එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඕනෑම තරග ආකෘතියක දී ශ්‍රී ලංකාව තරගාවලි ජයක් වාර්තා කළ පළමු අවස්ථාව ලෙසින් ද ඉතිහාසයට එක් වුනා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුව පිතිකරණයට ප්‍රතිවාදීන්ට ආරාධනා කළ අතර, එහි දී එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 19ක දී ලකුණ 116කට සීමා කිරීමට නායිකා චමරි අතපත්තු ප්‍රමුඛ පන්දු යවන්නියෝ සමත් වුනා.

සෙසු පන්දු යවන්නියන්ට ආදර්ශයක් වෙමින් පන්දු යැවූ ශ්‍රී ලංකා නායිකාව පන්දුවාර 4ක දී ලකුණු 21ක් ලබා දී කඩුලු 3ක් දවා ගනිද්දී, කවීෂා දිල්හාරි සහ උදේශිකා ප්‍රබෝධනී කඩුලු 2 බැගින් දවා ගත්තා.

එම කැපී පෙනෙන පන්දු යැවීමේ දක්ෂතා නිසා එංගලන්තය පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවාර 20 අවසන් වීමට පෙර දවා ගන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. එංගලන්ත කාන්තා කණ්ඩායම මීට දින 4කට පෙර පැවති දෙවැනි විස්සයි විස්ස තරගයේ දී ද පන්දුවාර 18ක් ඇතුළත ලකුණු 104කට දැවී ගියා.

ජයග්‍රාහී ඉලක්කය හඹා යෑමේ දී පිතිකරණයෙන් ද සාර්ථක වූ ආරම්භක පිතිකාරිණි චමරි අතපත්තු 6 පහර 2ක් සහ 4 පහර 5ක් සමඟින් පන්දු 28ක දී වේගවත් ලකුණු 44ක් ලබා ගත්තා.

පෙර තරගයේ දී අර්ධ ශතකයක් රැස් කළ ද ඊයේ දිනයේ දී චමරිට අර්ධ ශතකය ලබා ගැනීමට තිබූ අවස්ථාව අවාසනාවන්ත ලෙස අහිමි වුවත්, දැවී යෑමට මත්තෙන් තම කණ්ඩායමට අවශ්‍ය ජයග්‍රාහී අඩිතාලම සකස් කර දෙන්නට ඇයට හැකි වුනා.

මෙම පිතිහරඹය ද සමඟින් ශ්‍රී ලංකාව මෙම සුවිශේෂී ජයග්‍රහණය සනිටුහන් කරන විට පන්දු 18ක් සහ කඩුලු 7ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබුණා.

එංගලන්තයේ මෙම තරගාවලි පරාජය 2010 වසරෙන් පසු ද්වීපාර්ශවීය විස්සයි විස්ස තරගාවලියක දී ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වීමෙන් පසු පරාජයට පත් වුණු පළමු තරගාවලි පරාජය ලෙස වාර්තා අතරට එකතු වුනා.

2022–2025 ICC කාන්තා ක්‍රිකට් ශූරතාවලියට අයත් දෙරට අතර පැවැත්වීමට නියමිත එක්දින

තරගාවලියේ පළමු තරගය මේ මස 9 වැනිදා Chester-le-Street හිදී ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන එන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Result


England Women
116/10 (19)

Sri Lanka Women
117/3 (17)

Batsmen R B 4s 6s SR
Danni Wyatt c Hasini Perera b Inoshi Priyadarshani 0 1 0 0 0.00
Maia Bouchier c Kavisha Dilhari b Udeshika Prabodhani 23 18 4 0 127.78
Alice Capsey run out (Anushka Sanjeewani) 9 8 2 0 112.50
Heather Knight lbw b Kavisha Dilhari 18 19 2 0 94.74
Amy Jones st Anushka Sanjeewani b Chamari Athapaththu 20 17 3 0 117.65
Freya Kemp c Nilakshi de Silva b Kavisha Dilhari 1 6 0 0 16.67
Danielle Gibson b Udeshika Prabodhani 21 15 3 0 140.00
Charlie Dean b Inoka Ranaweera 5 9 0 0 55.56
Sarah Glenn not out 16 17 2 0 94.12
Kate Cross st Anushka Sanjeewani b Chamari Athapaththu 2 3 0 0 66.67
Mahika Gaur lbw b Chamari Athapaththu 0 1 0 0 0.00


Extras 1 (b 0 , lb 0 , nb 0, w 1, pen 0)
Total 116/10 (19 Overs, RR: 6.11)
Bowling O M R W Econ
Inoshi Priyadarshani 2 0 15 1 7.50
Udeshika Prabodhani 3 0 16 2 5.33
Chamari Athapaththu 4 0 21 3 5.25
Sugandika Kumari 4 0 28 0 7.00
Inoka Ranaweera 3 0 20 1 6.67
Kavisha Dilhari 3 0 16 2 5.33


Batsmen R B 4s 6s SR
Chamari Athapaththu c Charlie Dean b Alice Capsey 44 28 5 2 157.14
Anushka Sanjeewani c Alice Capsey b Sarah Glenn 20 16 1 0 125.00
Harshitha Samarawickrama not out 26 28 1 0 92.86
Vishmi Gunaratne lbw b Sarah Glenn 8 17 1 0 47.06
Hasini Perera not out 9 13 1 0 69.23


Extras 10 (b 0 , lb 3 , nb 0, w 7, pen 0)
Total 117/3 (17 Overs, RR: 6.88)
Bowling O M R W Econ
Mahika Gaur 3 0 22 0 7.33
Kate Cross 3 0 20 0 6.67
Charlie Dean 3 0 23 0 7.67
Sarah Glenn 4 0 23 2 5.75
Alice Capsey 3 0 21 1 7.00
Danielle Gibson 1 0 5 0 5.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<